දුනිත් වෙල්ලාලගේට ලකුණු 4 කින් ද්විත්ව ශතකය මඟ හැරෙයි

19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2019/20

82

අනාගතයේ ලොව දිනන දරුවන් පාසල් ක්‍රිකට් ක්‍රීඩාව තුළින් ඉදිරියට රැගෙන ඒම අරමුණු කරගනිමින් පවත්වනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමුපෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (13) දිනයේ දී ආරම්භ විය.

නාලන්දා විද්‍යාලය ගුරුකුල හමුවේ සිය අණසක පතුරුවයි

දකුණතින් පිතිකරණයේ නිරත වන නායක අවිශ්ක පෙරේරා සහ දකුණතින්…..

මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය 

D කාණ්ඩයේ තරගයක් ලෙස සාන්ත සෙබස්තියන් විද්‍යාල පිටියේ දී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් සත්කාරක සාන්ත සෙබස්තියන් විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට තීරණය කරන ලදි. 

එහිදී ඔවුන්ගේ පළමු ඉනිම වෙනුවෙන් සුකිත ප්‍රසන්න, නිෂිත අභිලාෂ් අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ගේ පළමු ඉනිම සඳහා කඩුලු 9 ක් දැවී ලකුණු 274 ක් රැස්කර ගැනීමට හැකි විය. ඒ වන විට පන්දුවාර 55 ක් සඳහා මුහුණ දී සිටි සෙබස්තියන් විද්‍යාලය ඔවුන්ගේ පළමු ඉනිම අත්හිටුවන ලද්දේ සිය ප්‍රතිවාදීන් වූ සාන්ත ජෝසප් වාස් විද්‍යාලයට පිතිකරණයේ නිරත වීම සඳහා අවස්ථාව ලබා දෙමිනි. 

Photos: St. Sebastian’s College Vs St. Joseph Vaz College | U19 Cricket Tournament 2019/20

ඒ අවසරයෙන් පිටියට පිවිසි සංචාරක සාන්ත ජෝසප් වාස් විද්‍යාලය වෙනුවෙන් සටන්කාමී ශතකයක් වාර්තා කිරීමට නෙත්මල් ද සොයිසා සමත් වූයේය. තරගයේ පළමු දිනය අවසන් වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින සාන්ත ජෝසප් වාස් විද්‍යාලය කඩුලු 4 ක් දැවී ලකුණු 134 ක් රැස්කර ගෙන සිටින්නේ සාන්ත සෙබස්තියන් විද්‍යාල පළමු ඉනිමට වඩා ලකුණු 140 ක් පසුපසින් සිටිමිනි. 

මෙම තරගය හෙට දිනයේ දීද සජීව ලෙස ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටියි. 

සාන්ත සෙබස්තියන් විද්‍යාලය : 274/9d (55) සුකිත ප්‍රසන්න 56, නිෂිත අභිලාෂ් 53, කුෂාන් හේරත් 31, යෂාන් අවිශ්ක 24, මෙනූෂ පෙරේරා 3/59, විශ්ව රාජපක්ෂ 3/68, දනුක නිර්මාල් 2/52. 

සාන්ත ජෝසප් වාස් විද්‍යාලය (පළමු දිනය අවසානයේ) : 134/4 (40) නෙත්මල් ද සොයිසා 62, ඩියාන් පතිරණ 36, සුපුන් ප්‍රනාන්දු 2/26. 


කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය සහ මහනුවර ධර්මරාජ විද්‍යාලය 

තරගයේ පළමු දිනය තුළම ශතක දෙකක් වාර්තා වූ මෙම තරගය B කාණ්ඩයේ තරගයක් ලෙස කුරුණෑගල සාන්ත ආනා විදුහල් ක්‍රිකට් පිටියේ දී පැවැත්වේ. 

කාසියේ වාසිය දිනා ගත් සත්කාරක සාන්ත ආනා විද්‍යාල මුල්පෙළ පිතිකරුවන් ලබා දුන් සාර්ථක ආරම්භය නිසා ඔවුන්ගේ පළමු ඉනිම ඉතාමත් හොඳ මට්ටමක් දක්වා රැගෙන යාමට ඔවුන්ට හැකි විය. උප නායක ලසිත් වර්ණකුලසූරිය සහ නායක කවිඳු රණසිංහ පිළිවෙලින් ලකුණු 123 ක් සහ ලකුණු 112 ක් රැස්කර ගනිමින් සුපිරි ඉනිමක් දියත් කළේය. අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 331 ක් රැස්කර ගෙන සිටි සාන්ත ආනා විද්‍යාලය ඔවුන්ගේ පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කරන ලදි. 

තරගයේ පළමු දිනය අවසන් වන විට සිය පිළිතුරු පළමු ඉනිම දියත් කරන ධර්මරාජ විද්‍යාලය කඩුල්ලක් දැවී ලකුණු 8 ක් රැස්කර ගෙන සිටියි.  

සාන්ත ආනා විද්‍යාලය : 331/9d (88.2) ලසිත් වර්ණකුලසූරිය 123, කවිඳු රණසිංහ 112, කවිඳු ඒකනායක 28, යසිත සමරරත්න 3/74, උපේන්ද්‍ර වර්ණකුලසූරිය 3/103, දුලාජ් බණ්ඩාර 2/42. 

ධර්මරාජ විද්‍යාලය (පළමු දිනය අවසානයේ) : 8/1 (4) 

ලෙවිස්ගේ ශතකයෙන් කොදෙව් පිළට පූර්ණ තරගාවලි ජයක්!

සංචාරක අයර්ලන්ත කණ්ඩායම සමඟ පැවති තෙවැනි එක්දින තරගයත් කඩුලු….


සාන්ත ජෝසප් විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය 

සිය ද්විත්ව ශතකය සඳහා අවාසනාවන්ත ලෙස ලකුණු 4 ක් රැස්කර ගැනීමට නොහැකි වූ දුනිත් වෙල්ලාලගේ මෙම තරගයේ දී ලකුණු 196 ක් රැස්කර ගනිමින් සාන්ත ජෝසප් පළමු ඉනිම ලකුණු 402 ක් දක්වා ඔසවා තබන ලද්දේ, ඉසිපතන විද්‍යාලයට දැඩි පීඩනයක් ලබා දෙමිනි. 

කෝල්ට්ස් ක්‍රිකට් පිටියේ දී A කාණ්ඩයේ තරගයක් ලෙස ක්‍රියාත්මක වූ මෙම තරගයේ දී වෙල්ලාලගේ රැස්කර ගත් ලකුණු 196 ට අමතරව සදීෂ් ජයවර්ධන සහ මිරංග වික්‍රමගේ ලකුණු 44 බැගින් රැස්කර ගත්හ. පන්දු යැවීමේ දී සවිඳු උත්සර ලකුණු 86 කට කඩුලු 5 ක් දවා ගන්නා ලදි. 

කාසියේ වාසිය දිනා ගෙන පළමුව පන්දු රකින ලද ඉසිපතන විද්‍යාලය තරගයේ පළමු දිනය අවසන් වන විට ඔවුන්ගේ පළමු ඉනිම සඳහා කිසිවෙක් නොදැවී ලකුණු 27 ක් රැස්කර ගෙන සිටියි. 

සාන්ත ජෝසප් විද්‍යාලය : 402 (86.1) දුනිත් වෙල්ලාලගේ 196, සදීෂ් ජයවර්ධන 44, මිරංග වික්‍රමගේ 44, දිනෙත් ජයකොඩි 28, ජොහෑන් ද සිල්වා 27, ශෙවෝන් ඩැනියල් 27, සවිඳු උත්සර 5/86. 

ඉසිපතන විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 27/0 (6) 

පළමු දිනයට ක්‍රියාත්මක වූ මෙම තරග සියල්ලම හෙට (14) දිනයේ දී දෙවන දිනයටත් ක්‍රියාත්මක වෙනු ඇත. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<