කවිඳු, ජොහෑන්, සඳුන් සහ කෞෂිතගෙන් අර්ධ ශතක

93
Schools Cricket

සිංගර් ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තරග කිහිපයක් අද (8) දිවයින පුරා විසිරුණු ක්‍රිකට් ක්‍රීඩාංගණ කිහිපයක දී පැවැත්විය.

තරග දෙකක් දෙවන සහ අවසන් දිනය වෙනුවෙන් ක්‍රියාත්මක වූ අතර තවත් තරග දෙකක් අද පළමු දිනයට ක්‍රියාත්මක විය. දිනය තුල ක්‍රියාත්මක වූ තරග කිහිපය තුල අර්ධ ශතක 4ක් සහ කඩුලු 6ක් දවාගෙන දැක්වූ දස්කම් දෙකක් වාර්තා විය.

තරිඳු, සහන් සහ කුෂාන්ගෙන් වැඩි දස්කම්

සිංගර් ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු

දෙවන දිනයට පැවති තරග 

වේල්ස් කුමර විද්‍යාලය හා ගාල්ල මහින්ද විද්‍යාලය 

ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී ජය පරාජයෙන් තොරව නිමා වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් වේල්ස් කුමර විද්‍යාල නායක නදුක ප්‍රනාන්දු පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර වේල්ස් කුමර විද්‍යාල පිතිකරුවන් මහින්ද විද්‍යාලයට එරෙහිව  සියල්ලන්ම දැවී ලකුණු 232ක මට්ටමකට යාමට සමත් විය. 

වමතින් පා දඟපන්දු යවන කුෂාන් මදූෂ දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් වේල්ස් කුමාර විද්‍යාල පළමු ඉනිම සුනුවිසුනු කර දමන විට, ඔවුන්ගේ ඉනිම තරගයක් දිය හැකි මට්ටමක් දක්වා රැගෙන ගිය තරිඳු අමරසිංහ හා විනුජ රන්පුල් පිළිවෙළින් ලකුණු 59ක් හා ලකුණු 32ක් ලබා ගන්නා ලදි.

වේල්ස් කුමාර විද්‍යාල පළමු ඉනිමට පිළිතුරු දීම වෙනුවෙන් පිටියට පැමිණි සත්කාරක මහින්ද පිතිකරුවන් තරගයේ දෙවන දිනය ආරම්භ වන විට කඩුලු 2ක් දැවී ලකුණු 43ක් ලබාගෙන සිටියේය. 

කවිඳු ලක්ෂාන් (ලකුණු 77*) හා එක්වූ කෞෂිත කොඩිතුවක්කු (ලකුණු 52) ඉතාමත් හොඳ සබඳතාවයක් ගොඩනංවමින් වේල්ස් කුමාර විද්‍යාල පළමු ඉනිම අභිබවා මහින්ද විද්‍යාල ලකුණු සටහන රැගෙන එන ලදි. ඔවුන් දෙදෙනාට අමතරව ඉනිමේ වැඩිම ලකුණු ලාභීන් අතරට එක්වූ සදෙව් ඉඳුවර ලකුණු 44ක් ලබා ගත්තේය.

වේල්ස් කුමර විද්‍යාල පළමු ඉනිම – 232 (76.2): තරිඳු අමරසිංහ 59, විනුජ රන්පුල් 32, අශාන් ප්‍රනාන්දු 31, ඔමේෂ් මෙන්ඩිස් 28, බිනුර ප්‍රනාන්දු 24, කුෂාන් මදූෂ 6/67, සුභානු රාජපක්ෂ 2/55.

මහින්ද විද්‍යාල පළමු ඉනිම – 249/8 (93): කවිඳු ලක්ෂාන් 77*, කෞෂිත කොඩිතුවක්කු 52, සදෙව් ඉඳුවර 44, රවිඳු ජනිත් 4/88, ලක්ෂාන් පෙරේරා 3/52.

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය සාන්ත ආනවරුන් මවිත කරයි

සිංගර් ශ්‍රී ලංකා ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව


මාතර රාහුල විද්‍යාලය හා මහනුවර ධර්මරාජ විද්‍යාලය 

මෙම සුහද තරගයේ කාසියේ වාසිය දිනා ගත් ධර්මරාජ විද්‍යාල නායක දුලාජ් බණ්ඩාර සිය විද්‍යාල තණතීරුව මත පළමුව පන්දුවට පහර දීමට සිය ප්‍රතිවාදීන්ට ආරාධනා කළේය. 

තරගයේ පළමු දිනය අවසන් වන විට සිය පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ධර්මරාජ විද්‍යාලය කඩුලු 2ක් දැවී ලකුණු 39ක් ලබාගෙන සිටියේ රාහුල විද්‍යාල පළමු ඉනිමට වඩා තවත් ලකුණු 159ක් පසුපසින් සිටිමිනි. 

දෙවන දිනයේ මුල් පැය කිහිපය තුල පන්දුවාර 64ක් ක්‍රීඩා කළ ධර්මරාජ ක්‍රීඩකයින් සිය පළමු ඉනිම ලකුණු 141ක් දක්වා රැගෙන ආ නමුත් රාහුල විද්‍යාල පළමු ඉනිම අභිබවා ඉදිරියට යාමට ඔවුන්ට අවස්ථාව නොලැබුණේ මනුජ දුල්නෙත් යැවූ දක්ෂ පන්දු යැවීම නිසයි. මනුජ රාහුල විද්‍යාලය වෙනුවෙන් ධර්මරාජ කඩුලු 6ක් දවා ගන්නා ලදි. 

තරගය ජය පරාජයෙන් තොරව අවසන් වන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි රාහුල විද්‍යාලය කඩුලු 2ක් දැවී ලකුණු 10ක් රැස්කරගෙන තිබුණි. 

රාහුල විද්‍යාල පළමු ඉනිම – 198 (54.4): චමුදිත ඩිල්ශාන් 36, භාග්‍ය එදිරිවීර 30, ලකිඳු චමෝද්‍ය 29, චමෝද් පුෂ්ප 25, සහන් සිරිවර්ධන 5/45, තුෂාන් හේරත් 2/36

ධර්මරාජ විද්‍යාල පළමු ඉනිම – 141/9d (75): දුලාජ් බණ්ඩාර 35, ඉසුරු දයානන්ද 25, මනුජ දුල්නෙත්  6/26.

රාහුල විද්‍යාල දෙවන ඉනිම – 10/2 (2):

සිංහයින්ගේ සුපිරි ජයග්‍රහණයෙන් බුකිය කැලඹේ!

පාකිස්තානය සමඟින් පැවති දෙවන විස්සයි විස්ස


පළමු දිනයට පැවැත්වූ තරග 

වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය හා කොළඹ තර්ස්ටන් විද්‍යාලය 

C කාණ්ඩයේ තරගයක් ලෙස පැවති මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් තර්ස්ටන් විද්‍යාලය පළමුව පන්දු යවන ලදි. 

වත්තල සාන්ත අන්තෝනි විද්‍යාල පළමු ඉනිම – 183 (58.3): සඳුන් මදුසංක 56, නිසල් සිල්වා 37, අමිත සංදීප 24, තවීෂ දුලංජන  24, පුන්තිල කුමාර 6/38, බවන්ත ජයසිංහ 2/46

තර්ස්ටන් විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 118/4 (28): ධනංජය ද සිල්වා 42, අවිශ්ක කෞෂාල්  40


මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය හා සාන්ත ජෝසප් විද්‍යාලය 

කාසියේ වාසිය දිනා ගත් සත්කාරක මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය මේ තරගයේ පළමුව පන්දුවට පහර දෙන ලදි. තරගය A කාණ්ඩයේ තරගයක් ලෙස පැවැත්වේ.

මාරිස් ස්ටෙල්ලා විද්‍යාල පළමු ඉනිම – 169 (51.1): තිලින පෙරේරා 37, ශාන් විජේසිංහ 30, සංදීප ප්‍රනාන්දු 23, සහන් පෙරේරා 23, දුනිත් වෙල්ලාලගේ 3/35, ලක්ෂාන් ගමගේ 3/43.

සාන්ත ජෝසප් විද්‍යාල පළමු ඉනිම (පළමු  අවසානයේ) – 136/5 (34.2): ජොහෑන් ද සිල්වා 57, ශෙරන් ෆොන්සේකා 53*, තිලින පෙරේරා 2/30.

පළමු දිනයට පැවැත්වූ තරග සියල්ලම හෙට (9) දෙවන දිනයටත් පැවැත්වේ.

තරගාවලියේ උණුසුම් තතු, තරග වාර්තා, තරග සේයා රූ ඇතුළු තවත් බොහෝ දේ  ඔබේ වෙත සමීප කිරීමට ThePapare.com සූදානමින් සිටියි. රැඳී සිටින්න අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<