ශලින් ද මෙල් ආනන්දය දණ ගස්වයි

214

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන වයස අවුරුදු 19න් පහළ පළමු කොටසේ එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (21) පැවති ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ කොළඹ ආනන්ද විද්‍යාලය අතර පෙර අර්ධ අවසන් පූර්ව තරගයෙන් ලකුණු 260ක දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කිරීමට තෝමසුවන් සමත් විය.

තෝමසුවනුත් සර්වේශියානුවනුත් ගැටෙන රුහුණු නිල් මහා සටන

මෙරට වාර්ෂිකව පැවැත්වෙන මහා ක්‍රිකට් තරග අතර පැරණිතම තරග අතුරින්……

මෙම තරගයේ දී සාන්ත තෝමසුවන්ගේ ආරම්භක දකුණත් පිතිකරු ශලින් ද මෙල් පන්දු 148කට මුහුණ දෙමින් හතරේ පහර14ක් සහ හයේ පහර 7ක් සමඟින් ලකුණු 145ක් ලබා ගත්තේ ය. ඔහු සමඟ එක්වූ වමත් පිතිකරු රවිඳු ද සිල්වා පන්දු 107කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 92ක් ලබා ගත්තේ ය. ඔවුන් දෙදෙනා අතර දෙවැනි කඩුල්ලට එක්වූ ලකුණු සංඛ්‍යාව 231කි.

Photos: S. Thomas’ College vs Ananda College | U19 Cricket Tournament One Day 2018/19 | Pre QF

ගල්කිස්ස සාන්ත තෝමස් පිටියේ පැවති මෙම තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් සාන්ත තෝමස් ක්‍රීඩකයින් පළමුවෙන් පන්දුවට පහර දෙමින් කඩුලු 8ක් දැවී ලකුණු 333ක් ලබා ගත්තේය. ප්‍රතිවාදී ආනන්ද විද්‍යාලයට ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 73ක් පමණි. ඒ තවත් පන්දු 187ක් ඉතිරිව තිබිය දී ය.

පානදුරත් – මොරටුවත් අතර ඇවිලෙන 67 වැනි රන් හටන

පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය සහ මොරටු මහා විද්‍යාලය අතර 67 වැනි වරටත්……

එම ඉනිම පාලනය කිරීමේ දී දකුණතින් පිට දඟපන්දු යවන කිශාන් මුණසිංහ ලකුණු 3කට කඩුලු 3ක් දවා ගනිමින් ආනන්දයේ ප්‍රධාන ප්‍රතිවාදියා විය. ඊට අමතරව වමතින් දඟපන්දු යැවූ ඩෙලන් පීරිස් සහ වමතින් ආරම්භක වේගපන්දු යැවූ කළණ පෙරේරා කඩුලු 2 බැගින් දවා ගත්හ.

තෝමසුවන්ගේ ඉනිමේ දැවී ගිය කඩුලු 8න් 4ක් ම හිමි වූයේ සුදීප අඟුළුගහට ය.

සාන්ත තෝමස් විද්‍යාලය; කඩුලු 8ක් දැවී 333 (50) ශලින් ද මෙල් 145, රවිඳු ද සිල්වා 92, උමයංග සුවාරිස් 26, සුදීප අඟුළුගහ 4/66, මහෞෂධ ප්‍රනාන්දු 2/42

ආනන්ද විද්‍යාලය; සියලුම දෙනා දැවී 73 (18.5) සොනාර කරුණාතුංග 20, කිශාන් මුණසිංහ 3/03, ඩෙලන් පීරිස් 2/08, කළණ පෙරේරා 2/17

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<