සාන්ත පීතර, අන්තෝනි සහ ත්‍රිත්ව විද්‍යාල වලට සුපිරි ජයග්‍රහණ

19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2019/20

115

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමුපෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග හයක් අද (11) දිනයේ දී ක්‍රියාත්මක විය.  

තර්ස්ටන් සහ ධර්මාශෝක විද්‍යාල පූර්ණ ජය ලබයි

වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග අටක් ඊයේ (10) දිනයේ දී ක්‍රියාත්මක විය.

දෙවන දිනයට පැවති තරග 

මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ සාන්ත පීතර විද්‍යාලය 

දකුණතින් පිට දඟපන්දු යවන ක්‍රීඩක රුවින් සෙනෙවිරත්න දැක්වූ සුපිරි දක්ෂතාවයන් (ලකුණු 74 කට කඩුලු 11 ක්) නිසාවෙන් සාන්ත සෙබස්තියන් විද්‍යාලයට එරෙහිව කඩුලු 10 ක ජයක් හිමිකර ගැනීමට සංචාරක සාන්ත පීතර විද්‍යාලය සමත් විය. 

සුහද කාණ්ඩයේ තරගයක් ලෙස සාන්ත සෙබස්තියන් පිටියේ දී නිමාවූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් සාන්ත පීතර විද්‍යාලය පළමුව පන්දුවට පහර දෙන ලදි. 

සාන්ත පීතර විද්‍යාලය : 242 (55.4) ෂැනොන් ප්‍රනාන්දු 69, බානුක ද සිල්වා 37, වනුජ කුමාර 35, නිපුනක ෆොන්සේකා 21, කලන සංදීප 5/64, සුපුන් ප්‍රනාන්දු 4/53. සහ 11/0 (1.4) 

සාන්ත සෙබස්තියන් විද්‍යාලය : 104 (40.2) නිලාෂ් පෙරේරා 22, නිෂිත අභිලාෂ් 21, රුවින් සෙනෙවිරත්න  6/25, විනුද ලියනගේ 2/22. සහ 146 (38.5) සුකිත ප්‍රසන්න 50, කලන සංදීප 23, රුවින් සෙනෙවිරත්න 5/49, කනිෂ්ක මධුවන්ත 2/40, වනුජ කුමාර 2/21. 

සාන්ත පීතර විද්‍යාලයට කඩුලු 10 ක ජයක් හිමි විය. 


ත්‍රිත්ව විද්‍යාලය සහ සහිරා විද්‍යාලය 

දැනට D කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ රැඳී සිටින සහිරා විද්‍යාල කණ්ඩායමට ත්‍රිත්ව විද්‍යාලය හමුවේ අද නිමාවූ තරගයෙන් ඉනිමක සහ ලකුණු 19 ක පරාජයක් උරුම විය. 

අභිෂේක් ආනන්දකුමාර් සිය තුන් ඉරියව් දස්කම් වර්ධනය කරගනිමින් ගෙවී ගිය දින කිහිපය පුරාවට පන්දුවෙන් සහ පිතිකරණයෙන් එක ලෙස දස්කම් දැක්වූ අතර අද දින නිමා වූ මෙම තරගයේ දීද පිතිකරණයෙන් ලකුණු 78 ක් සහ පන්දු යැවීමේ දී කඩුලු 10 ක් දවා ගත්තේය. 

ත්‍රිත්ව විද්‍යාලය : 235 (46.1) අභිෂේක් ආනන්දකුමාර් 78, ශේන් ගුණතිලක 40, උමෙයිර් රයිසාන් 32, පසන් ගනේගොඩ 24, ඉම්තියාස් ස්ලසා 4/104, මොහොමඩ් මහදි 3/33, ඉශාක් රූහයිම් 2/45. 

සහිරා විද්‍යාලය : 115 (46.3) අභිෂේක් ආනන්දකුමාර් 5/34. සහ 101 (42.2) මොහොමඩ් රාශිඩ් 54, අභිෂේක් ආනන්දකුමාර් 5/30, උවිඳු විමලධර්ම 2/17.  

ත්‍රිත්ව විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 19 ක ජයක් හිමි විය. 


කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය සහ මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය 

වමතින් දඟපන්දු යවන නිම්නක ජයතිලක තරගය පුරාවට කඩුලු 11 ක් දවා ගනිමින් දැක්වූ දස්කම් නිසාවෙන් සාන්ත ආනා විද්‍යාලය පරාජය කරමින් කඩුලු 9 ක දැවැන්ත ජයක් හිමිකර ගැනීමට සාන්ත අන්තෝනි විද්‍යාල ක්‍රීඩකයෝ සමත් වූහ. 

B කාණ්ඩයේ තරගයක් ලෙස සාන්ත ආනා විදුහල් පිටියේ දී ඊයේ (10) දින ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් සාන්ත අන්තෝනි විද්‍යාල ක්‍රීඩකයින් පළමුව පන්දු යවන ලදි. 

සාන්ත ආනා විද්‍යාලය : 106 (33) කවිඳු ඒකනායක 29, කවිඳු රණසිංහ 27*, නිම්නක ජයතිලක 4/21, සසිත් හිරුදික 3/41. සහ 122 (50.2) දිල්හාර දේශබන්දු 41, කවිඳු රණසිංහ 22, නිම්නක ජයතිලක  7/39, ගිහාන් ඊබර්ට් 2/30. 

සාන්ත අන්තෝනි විද්‍යාලය : 154 (38.3) ප්‍රභාත් සචින් 31, අසිත වන්නිනායක 36, මොහොමඩ් කාමිල් 26, කවිඳු ඒකනායක 4/13, ශෙවෝන් නිමන්ත 2/16. සහ 78/1 (15.2) 

සාන්ත අන්තෝනි විද්‍යාලයට කඩුලු 9ක ජයක් හිමි විය. 

ඉර්ෆාන් පතාන් ක්‍රිකට් දිවියට තිත තබයි

ඉන්දියාවෙන් බිහිවුණු තවත් දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන වමතින් වේගපන්දු යවන ඉර්ෆාන් පතාන් ජාත්‍යන්තර ක්‍රිකට්…….

රාජකීය විද්‍යාලය සහ සාන්ත ජෝසප් විද්‍යාලය 

පන්දු යවන්නට සාපේක්ෂව පිතිකරුවන්ගේ දස්කම් කැපී පෙනුනු මෙම තරගය රාජකීය විදුහල් පිටියේ දී නිමා වූයේ රාජකීය විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් හිමිකර දෙමිනි. තරගය A කාණ්ඩයේ තරගයක් විය. 

සාන්ත ජෝසප් විද්‍යාලය වෙනුවෙන් ශෙවෝන් ඩැනියල්, දිනෙත් ජයකොඩි සහ ශෙරන් ෆොන්සේකා පිතිකරණයේ දී අර්ධ ශතක වාර්තා කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස කඩුලු 8 ක් දැවී ලකුණු 323 ක් රැස්කර ගැනීමට ඔවුන්ට හැකි විය. පසුව සිය පළමු ඉනිම අත්හිටවූ සාන්ත ජෝසප් ක්‍රීඩකයින් රාජකීය විද්‍යාලයට පිතිකරණය සඳහා අවස්ථාව ලබා දුන් අතර පන්දුවාර 107 කුත් පන්දු 3 ක් අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 331 ක් රැස්කර ගනිමින් සිය පළමු ඉනිමේ ජය තහවුරු කරගත් රාජකීය විද්‍යාලය සිය පළමු ඉනිම අත්හිටුවන ලදි. 

අනතුරුව සිය දෙවන ඉනිම දියත් කළ සාන්ත ජෝසප් විද්‍යාලය තරගයේ නියමිත වේලාව අවසන් වන විට කඩුල්ලක් පමණක් දැවී ලකුණු 103 ක් රැස්කර ගෙන සිටියේ ශෙරන් ෆොන්සේකාගේ නොදැවුනු අර්ධ ශතකය ද සවියක් කරගෙනයි. 

සාන්ත ජෝසප් විද්‍යාලය : 323/8d (65.5) ශෙවෝන් ඩැනියල් 99, දිනෙත් ජයකොඩි 67, ශෙරන් ෆොන්සේකා 62, ලක්ෂාන් ගමගේ 47, ප්‍රශාන් කල්හාර 3/78, ගිශාන් බාලසූරිය 3/102. සහ 103/1 (20) ශෙරන් ෆොන්සේකා 53*. 

රාජකීය විද්‍යාලය : 331/8d (107.3) ඉසිවර දිසානායක 94, කෞශාන් කුලසූරිය 50, කවිඳු මදාරසිංහ 51, තිතිර වීරසිංහ 40, සදීෂ රාජපක්ෂ 24, මිරංග වික්‍රමගේ 3/75, ලක්ෂාන් ගමගේ 2/29, ලහිරු අමරසේකර 2/30

තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. (පළමු ඉනිමේ ජය රාජකීය විද්‍යාලයට)


මහින්ද විද්‍යාලය සහ ඩී. එස්. සේනානායක විද්‍යාලය 

A කාණ්ඩයේ තරගයක් වූ මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූ නමුත් පළමු ඉනිමේ ජය හිමිකර ගැනීමට ඩී. එස්. සේනානායක විද්‍යාලය සමත් විය. 

කාසියේ වාසිය දිනා ගත් සංචාරක ඩී. එස්. සේනානායක ක්‍රීඩකයින් පළමුව පන්දු යවන ලදි. ඔවුන්ට එරෙහිව කඩුලු 9 ක් දැවී ලකුණු 302 ක් වාර්තා කරගත් මහින්ද විද්‍යාල පිතිකරුවන් ඔවුන්ගේ පළමු ඉනිම අත්හිටුවමින් ඩී. එස්. සේනානායක විද්‍යාල පිතිකරුවන්ට පිතිකරණයේ නිරත වීමට අවස්ථාව ලබා දෙන ලදි. 

කෙසේ නමුත් පන්දුවාර 108 කුත් පන්දු 4 ක් අවසානයේ මහින්ද විද්‍යාලය රැස්කර ගත් ලකුණු ප්‍රමාණය, අභිෂේක් ලියනාරච්චි වාර්තා කළ සුපිරි වේගවත් ශතකය නිසාවෙන් පන්දුවාර 64 ක් අවසානයේ අභිබවා යාමට ප්‍රබල ඩී. එස් සේනානායක විද්‍යාල පිතිකරණ බල ඇණිය සමත් විය. ඊට අමතරව ඩී. එස්. සේනානායක විද්‍යාල පළමු ඉනිම වෙනුවෙන් අමිත දාබරේ සහ මුදිත ලක්ෂාන් අර්ධ ශතක වාර්තා කරගන්නා ලදි. 

මහින්ද විද්‍යාලය : 302/9d (108.4) සදෙව් ඉඳුවර 51, රශ්මික මදුසංක 51, කවීෂ මලියවඩු 47, සුභානු රාජපක්ෂ 38, සසික චන්දිර 3/54, චමත් යටවර 2/27, මනුර පීරිස් 2/46. සහ 50/1 (9) කෞෂිත කොඩිතුවක්කු 30. 

ඩී. එස්. සේනානායක විද්‍යාලය : 307/5d (64) අභිෂේක් ලියනාරච්චි 117, අමිත දාබරේ  61, මුදිත ලක්ෂාන් 57, මනීන්ද්‍ර ජයතිලක 27*, කුෂාන් මධූෂ 4/92. 

තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. (පළමු ඉනිමේ ජය ඩී. එස්. සේනානායක විද්‍යාලයට) 

දකුණු ලක රිච්මන්ඩ් සහ සාන්ත සර්වේසස් ජයග්‍රාහකයින් වෙයි

වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් ඊයේ (09) දිනයේ දී ක්‍රියාත්මක විය.

පළමු දිනයට පැවති තරගය 

නාලන්දා විද්‍යාලය සහ ගුරුකුල විද්‍යාලය 

C කාණ්ඩයේ තරගයක් ලෙස නාලන්දා විදුහල් පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් නාලන්දා විද්‍යාල ක්‍රීඩකයින් පළමුව පන්දුවට පහර දෙන ලදි. 

නාලන්දා විද්‍යාලය : 135 (40) රෂාන් දිසානායක 44, ජිතේෂ් වාසල 31, රශ්මික මෙවන් 6/23, ප්‍රවීන් නිමේෂ් 2/37. සහ 6/0 (3) 

ගුරුකුල විද්‍යාලය : 93 (47.1) කෙමිර නයනතරු 25, මහීම වීරකෝන් 3/03, චමෝද්‍ය රාජපක්ෂ 3/11, ජිතේෂ් වාසල 2/15, දිනෙත් සමරවීර 2/19. 

අද දින ආරම්භ වූ තරගය හෙට (12) දිනයේ දී දෙවන දිනයටත් පැවැත්වේ. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<