තෝමසුවනුත් සර්වේශියානුවනුත් ගැටෙන රුහුණු නිල් මහා සටන

188

මෙරට වාර්ෂිකව පැවැත්වෙන මහා ක්‍රිකට් තරග අතර පැරණිතම තරග අතුරින් තෙවැනි තැන හිමි කරගෙන සිටින  මාතර සාන්ත තෝමස් සහ සාන්ත සර්වේසස් විද්‍යාලාන්තර රුහුණු නිල් මහා සටන වාර්ෂික ක්‍රිකට් තරගය මේ මස 22, 23 සහ 24 තෙදින මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

ඇතුගල්පුර සටනේ හස්තීන්ගේ සූදානම

කුරුණෑගල මලියදේව විද්‍යාලය සහ සාන්ත ආනා විද්‍යාලය අතර 36 වැනි වරටත් පැවැත්වෙන ඇතුගල්පුර සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය මේ මස

119 වැනි වරටත් පැවැත්වෙන මෙම තරගමාලාවේ මෙවර සාන්ත සර්වේසස් විද්‍යාලයීය කණ්ඩායම තෙවැනි වසරේ වර්ණලාභී චරිත් හර්ෂණ දයාරත්න විසින් ද, සාන්ත තෝමස් විද්‍යාලයීය කණ්ඩායම සිව්වැනි වසරේ වර්ණලාභී මිහිසල් අමෝද විසින් ද මෙහෙයවනු ලැබේ.

1900 වසරේ දී ආරම්භ වූ මෙම තරගය එකල හැඳින්වූයේ නිල්වලා සටන ලෙසිනි. ඊට පසුව රුහුණු මහා සටන ලෙසින් ද හැඳින්වූ මෙය 1984 වසරේ සිට රුහුණු නිල් මහා සටන ලෙසින් ඉතිහාසයට එක් වෙන්නේ ය. මෙතෙක් පැවති නිල් සටන් තරග ඉතිහාසයේ වැඩිම තරග ජයග්‍රහණ සංඛ්‍යාවක් හිමි කරගෙන සිටිනුයේ තරග 32ක් ජයග්‍රහණය කළ සාන්ත තෝමස් විද්‍යාලයීය ක්‍රීඩකයෝ ය. සාන්ත සර්වේසස් විද්‍යාලයට හිමි ජයග්‍රහණ සංඛ්‍යාව 27කි. සෙසු තරග ජය පරාජයෙන් තොරව අවසන්ව ඇත.

තරග ඉතිහාසයේ අවසන් වරට තරගයක් ජයග්‍රහණය කිරීමේ අභිමානය දරා සිටිනුයේ සාන්ත තෝමස්වරුන් ය. ඔවුන් 2007 වසරේ දී තාරක දුශාන්තගේ නායකත්වයෙන් එම තරගය ජයග්‍රහණය කර ඇත. සාන්ත සර්වේසස් විද්‍යාලය අවසන් වරට තරගයක් ජයග්‍රහණය කර ඇත්තේ 1971 වසරේ දී ය. ඒ නිමල් මුණවීරගේ නායකත්වය යටතේ ය.

ඉසිපතනය පරදා විස්සයි විස්ස සටනේ ජය තර්ස්ටන් විද්‍යාලයට!

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව මෙන්ම ශ්‍රී ලංකාවේ පාසල් ක්‍රිකට් ක්‍රීඩාවත් දිනෙන් දින නවීකරණය වෙමින් තිබේ

සාන්ත සර්වේසස් විද්‍යාලයීය ක්‍රිකට් ඉතිහාසයේ වටිනාම ක්‍රීඩකයා ලෙසින් හැඳින්වනුයේ ලෝක ක්‍රිකට් වංශ කතාවේ මාස්ටර් බ්ලාස්ටර් සනත් ජයසූරිය ය. ඔහු 1998 වසරේ දී සාන්ත සර්වේසස් විද්‍යාලයීය කණ්ඩායම මෙහෙයවමින් වාර්ෂික මහා ක්‍රිකට් තරගයට සහභාගී වී ඇත. එමෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරු රුචිර පල්ලියගුරුගේ ද ආඩම්බර සර්වේශියානුවෙකි. මෑත කාලයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ කසුන් රාජිත ද සර්වේශියානුවෙකි.

සාන්ත තෝමස් විද්‍යාලය බිහි කළ ක්‍රීඩකයන් අතුරින් ඉන්දික ද සේරම් සහ ප්‍රභාත් නිශ්ශංක ප්‍රමුඛ තත්ත්වයේ ලා සැලකේ.

  • මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය

සාන්ත සර්වේසස් විද්‍යාලය ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ දී පළමු කොටසේ සී කාණ්ඩය නියෝජනය කරමින් මෙවර පැවති තරගාවලියේ දී ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය, මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය, කැළණිය ගුරුකුල විද්‍යාලය, මාතර රාහුල විද්‍යාලය සහ කෑගල්ල සාන්ත මරියා විද්‍යාලවලට එරෙහිව ජයග්‍රහණය කරමින් මෙවර රුහුණු නිල් සටනට පිවිසේ.

නිමා වූ තරගවල දී මොරටුව සාන්ත සර්වේසස් සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලය වෙතින් ඔවුන් ද පරාජය ලබා ඇත.

කණ්ඩායමේ නායක චරිත් හර්ෂණ මෙවර තරගවාරයේ දී ලකුණු 230ක් සහ කඩුලු 18ක් ලබා ගනිමින් දක්ෂතා දක්වමින් සිටී.

සාන්ත සර්වේසස් කණ්ඩායම තුන් ඉරියව් ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ගෙන්ම සමන්විත ය. ඒ අතුරින් උපනායක ශෂික දුල්ශාන් වෙත ලැබෙන ලැබෙන්නේ ප්‍රමුඛ ස්ථානයකි. ඔහු වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් ලබා ගත් අත්දැකීම් සමඟින් වඩාත් විශ්වාසවන්ත ක්‍රීඩකයා බවට ද පත් ව සිටී. ඔහු නිමා වූ තරගවාරයේ දී ලකුණු 512ක් සහ කඩුලු 60ක් ලබා ගනිමින් දක්ෂතා දක්වා ඇත.

කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා ලෙසින් ඉදිරියෙන් සිටින්නේ වමත් පිතිකරු චේතක දෙනුවන් ය. ඔහු ශතක දෙකක් සමඟින් ලකුණු 845ක් ඉක්මවා ඇත. ඊට අමතරව පන්දු යවන්නෙක් ලෙසින් ඔහු දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 50 ඉක්මවයි.

ඊට අමතරව තෙවැනි වසරේ ක්‍රීඩක කේශර නුවන්ත ලකුණු 460ක් සහ කඩුලු 44ක් ලබා ගනිමින් ද, පසිඳු මනුප්‍රිය ලකුණු 390ක් සහ කඩුලු 21ක් ලබා ගනිමින් ද ඉදිරියෙන්ම පසුවෙති. පළමු වසරේ ක්‍රීඩක නවීන් සහිත් ලකුණු 211ක් සහ කඩුලු 21ක් ලබා ගනිමින් දක්ෂතා අතර සිටින අනෙක් ක්‍රීඩකයා ය.

කණ්ඩායමේ කඩුලු රකින රිසික ලක්වින් ලකුණු 770ක් ලබාගෙන ඇති අතර ආරම්භක පිතිකරු පුෂ්පික ඩිල්ශාන් ලබා ඇති ලකුණු සංඛ්‍යාව 480කි. ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කළ චිහාන් කළිඳු කෙරෙහි ද සාන්ත සර්වේශියානු සහෘදයෝ බලාපොරොත්තු තබා ඇත.

සාන්ත සර්වේසස් විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායම

චරිත් හර්ෂණ දයාරත්න (නායක), ශෂික දුල්ශාන් (උපනායක), කේශර නුවන්ත, පසිඳු මනුප්‍රිය, රිසිර වීරසූරිය, චේතක දෙනුවන්, පුෂ්පිත ඩිල්ෂාන්, ශානක දිදුලන්ත, රුවිඳු රෝචන, මතීෂ මධුශාන්, නවීන් ශාහිත්, පසන් තත්ත්සර, නිපුන් රංගීත්, ජනිඳු ජයස්විත්, රිතික් අනුරාධ, චිරාන් නෙත්තරු, හිරුන් අංජන, චරිත් නෙත්සර, වරුණ ගමගේ,දිනුර දිල්මින්

රොෂාන් ප්‍රියංකර (ක්‍රිකට් භාර ආචාර්ය) ටී. ඩී. මුණසිංහ (පුහුණුකරු) ඒ. එම්. ප්‍රියන්ත (කනිෂ්ඨ පුහුණුකරු)

  • සාන්ත තෝමස් විද්‍යාලය

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර පාසල් ක්‍රිකට් තරගාවලියේ ඩී කොටස නියෝජනය කරන සාන්ත තෝමස් විද්‍යාලය මෙවර තරගාවලියේ දී දක්ෂතා ද සමගින් රුහුණු නිල් මහා සටනට පිවිසෙන්නේ ප්‍රවේගකාරී පිතිකරුවෙක් ලෙසින් හැදින්වෙන නායක මිහිසල් අමෝද කෙරෙහි වඩාත් බලාපොරොත්තු තබාගෙනය. ඔහු මෙවර තරගාවලියේ දී ශතකයක් සහ අර්ධ ශතකයක් සමඟින් ලකුණු 750ක් පසුකර ඇත. එමෙන් ම දකුණතින් පිට දඟපන්දු යවමින් කඩුලු 25කට වඩා දවාගෙන ඇත.

කණ්ඩායමේ උප නායක ගිෂාන්තික ජයවීර ද තුන් ඉරියව්වෙන් කැපී පෙනෙන ක්‍රීඩකයෙකි. ඔහු මෙවර තරගාවලියේ දී ශතයක් සහ අර්ධ ශතක දෙකක් සමඟින් ලකුණු 600 සීමාව පසු කිරීමට ද කඩුලු 32කට වැඩියෙන් ද ලබාගෙන ඇත.

ඊට අමතරව කවිඳු රිද්මාල් ද ලකුණු 300ක් සහ කඩුලු 47ක් දවාගෙන තමන් ද මෙම සටනේ ඉදිරියෙන්ම සිටින සටන් සඟයෙක් බැව් ඔප්පුකර හමාර ය. හිරන්ත ලක්ෂාන් ද කණ්ඩායමේ සිටින දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙකි.

කණ්ඩායමේ වැඩිම කඩුලු ලාභියා වී සිටින්නේ සචිර රශ්මික ය. දකුණතින් පිට දඟපන්දු යවන සචිර නිමා වූ තරගාවලියේ දී කඩුලු 70ක් දවාගෙන ඇත. කණ්ඩායමේ විශ්වාසය වැඩිපුරම තබාගෙන සිටින දඟපන්දු යවන්නා වන්නේ සිනෙත් සිතාර ය. ඔහු වමතින් දඟපන්දු යවමින් කඩුලු 52ක් දවාගෙන ඇත.

ඊට අමතරව වමත් පිතිකරු හරිඳු ජයසේකර, සිනෙත් සිතාර, චාමික රණසිංහ, සංචිත රණසිංහ, වෝෂිත අත්සර ද අවශ්‍ය අවස්ථාවක දී කණ්ඩායම වෙනුවෙන් දක්ෂතා දැක්වීමට සූදානමින් සිටී.

සාන්ත තෝමස් විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායම

මිහිසල් අමෝද (නායක), ගිශාන්ත ජයවීර (උපනායක), සචිර රශ්මික, කවිඳු රිද්මාල්, හිරන්ත ලක්ෂාන්, චාමික රණසිංහ, වෝෂිත අත්සර, හසරු ද සිල්වා, හරිඳු ජයසේකර, එනුක බුද්වින්, දුමින්දු හංසක, හිරුෂ ජීවදිත්, සිනෙත් සිතාර, නිමන්ත භාෂණ, සතිර තීක්ෂණ, ඉසුරු විහඟ, නිපුන් රුචිර, අශේන් ශාවින්ද, ජානක පවන්, සංචිත රණසිංහ, සංජය මධුරංග

ඩබ්ලිව්. එම්. ඒ. ඩී. ලක්මාල් (ක්‍රිකට් භාර ආචාර්ය) චරිත් පල්ලියගුරු (පුහුණුකරු)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<