15 පොඩ්ඩෙක්ගෙන් කඩුලු ත්‍රිත්වයක්

59

සිංගර් ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තරග කිහිපයක් අද (10) දිවයින පුරා විසිරුණු ක්‍රිකට් ක්‍රීඩාංගණ කිහිපයක දී පැවැත්විය.

තර්ස්ටන් හා සාන්ත ජෝසප් විද්‍යාල පළමු ඉනිම ජය ගනී

සිංගර් ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ…..

  • දෙවන දිනයට පැවැත්වූ තරග

කොළඹ නාලන්දා විද්‍යාලය හා මහනුවර සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය 

නාලන්ද විද්‍යාලයට ඉනිමක හා ලකුණු 20ක ජයක් හිමි වූ මෙම තරගය නාලන්දා විදුහල් ක්‍රිකට් පිටියේ දී නිමා විය. 

මේ තරගයේ දී කැපී පෙනෙන දස්කම් දැක්වූ වයස අවුරුදු 15ක් වන වමතින් දඟපන්දු යවන සජිත විතානගේ කඩුලු 10ක් දවා ගත්තේ පළමු ඉනිමේ දවා ගත් කඩුලු ත්‍රිත්වය ද සමඟයි. එය මෙවර තරග වාරය තුල වාර්තා වූ පළමු කඩුලු ත්‍රිත්වයේ අවස්ථාව විය.

කාසියේ වාසිය දිනා ගත් සංචාරක සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය මේ තරගයේ පළමුව පන්දු යවන ලදි. ඔවුන්ගේ පන්දු යවන්නන්ට එරෙහිව නාලන්දා විද්‍යාල පිතිකරුවන් ලකුණු 261ක් වාර්තා කරගත්තේය. 

ඉනිමේ වැඩිම ලකුණු ලබා ගත් ජිතේෂ් වාසල ලකුණු 88ක් ලබා ගන්නා විට, නායක අවිශ්ක පෙරේරා ලකුණු 63ක් ලබාගෙන ඉනිමේ වාර්තා වූ දෙවන අර්ධ ශතකය සඳහා හිමිකම් කියන ලදි. කවිෂ්ක ඩිල්ශාන් කඩුලු 4යි.

දෙවන දිනය වූ අද දිනය සඳහා තරගය ආරම්භ කරන විට සාන්ත සිල්වෙස්ටර් විද්‍යාල පළමු ඉනිම ලකුණු 70කට සීමා වී තිබූ අතර දිනය ආරම්භ කරමින් නැවත වතාවක් ඔවුන්ට  පන්දුවට පහර දීමට නාලන්දා විද්‍යාලය අවස්ථාව ලබා දුන්නේ ඉනිමක ජයක් අපේක්ෂාවෙනි. 

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාල  ක්‍රීඩකයින් ඔවුන්ගේ දෙවන ඉනිම ආරම්භ කළේ ඉනිමක පරාජයෙන් කෙසේ හෝ බේරීමේ අරමුණ ඇතිව වුවත්, ඒ සඳහා ඔවුන්ට ලකුණු 191ක ඉලක්කයක් තිබුණි. 

කෙසේ නමුත් පළමු ඉනිමේ දී ක්‍රියාත්මක වූ  සජිත දෙවන ඉනිමේ දී ද ක්‍රියාත්මක වෙමින් දක්ෂ පන්දු යැවීමක නිරත වූ නිසා කවිෂ්ක ඩිල්ශාන් ඇතුළු සාන්ත සිල්වෙස්ටර් පිතිකරුවන්ට ඔවුන්ගේ ඉලක්කය කර ළඟා වීමට නොහැකි විය. ඉනිමේ අවසානය දක්වා පිතිකරණයේ නිරත වූ ඩිල්ශාන් නොදැවී ලකුණු 40*ක් වාර්තා කරගන්නා ලදි.

නාලන්දා විද්‍යාල පළමු ඉනිම – 261 (67): ජිතේෂ් වාසල 88, අවිශ්ක පෙරේරා 63, ලක්ෂාන් මායාදුන්නේ 38, චනුල අතුකෝරල 28, කවිෂ්ක ඩිල්ශාන් 4/71, ශෂික බස්නායක 3/57.

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාල පළමු ඉනිම – 70 (27.2): කසුන් එදිරිතිලක 30, චන්දුල ජයකොඩි  26, සජිත විතානගේ 4/15, චමෝද්‍ය රාජපක්ෂ 2/16.

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාල දෙවන ඉනිම (F/O) –  171 (67.4): කවිෂ්ක ඩිල්ශාන් 40*, චන්දුල ජයකොඩි 33, සජිත විතානගේ 6/63, චමෝද්‍ය රාජපක්ෂ 2/37.

නාලන්ද විද්‍යාලයට ඉනිමක හා ලකුණු 20ක ජයක්.

කවිඳු, ජොහෑන්, සඳුන් සහ කෞෂිතගෙන් අර්ධ ශතක

සිංගර් ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ….

  • පළමු දිනයට පැවැත්වූ තරග

ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය හා කොළඹ රාජකීය විද්‍යාලය 

කාසියේ වාසිය දිනා ගත් සත්කාරක සාන්ත ඇලෝසියස් විද්‍යාලය මේ තරගයේ පළමුව පන්දුවට පහර දෙන ලදි. තරගය A කාණ්ඩයේ තරගයක් ලෙස පැවැත්වේ. 

සාන්ත ඇලෝසියස් විද්‍යාල පළමු ඉනිම – 181 (62.4): රවිඳු කාංචන 36, කවිඳු දිල්හාර 30, ඔමල් සන්දිත් 29, ගිශාන් බාලසූරිය 4/30, මනුල පෙරේරා 2/43, කෞෂාන් කුලසූරිය 2/46.

රාජකීය විද්‍යාලය (පළමු දිනය අවසානයේ)  – 97/7 (31): කවිඳු පතිරත්න 43*, සදීෂ රාජපක්ෂ 20, නිදුක මල්සිත් 3/18.


කඳාන ද මැසනොඩ් විද්‍යාලය හා ගාල්ල සාන්ත සර්වේසස් විද්‍යාලය

සුහද කාණ්ඩයේ තරගයක් ලෙස පැවති මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් සාන්ත සර්වේසස් විද්‍යාලය පළමුව පන්දු යවන ලදි. තරගය ද මැසනොඩ් විද්‍යාල ක්‍රිකට් පිටියේ දී පැවැත්වේ. 

ද මැසනොඩ් විද්‍යාලය – 224 (55.3): සහන් කෝසල 96, නිම්න ප්‍රනාන්දු 24, චමෝද් දනංජය 24, චිරන් මෙත්තරු 4/16.

සාන්ත සර්වේසස් විද්‍යාලය (පළමු දිනය අවසානයේ)  -119/6 (37): කේෂර නුවන්ත 54, නිපුන අංජන 23, සෙනහස් ප්‍රනාන්දු 3/22.

පළමු දිනයට පැවැත්වූ තරග හෙට (11) දෙවන දිනයටත් පැවැත්වේ.

තරගාවලියේ උණුසුම් තතු, තරග වාර්තා, තරග සේයා රූ ඇතුළු තවත් බොහෝ දේ  ඔබේ වෙත සමීප කිරීමට ThePapare.com සූදානමින් සිටියි. රැඳී සිටින්න අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<