දකුණත්, වයඹත් අවසන් මහා තරගයට

456

ශ්‍රී ලංකා ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ අන්තර් පළාත් ක්‍රිකට් තරඟාවලියේ අවසන් සතියේ තරඟ කිහිපයක් මැයි මස 6 සහ 7 යන දෙදින පුරා පැවැත්විණි.

වයඹ සහ දකුණ තරගාවලියේ ඉදිරියටම

බස්නාහිර පළාත් මධ්‍යම කණ්ඩායම හා උතුරු පළාත් කණ්ඩායම (කෝල්ට්ස් පිටියේදී)

පළමුවෙන් පන්දුවට පහරදුන් බස්නාහිර පළාත් මධ්‍යම කණ්ඩායම සියලු දෙනා දැවී පන්දුවාර 64 කදී ලකුණු 171 ක් ලබා ගත් අතර එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ මනෙල්කාර් ද සිල්වා  නොදැවී ලකුණු 97 ක් හා විශාද් රන්සික ලකුණු 37 ක් ලබා ගන්නා ලදි. පන්දු යැවීමේදී උතුරු පළාත් කණ්ඩායම වෙනුවෙන් කපිල්රාජ් ලකුණු 67කට කඩුලු 4ක් හා එස්. මතුෂාන් ලකුණු 32 කට කඩුලු 3 ක් දවාලීමට සමත් විය.

එයට පිළිතුරු ලෙස උතුරු පළාත් කණ්ඩායම තම පළමු ඉණිම සඳහා සියලු දෙනා දැවී පන්දුවාර 48යි පන්දු 2 කදී ලකුණු 124 ක් ලබා ගන්නා ලදි. පිතිකරණයේ දී එස්. රුෂාන්තන් ලකුණු 34 ක් ලකුණු පුවරුවේ සටහන් කල අතර පන්දු යැවීමේදී ලහිරු ඩිල්ශාන් ලකුණු 8 කට කඩුලු 3 ක් හා සජිත් සමීර ලකුණු 27 කට කඩුලු 2ක් දවාලීමට සමත් විය.

තම දෙවන ඉණිම සඳහා බස්නාහිර පළාත් මධ්‍යම කණ්ඩායම පන්දුවාර 45 යි එක් පන්දුවකදී කඩුලු 6 ක් දැවී ලකුණු 207 ක් ලබා සිටියදී ඉණිම අත්හිටුවන ලදි. එහිදී පසිදු සූරියබණ්ඩාර ලකුණු 64 යි, තනුක දාබරේ ලකුණු 50 ක් හා පැතුම් නිස්සංක ලකුණු 45 ක් ලබා ගන්නා ලදි. පන්දු යැවීමේදී  අයන සිරිවර්ධන ලකුණු 68 කට කඩුලු 3 ක් දවාලීමට සමත් විය.

තෙවන සතියේ ජය දකුණට

තම දෙවන ඉණිමට උතුරු පළාත් කණ්ඩායම පන්දුවාර 44 කදී කඩුලු 6 ක් දැවී ලකුණු  100 ක් ලබා ගත් අතර එම්. නිතුශාන් නොදැවී ලකුණු 39 ක් ලබා ගන්නා ලදි. පන්දු යැවීමේදී සජිත් සමීර ලකුණු 12කට කඩුලු 2 ක් දවාලීමට සමත් විය.

ඒ අනුව එම තරඟය බස්නාහිර පළාත් මධ්‍යම කණ්ඩායමට පළමු ඉණිමේ ජයග්‍රහණයක් හිමි විය.

බස්නාහිර පළාත් උතුරු කණ්ඩායම හා වයඹ පළාත් කණ්ඩායම (පනාගොඩ හමුදා පිටියේදී)

පළමුව පන්දුවට පහරදුන් බස්නාහිර පළාත් උතුරු කණ්ඩායම පන්දුවාර 56 එක් පන්දුවකදී කඩුලු 9 ක් දැවී ලකුණු 221 ක් ලබා සිටියදී ඉණිම අත්හිටුවන ලදි. එහිදී නිපුන් සුමනසිංහ ලකුණු 66ක්, ක්‍රිෂාන් සංජුල ලකුණු 49ක් හා නිපුන් හග්ගල ලකුණු 28ක් ලබා ගත් අතර පන්දු යැවීමේදී වනිත වන්නිනායක ලකුණු 48 කට කඩුලු 3ක් හා දමිත සිල්වා ලකුණු 70කට කඩුලු 3ක් දවාලීමට සමත් විය.

අනතුරුව පිළිතුරු ලෙස වයඹ පළාත් කණ්ඩායම පන්දුවාර 65 කදී කඩුලු 8 ක් දැවී ලකුණු  222 ක ලබා ගන්නා ලදි. දමිත සිල්වා ලකුණු 59 ක් හා හෙෂාන් ප්‍රනාන්දු ලකුණු 49 ක් ලබා ගන්නා ලදි. පන්දු යැවීමේදී  ජෙහාන් ඩැනියල් ලකුණු 56 කට කඩුලු 4 ක් හා සමිත රංග ලකුණු 15 කට කඩුලු 2 ක් දවාලීමට සමත් විය.

බස්නාහිර පළාත් උතුරු කණ්ඩායම තම දෙවන ඉණිමට පන්දුවාර 38 කදී කඩුලු 7ක් දැවී ලකුණු 195 ක් ගැනීමට සම්මු අශාන් ලකුණු  64 ක් හා නිපුන් සුමනසිංහ ලකුණු  46 ක් එක් කරන ලදි. පන්දු යැවීමේදී රන්ධීර රණසිංහ ලකුණු 53 කට කඩුලු 3 ක් හා දමිත සිල්වා ලකුණු 83කට කඩුලු 2 ක් දවාලීමට සමත් විය.

අනතුරුව තම දෙවන ඉණිම ක්‍රීඩා කල වයඹ පළාත් කණ්ඩායම පන්දුවාර 39 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 135 ක් ලබා ගත්  අතර වනිත වන්නිනායක ලකුණු 51 ක් ලබා ගන්නා ලදි. හේලිත බඹරන්ද ලකුණු 13 කට කඩුලු 2ක් හා ජෙහාන් ඩැනියල් ලකුණු 27 කට කඩුලු 2 ක් දවාලීමට සමත් විය.

එම තරඟය වයඹ කණ්ඩායම පළමු ඉණිමේ ජයග්‍රහණයක් ලබා ගත් අතර ඔවුන් අවසන් මහා තරඟයට සුදුසුකම් ලබාගැනීමට ද සමත් විය.

19 පහළ පළාත් ක්‍රිකට් තරඟාවලියේ නිමා වු දින දෙකක තතුවිත්ති

දකුණු පළාත් කණ්ඩායම හා බස්නාහිර පළාත් දකුණු කණ්ඩායම (නිදහස් වෙළෙඳ කලාප පිටියේදී)

තම පළමු ඉණිමට දකුණු පළාත් කණ්ඩායම පන්දුවාර 64 යි පන්දු 2 කදී සියලු දෙවා දැවී ලකුණු 240 ක් ලබා ගන්නා ලදි. නවිදු නිර්මාල් ලකුණු 83 ක් හා නිපුන් රංසික ලකුණු 38 ක් ලබා ගන්නා ලදි. පන්දු යැවීමේදී තිලිණ නිමේෂ ලකුණු 52 කට කඩුලු  3 ක් හා දිලීප නානායක්කාර ලකුණු 57 කට කඩුලු 3 ක් දවාලීමට සමත් විය.

බස්නාහිර පළාත් දකුණු කණ්ඩායම සියලු දෙනා දැවී  ලකුණු 196 ක් ලබා ගන්නා ලදි. එහිදී දක්ෂ ලෙස පිත්ත හැසිරවූ විෂ්ව චතුරංග ලකුණු 101 ක් හා අවිෂ්ක ප්‍රනාන්දු  ලකුණු  54ක් ලබා ගන්නා ලදි. කවිදු එදිරිවීර ලකුණු 34 කට කඩුලු 3 ක් හා හරීන් බුද්ධිල ලකුණු 47 කට කඩුලු 3 ක් දවාලීමට සමත් විය.

අනතුරුව තම දෙවන ඉණිමට දකුණු පළාත් කණ්ඩායම පන්දුවාර 65 යි එක් පන්දුවකදී  සියලු දෙනා දැවී ලකුණු 195 ක් ලබා ගන්නා ලදි. නවිදු නිර්මාල් ලකුණු 60 ක් හා අමිදු උදාර  ලකුණු 46 ක් ලබා ගත් අතර දිලීප නානායක්කාර ලකුණු 77 කට කඩුලු 3 ක් දවාලීමට සමත් විය. බස්නාහිර දකුණු කණ්ඩායම තම දෙවන ඉණිමට පන්දුවාර 21 කදී කඩුලු 6 ක් දැවී  ලකුණු 122 ක්  ගන්නා ලදි.

එම තරඟය දකුණු පළාත් කණ්ඩායමට පළමු ඉණිමේ ජයග්‍රහණයක් හිමි වූ අතර ඒත් සමඟම ඔවුන් ද අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගන්නා ලදි.

 ඡායාරූප අැල්බම සඳහා පිවිසෙන්න

උතුරු මැද පළාත් කණ්ඩායම හා මධ්‍යම පළාත් කණ්ඩායම (ආර්. ප්‍රේමදාස පිටියේදී)

පළමුව පන්දුවට පහරදුන් උතුරු මැද පළාත් කණ්ඩායම පන්දුවාර 64 යි පන්දු 5 කදී සියලු දෙනා දැවී ලකුණු 205 ක් ලබා ගන්නා ලදි. සජිත් ද සිල්වා ලකුණු 39 ක් හා පුබුදු චතුරංග ලකුණු 32 ක් ගත් අතර පන්දු යැවීමේදී සිවකුමාර ටිරෝන් ලකුණු 81 කට කඩුලු 6 ක් ලබා දක්ෂ පන්දු යැවීමක නිරත විය.

මධ්‍යම පළාත් කණ්ඩායම තම පළමු ඉණිමට පන්දුවාර 65 කදී කඩුලු 5 ක් දැවී ලකුණු  291 ක් ගත් අතර ෂැනොගීත් ෂන්මුගනානම් 72 ක්, හසිත බෝයගොඩ නොදැවී ලකුණු 70 ක් ලබා ගන්නා ලදි. පන්දු යැවීමේදී අෂේල සිගේරා ලකුණු 66 කට කඩුලු 2 ක් දවාලීමට සමත් විය.

උතුරු මැද පළාත් කණ්ඩායම තම දෙවන ඉණිමට පන්දුවාර 69 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 199 ක් ගත් අතර එහිදී අෂේල සිගේරා ලකුණු 59 ක් හා සජිත් ද සිල්වා ලකුණු 34 ක් ගන්නා ලදි. දක්ෂ පන්දු යැවීමක නිරත වූ ගිහාන් විතාරණ ලකුණු 71 කට කඩුලු 6 ක් දවාලීමට සමත් විය.

ඒ අනුව එම තරඟය මධ්‍යම පළාත් කණ්ඩායමට පළමු ඉණිමේ ජයග්‍රහණයක් ලැබිණි.

මෙම තරඟාවලියේ අවසන් මහා තරඟය ලබන 10, 11 සහ 12 යන තෙදින පුරා වයඹ පළාත් කණ්ඩායම හා දකුණු පළාත් කණ්ඩායම අතර ආර්.ප්‍රේමදාස පිටියේදී පැවැත්වීමට නියමිතය.

තවත් පුවත් සිංහලෙන් කියවන්න පිවිසෙන්න