ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19 පහළ අන්තර් පළාත් ක්‍රිකට් තරඟාවලිය පසුගිය මාසය පුරා පැවති අතර එහි අවසන් මහා තරඟයදකුණු පළාත හා වයඹ පළාත කණ්ඩායම් අතර මැයිමස11,12 සහ 13 යන තෙදින පුරා ආර්.ප්‍රේමදාස පිටියේදී පැවැත්විණි.

දකුණත්, වයඹත් අවසන් මහා තරගයට

එම තරඟයේ කාසියේ වාසිය දිනාගත් වයඹ කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කල අතර පළමුව පන්දුවට පහරදුන් දකුණු පළාත් කණ්ඩායම පන්දුවාර 80 පන්දු 4 කදී සියලු දෙනා දැවී ලකුණු 247 ක් ලබා ගන්නා ලදි.එහිදී අශේන් බණ්ඩාර ලකුණු 74 , නවිදු නිර්මාල් ලකුණු 56 ක් හා නිපුන් රංසික ලකුණු 26 ක් තම කණ්ඩායම වෙනුවෙන් රැස් කරන ලදි.

පන්දු යැවීමේදී වයඹ වෙනුවෙන් පුබුදු ගනේගම ලකුණු 45 කට කඩුලු 3 ක් ද, වනිත වන්නිනායක ලකුණු 27 කට කඩුලු 2 ක් හා දමිත සිල්වා ලකුණු 83 කට කඩුලු 2 ක් දවාලීමට සමත් විය.

වයඹ සහ දකුණ තරගාවලියේ ඉදිරියටම

තම පළමු ඉණිම ක්‍රියාත්මක කල වයඹ කණ්ඩායම පන්දුවාර 111 කදී සියලු දෙනා දැවී ලකුණු 342 ක් ලබා ගත් අතර එහිදී පුබුදු ගනේගම ලකුණු 106, දමිත සිල්වා ලකුණු 64,වනිත වන්නිනායක ලකුණු 45 ක් ලබා පන්දුවෙන් මෙන්ම පිත්තෙන් ද දක්ෂතා දැක්විය.මීට අමතරව නිපුන් ධනංජය ලකුණු 38 ක් වයඹ ලකුණු පුවරුවේ සටහන් කරන ලදි.

ලකුණු 95 ක් පසුපස සිටිමින් තම දෙවන ඉණිම ක්‍රියාත්මක කල දකුණු පළාත් කණ්ඩායම පන්දුවාර 74 කදී  කඩුලු 9 දැවී ලකුණු 214 ක් රැස්කර ඉණිම අත්හිටුවන ලදි. එහිදී අශේන් බණ්ඩාර ලකුණු 67, නවිදු නිර්මාල් ලකුණු 48 , හරීන් බුද්ධිල ලකුණු 38 ක් ලබා ගන්නා ලදි.පන්දු යැවීමේදී රන්ධීර් රණසිංහ ලකුණු 38 ට කඩුලු 4 ක් හා දමිත සිල්වා ලකුණු 74 කට කඩුලු 4 ක් දවාලීමට සමත් විය.

තරඟයේ ජයග්‍රහණය සඳහා ලකුණු 120 ක් වයඹ කණ්ඩායමට අවශ්‍ය වූ අතර ඔවුන් තම දෙවන ඉණිමට පන්දුවාර 22 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 44 ක් ලබා සිටියදී තරඟ දිනය නිමාවට පත්විය.

තෙවන සතියේ ජය දකුණට

කේෂාන් වන්නිආරච්චි ලකුණු 14 ක් හා දමිත සිල්වා ලකුණු 12ක් ගත් අතර පන්දු යැවීමේදී දිලුම් සුධීර ලකුණු 13 කට කඩුලු 4 ක් දවාලීමට සමත් විය.

ඒ අනුව අන්තර් පළාත් තරඟාවලියේ අවසන් මහා තරඟයේ දී තරඟයේ පළමු ඉණිම ලකුණු 95 කින් ජයග්‍රහණය කිරීම නිසා වයඹ කණ්ඩායම තරඟය හා තරඟාවලියේ ශූරතාවය ජයග්‍රහණය කරන ලදි.

තරඟාවලිය නිමා කරමින් තරඟාවලියේ දක්ෂතා සඳහා පහත ලෙස සම්මාන පිරිනමන ලදි.

  • තරඟාවලියේ වීරයා වයඹ කණ්ඩායමේ දමිත සිල්වා
  • තරඟාවලියේ හොඳම පිතිකරු දකුණු  කණ්ඩායමේ නවිදු නිර්මාල්
  • තරඟාවලියේ හොඳම පන්දු යවන්නා දකුණු කණ්ඩායමේ හරීන් බුද්ධිල
  • තරඟයේ වීරයා වයඹ කණ්ඩායමේ පුබුදු ගනේගම

තවත් පුවත් සිංහලෙන් – පිවිසෙන්න