මාලිංග දවසකට කලින් ලංකාවට එයි

2003

එංගලන්තයේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීම වෙනුවෙන් වූ මිණුම් දණ්ඩක් ලෙස යොදා ගැනෙන අන්තර් පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා ලසිත් මාලිංග එළඹෙන අප්‍රේල් මස 03 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකා ගෘහස්ථ ක්‍රිකට් කණ්ඩායම සිංගප්පූරුවට

අප්‍රේල් මස 3 වැනිදා සිට 6 වැනිදා දක්වා සිංගප්පූරුවේ දී පැවැත්වෙන නවසීලන්ත ආසියානු කුසලාන ගෘහස්ථ ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (31) දිනයේ…

මෙම අන්තර් පළාත් පන්දුවාර 50 ක්‍රිකට් තරගාවලිය ලබන අප්‍රේල් මස 04 වැනිදා සිට 11 වැනිදා දක්වා රංගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී සහ පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණවල දී කණ්ඩායම් 4කගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.

මේ සම්බන්ධව ‘ThePapare.com හමුවේ අදහස් දක්වා සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් මහතා, අන්තර් පළාත් සුපිරි ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා මාලිංග ශ්‍රී ලංකාවට පැමිණෙන බව සනාථ කර සිටියේය. මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ද මෙල් මහතා, “මාලිංග අපේ තරගාවලියට ක්‍රීඩා කරන්න පැමිණෙන බව මට දුරකථනයෙන් දැනුම් දුන්නා. ඒ අනුව ඔහු ලබන 03 වැනිදා, ඒ කියන්නේ පළාත් තරගාවලිය ආරම්භ වීමට නියමිතව තියෙන 04 වැනිදාට කලින් දවසේ ශ්‍රී ලංකාවට පැමිණෙනවා. මේ වගේ තීරණාත්මක අවස්ථාවක ඔහු ගත්ත ඒ ක්‍රියාව පිළිබඳව සතුටු වෙනවා” යැයි ද වැඩිදුරටත් අදහස් දැක්වීය.

දැන් ක්‍රියාත්මක ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වන එකම ක්‍රීඩකයා වන ලසිත් මාලිංගට පළාත් තරගාවලිය හේතුවෙන් පළමු තරග කීපයට සහභාගි වීම අවදානම් තත්ත්වයක විය. අයි. පී. එල්. තරගාවලියේ මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම නියෝජනය කරන මාලිංගට එහි පළමු තරග 6ට සහභාගි වීම සඳහා අවස්ථාව නොලැබීම දැඩි මතභේදයකට ඉඩ විවර විය.

ඩී. එස්. පිළේ අපරාජිත වාර්තාව රැකදෙමින් රන් සටන නිමාවෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාසල් ද්විත්වයක් වන කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය සහ මහානාම විද්‍යාලය අතර පැවති 13 වැනි රන් සටන අද (30) නිමා වූයේ ජය පැරදුමකින්…

මේ සම්බන්ධව උරණ වී තිබෙන ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැඩි විවේචනයකට ලක් කර ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණි. අදාළ විවේචනයන් අතර, 2019 වසර සඳහා වන ක්‍රීඩක වෙන්දේසිය සිදු වන අවස්ථාව වන විට දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සුපිරි පළාත් තරගාවලියක් සඳහා මාලිංග සහභාගි වන බව නොදැන්වූ බව සඳහන් කර තිබේ. මෙම තත්ත්වය මත  අයි. පී. එල්. කාර්යය මණ්ඩලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ සාකච්ඡාවක් පැවති අතර එහි සාර්ථක වීමේ ප්‍රතිඵලයක් ලෙසින් අයි. පී. එල්. තරගාවලිය සඳහා මාලිංගව මුදා හැරීමට ක්‍රිකට් නිලධාරීහු පියවර ගත්හ.

ඒ සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට විශේෂ ස්තුතියක් එක් කළ මාලිංග, අයි. පී. එල්. කාර්ය මණ්ඩලය සමඟ සාකච්ඡා කොට පළාත් තරගාවලියට සහභාගි වීමට උපරිම උත්සාහ කරන බව ද තරගාවලියට පිටත්ව යෑමට පෙර සඳහන් කර සිටියේය.

නිමාවට පත් වුණු දකුණු අප්‍රිකානු තරග සංචාරයේ දී එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම්වල නායකත්වය දරන ලද්දේ ලසිත් මාලිංග විසින් වන අතර ඒ පැවති එකම තරගයක් හෝ ජය ගැනීමට ශ්‍රී ලංකාවට නොහැකි විය. කෙසේ වෙතත් මේ වන විටත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා කවුරුන්ද යන්න ප්‍රකාශයට පත් කර නොමැති අතර කණ්ඩායම මෙන්ම නායකත්වය පිළිබඳව වූ අවසන් තීරණය ද මෙම තරගාවලිය අතරතුර දක්වන ලද දක්ෂතා මත පදනම්ව ගැනීමට පියවර ගන්නා බව ද තේරීම් කමිටු සභාපතිවරයා මෙහි දී අවධාරණය කර සිටියේය.

21 වසරකට පෙර එංගලන්තය දණින් වැට්ට වූ ශ්‍රී ලාංකිකයෝ

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මැයි 30 වැනිදා එංගලන්තයේ දී ආරම්භ වීමට නියමිතයි. එංගලන්ත භූමියේ දී මීට වසර විසි එකකට පෙර ලබා ගත් ජයග්‍රහණයක්…

“ඇත්තටම ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවන්නේ කවුද කියන එක තවම අපි තීරණයකට එළඹිලා නෑ. ටෙස්ට් තරගාවලියේ දී නායකයකු විදියට සාර්ථක වුණු දිමුත් කරුණාරත්නත් ගැනත් අපි ඇහැ ගහගෙන ඉන්නවා. ඒක නිසා අපි මුලින්ම කරන්නේ කණ්ඩායම තෝරන එක. එතැනදි නායකයා විදියට සුදුසුම කෙනා කවුද කියලා බලලා ඔහුව ඒ සඳහා පත් කරනවා” යැයි ද ද මෙල් මහතා සඳහන් කර සිටියේය.

මෙම තරගාවලිය, කොළඹ, මහනුවර, ගාල්ල සහ දඹුල්ල ලෙස කණ්ඩායම් 4ක් ලීග් ක්‍රමය යටතේ තරග වදී. මූලික වටය අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ ඉහළින් සිටින කණ්ඩායම් දෙක අතර අවසන් මහ තරගය පැවැත්වෙන අතර සෙසු කණ්ඩායම් දෙක අතර තෙවැනි ස්ථානය තේරීමේ තරගයක් ද ක්‍රියාත්මක වනු ඇත.

මෙහි දී දිනේෂ් චන්දිමාල් විසින් කොළඹ කණ්ඩායම ද, දිමුත් කරුණාරත්න විසින් මහනුවර කණ්ඩායම ද, ලසිත් මාලිංග විසින් ගාල්ල කණ්ඩායම ද, ඇන්ජලෝ මැතිව්ස් විසින් දඹුල්ල කණ්ඩායම ද මෙහෙයවනු ලබති.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<