විහඟ පතිරණගේ තුන් ඉරියව් දස්කම් අපතේ යයි

U19 Division 1 School Cricket Tournament 2023/24

299
U19 Division 1 School Cricket Tournament 2023/24

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් එක් තරගයක් අද (28) අවසන් වුනා.

නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලය සහ මහරගම ජනාධිපති විද්‍යාලය අතර පැවැත්වුණු මෙම තරගයෙන් පළමු ඉනිම්‍රෙ ජයග්‍රහණයක් ලබා ගැනීමට නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලය විසින් සමත් වූ නමුත්, මහරගම ජනාධිපති විද්‍යාලයේ විහඟ පතිරණ තරගයේ වඩාත් කැපී පෙනුණු ක්‍රීඩකයා ලෙස හඳුනා ගත හැකි වුනා.

විහඟ විසින් මෙම තරගයේ ඉනිම් දෙක තුළ ම කඩුලු 6 දස්කම් දෙකක් සමඟින් සමස්ත තරගයේ කඩුලු 12ක් දවා ගැනීමට සමත් වූ අතර, පිත්තෙන් ඉනිම දෙකේ දී ම ලකුණු 77ක් ලබා ගැනීමට සමත් වුනා.

ඔහුගේ දස්කම් නිසා ජනාධිපති විද්‍යාලයට තරගය ජයග්‍රහණය කිරීමේ අවස්ථාවක් පවා උදා වුනත්, කාලය හරස් වීම නිසා තරගය ජය පරාජයෙන් තොරව නිමාව දුටුවා.

  • නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලය- 247/10 (80.3) පියුමාල් දෙව්රංග 51, තිමල්ක සුපසන් 43, විහඟ පතිරණ 6/74 & 97/10 වොචන් ලක්ෂාන් 38, විහඟ පතිරණ 6/38, මලීෂ උදයංග 6/38
  • මහරගම ජනාධිපති විද්‍යාලය- 159/10 (52.5) විහඟ පතිරණ 42, නයන කෞශල්‍ය 25, ලක්ෂිත එරංග 3/25, සඳුන් දෙව්මිණ 2/26 & 155/8 (31) මලීෂ උදයංග 55, විහඟ පතිරණ 35, අනුසර ප්‍රනාන්දු 4/41, සඳුන් දෙව්මිණ 2/10

 

මේ අතර ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ කැලණිය ගුරුකුල විද්‍යාලය අතර පළමු කොටසේ Tier A තරගය අද දිනයේ ආරම්භ වුනා.

මෙම තරගයේ දී සාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන් තිසේන් ඇහැලියගොඩ අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් වුනා.

  • ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය – 194/10 (83.5) තිසේන් ඇහැලියගොඩ 66, මහිත් පෙරේරා 30, හිරුණ නිම්සර 4/29 පූර්ණ කල්හාර 2/19
  • කැලණිය ගුරුකුල විද්‍යාලය– 24/1 (14)

මෙම තරගයේ දෙවන සහ අවසන් දිනය හෙට (01) ක්‍රියාත්මක වීමට නියමිතයි.

දිනෙන් දින උණුසුම් වන පාසල් ක්‍රිකට් පිටියේ සියලු තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<