“එදා මට ඔහුට කතා කරන්න බැරි වෙච්ච එක ගැන කනගාටු වෙනවා”

370
Sushant Singh Rajput and Shoaib Akthar

බොලිවුඩ් සුපිරි තරුවක් වන සුශාන්ත් සිං රාජ්පුත් අවාසනාවන්ත ලෙස පසුගිය දා වියෝ වූයේ ඉන්දියාව පමණක් නොව මුළු ලොවම කලඹමිනුයි. ඔහුගේ වියෝව ක්‍රිකට් ප්‍රජාවටත් ඉතා වැදගත් වුනේ ඉන්දීය සුපිරි නායක මහේන්ද්‍ර සිං දෝනි ගැන නිර්මාණය වුණු සුප්‍රසිද්ධ MS Dhoni: The Untold Story සිනමා පටයේ දෝනිගේ චරිතය නිරූපනය කළේ සුශාන්ත් වීම නිසයි.

ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි හා උපනායක රෝහිත් ශර්මා ද සුශාන්ත්ගේ පවුලට සිය සංවේගය ප්‍රකාශ කර තිබුණා. කෙසේ වෙතත් ක්‍රිකට් ක්‍රීඩකයින් අතරින් පාකිස්තාන වේගපන්දු යවන ක්‍රීඩක ෂොයිබ් අක්තාර් පසුගිය දා සුශාන්ත්ගේ අකල් වියෝව පිළිබඳව  සිය අදහස් පල කර තිබුණා.

ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියත් නැවත පැවැත්වීම අසීරුයි

වත්මන් ICC ලෝක ටෙස්ට් ශූරතා චක්‍රය දිගු නොකළොත් බංග්ලාදේශයට

අක්තාර් පවසා තිබුණේ 2016 වසරේ ඔහු ඉන්දියාවේ සංචාරයක යෙදුණු වතාවක ඔහුට සුශාන්ත් මුණගැසුණු බවත්, කෙසේ වෙතත් ඔහු සමඟ කතාබහ කිරීමට ඉඩක් නොලැබීම පිළිබඳ අක්තාර් සිය කනගාටුව ප්‍රකාශ කර තිබුණා.

“මට ඔහුව හමුවුණා මුම්බායි හිදී. ඒ 2016 වසරේ දී මම ඉන්දියාවේ සංචාරය කර නැවත පැමිණීමට සූදානමින් සිටින අවස්ථාවක. අවංකවම කියනවා නම් ඔහු එතරම් ඔහු ගැන විශ්වාසයකින් ඉන්නවා කියලා මට පෙනුණේ නැහැ. ඔහු බිම බලාගෙන මාව පසු කරගෙන ගියා. මගේ යාළුවෙක් මට කිව්වා ඔහු තමයි එම්. එස්. දෝනිගේ ෆිල්ම් එකේ රඟපාන්නේ කියලා” අක්තාර් YouTube වීඩියෝවක පවසා තිබුණා.  

ප්‍රබල පිතිකරුවන් දෙදෙනෙක් සංචිතයෙන් ඉවත් කළේ මොන පදනමකින් ද?

Covid-19 වසංගතය නිසාවෙන් අකර්මණ්‍ය වූ ක්‍රිකට් මෙහෙයුම්

“මම හිතනවා මම ආපහු ඔහු රඟපාපු චිත්‍රපට බලන්න ඕන කියලා. ඔහු කිසිම ආඩම්බරයක් නැති පුද්ගලයෙක් වගේම ඔහුගේ චිත්‍රපට හරිම හොඳයි. දෝනිගේ චිත්‍රපටය ඉතා සාර්ථක වුනා. මම කනගාටු වෙනවා. එදා ඔහුව නවත්තලා ඔහුත් එක්ක ජීවිතය ගැන කතා කරපු නැති එක ගැන. මට මගේ ජීවිතයේ අත්දැකීම් ගැන ඔහුත් එක්ක කතා කරන්න තිබ්බා. මට ඔහුට ජීවිතය ගැන ගොඩක් දේවල් කියලා දෙන්න තිබ්බා. මම කනගාටු වෙනවා ඔහුට කතා නොකිරීම ගැන.”

ෂොයිබ් පවසා සිටියේ වසීම් අක්‍රම්, වකාර් යුනිස් වැනි ක්‍රීඩකයින් අතර නමක් සාදා ගැනීමට තමන්ටත් එතරම් පහසු නොවූ බවයි.

“මම කණ්ඩායමට එනකොට, වසිම් අක්‍රම් හා වකාර් යුනිස් වගේ ක්‍රීඩකයින් කණ්ඩායමේ සිටියා. ඔවුන් නිකන් බොලිවුඩයේ සල්මන් ඛාන් හා ශාරුක් ඛාන් වගේ. මට ඔවුන් අතර නමක් හදා ගන්න සෑහෙන්න මහන්සි වෙන්න වුනා” අක්තාර් පවසා සිටියා.

පාකිස්තාන ක්‍රීඩකයෝ එංගලන්තයට ගොඩබහින්න සූදානම්!

පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයින් දස දෙනෙකු හට COVID-19 වයිරසය වැළඳී ඇති බව තහවුරු වුනත්

අක්තාර් තවදුරටත් පවසා සිටියේ සුශාන්ත් හට උදව් අවශ්‍යව තිබුණු බවත්, ජීවිතය තොර කර ගැනීම කිසි ලෙසකින්වත් විසඳුමක් නොවන බවත්ය.

“ජීවිතය හානි කර ගැනීම කිසි ලෙසකින්වත් විසඳුමක් නොවෙයි. ඔබට එල්ල වෙන බාධා ඔබ ඉස්සරහට යන්න උදව් කරගන්න ඕන. නමුත් ඔබ දන්නවා නම් ඔබට ප්‍රශ්නයක් තියෙනවා කියලා ඔබ සාකච්ඡා කරන්න ඕනේ. සුශාන්ත්ටත් උදව් අවශ්‍යව තිබුණා.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<