මහින්දය පරදා ජය රාජකීයයන්ට

383

Naveen jude

ගාල්ල මහින්ද විද්‍යාලයට එරෙහිව පැවති 23වන ඇල්බට් එදිරිසිංහ කුසලාන පාපන්දු තරඟයේ ජය, ගෝල 1-0ක් ලෙස රාජකීය විද්‍යාලය වෙත ලබා දෙන්නට අෂ්රෆ් අලී වාර්තා කළ එකම එක ගෝලයට හැකි විය.

පසුගිය ලිපි: අහිමි වූ ගෞරවය යළි ලබා ගන්නට සහීරාවන් සමත් වෙයි

ප්‍රථම අදියර ගාල්ලේදී ගෝල 1-1ක් ලෙස සම වූ අතර දෙවන අදියරට රාජකීයයන් පියමැන්නේ කොළඹදී ජය ලබන අදිටනිනි. මේ අතර මහින්ද විද්‍යාලීය ක්‍රීඩකයින්ගේ පරම අභිප්‍රාය වූයේ 20-2ක් ලෙස එතෙක් සමස්ත තරඟයන්හිදී පසුපසින් සිටින තමන්ගේ පරතරය අඩුකරගැනීමයි.

දෙවන අදියරේදී තමන්ගේ බිමේ වාසියද සමඟින් තරඟ බිමට පිවිසි රාජකීයයන් හොඳින් තරඟයට අවතීර්ණ වූයේය. එහිදී නවීන් ජූඩ් සහ සකුන් දිව්‍යංග මැදපෙල සිට රාජකීයයන් වෙනුවෙන් අවස්ථාවන් නිර්මාණය කළේය.

මහින්ද විද්‍යාලීය ආරක්ෂක පෙල දිගින් දිගටම ප්‍රශ්න කළ නවීන් තම කණ්ඩායමේ ඉදිරි දෙකෙළවර ප්‍රහාරකයන් වෙත පන්දුව ලබා දුන්නේය. එහිදී අෆ්රිඩි හුසේන් වෙතින් අවස්ථා කිහිපයක්ම මඟහැරිණි.

රාජකීයයන් වෙත උදාවූ වටිනාම අවස්ථාව උදාවූයේ ප්‍රතිවාදී ගෝල සීමාවේ කෙළවරකදී වූ අතර නවීන් විසින් ලබාගත් එම අවස්ථාව ගෝලයකින් නිමවෙන්නට සුදුසු එකක් විය. නමුත් මහින්ද විද්‍යාලයේ ගෝල රකින්නා ද ඉහල මට්ටමේ ගෝල රැකීමක යෙදෙමින් එය වළකාලීය.

කෙසේවෙතත් තරඟය එක කණ්ඩායමක පාලනය යටතේ නොතබමින් මහින්ද විද්‍යාලීය ක්‍රීඩකයන්ද, නවිඳු රෙෂාන්, පසන් කුමාර, කල්හාර ද සිල්වා සහ අශාන් කුමාර පෙරදැරිව රාජකීය ආරක්ෂක පෙල අතරින් පන්දුව ඉදිරියට ගෙන එන්නට සමත් විය. නමුත් අවසන් කිරීම් වලදී සිදුවූ වැරදි හේතුවෙන් රාජකීය ගෝල රකින්නාව අපහසුතාවට පත්කිරීමට ඔවුනට නොහැකි විය. ප්‍රථම අර්ධයේ මැදභාගය වන විට දෙපිලෙන්ම දිස්වූයේ ප්‍රතිවාදී ආරක්ෂාවන් විනිවිද යෑමට ඇති නොහැකියාවයි.

Photos: Royal College v Mahinda College – 23rd Albert Edirisinghe Trophy

PHOTOS OF THE ROYAL COLLEGE V MAHINDA COLLEGE – 23RD ALBERT EDIRISINGHE TROPHY 2016

දෙවන අර්ධයෙදීත් පෙර අර්ධයේදී මෙන්ම රාජකීයයන් වෙනුවෙන් නවීන් සහ සකුන් වටිනා අවස්ථා නිර්මාණය කළේය. නමුත් චතුර අවිශ්කත් සෙසු ආරක්ෂකයිනුත් කළ නීති උල්ලංඝනයන් නිසා නිදහස් පහරවල් සමඟින් රාජකීය අර්ධය ආක්‍රමණය කරන්නට මහින්ද විද්‍යාලීය ක්‍රීඩකයෝ සමත් වූහ.

එමෙන්ම, රාජකීය ආරක්ෂක පෙලේ සිව්දෙනා සිදුකළ අතපසුවීම් නිසා ඔවුන් නොතකමින් ඉදිරියට එන්නට මහින්ද විද්‍යාලීය ඉදිරිපෙල ක්‍රීඩකයන් සමත් විය.

දෙවන අර්ධයේ මැද භාගයේදී සම තත්වයේ තිබූ තරඟය වෙනස් වූයේ මහින්ද විද්‍යාලය විසින් අනවශ්‍ය ලෙස කෝණ පහරක් රාජකීයයන් වෙත පිරිනැමීමෙන් පසු නවීන් ජූඩ්, වර්ධනය වෙමින් පැවති තම ආත්ම විශ්වාසය උපයෝගී කොටගෙන එල්ල කළ පහර අෂ්රෆ් අලී විසින් හිස යොදාගෙන දැල තුළට යැවීමෙන් අනතුරුවය.

ඉන් පසුව උද්යෝගීමත් වූ රාජකීයයන්, මහින්ද ක්‍රීඩකයන් වෙත තව තවත් තර්ජනය දැඩි කළේය.

එනමුත් මහින්දය වෙනුවෙන් අශානුත්, කල්හාරත් නොසැලෙමින් රාජකීය ආරක්ෂකයන් භීතියට පත්කරන්නට සමත්විය. එහිදී තම නායකත්ව දක්ෂතා ප්‍රදර්ශනය කරමින් චතුර, රාජකීය ආරක්ෂකයන් සිව්දෙනා මෙහෙය වූයේය.

අවසන් මොහොතේදී ලැබුණු කෝණ අවස්ථාවක් ගෝලයක් බවට පරිවර්තනය කරගැනීමේ ආසන්නයටම පැමිණෙන්නට රාජකීයයන් සමත් වූ නමුත් නවීන්ගෙන් ලැබුණු පන්දු යොමුව තම හිසට ඉහළින් එල්ල කළ පාපහරකින් ගෝලය වෙත යවන්නට තැත්කළ චතුරව සාර්ථකව වළකාලන්නට මහින්දයේ ගෝල රකින්නාට හැකිවිය.

ඒ අනුව දෙවන අදියරේ ජය රාජකීයයන් සතුවූයේ සමස්ත තරඟවල ජය 21-2ක් බවට පත්කරමිනි.

සම්පූර්ණ ලකුණු තත්වය: රාජකීය විද්‍යාලය 1-0 මහින්ද විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා: චතුර අවිශ්ක

ගෝල වාර්තා කළ ක්‍රීඩකයන්. – අෂ්රෆ් අලී 57′ (රාජකීය විද්‍යාලය)

කහ කාඩ්පත් – චතුර අවිශ්ක 17′ (රාජකීය විද්‍යාලය), අකලංක ස්වර්ණහංස 50′ (මහින්ද විද්‍යාලය)

තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට