දකුණු කොරියාව හමුවේ ශ්‍රී ලංකාවට නොසිතූ අභියෝගයක්

1125

ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවේ රග්බි කණ්ඩායම සහභාගී වූ දෙවන කාණ්ඩ වටයේ තරගය අද (30) පස්වරුවේ පැවැත්විය. එහි දී ලකුණු 31-26ක් ලෙස ශ්‍රී ලංකාව පරදා ජයග්‍රහණය ලබා ගත්තේ දකුණු කොරියා කණ්ඩායමයි.

ආරම්භයේ සිටම දැඩි උද්වේගකර බවක් තරගය පුරා දක්නට ලැබුණු අතර ප්‍රබල දකුණු කොරියාව තරගයේ පළමු මිනිත්තුවේ දී ම පළමු උත්සාහක දිනුම වාර්තා කරමින් ලකුණු ලබා ගැනීම ආරම්භ කළේය. එය ජාන්ග්- සෝන්ග්- මින්ගේ ගිණුමට බැර විය. (05-00)

තවත් මිනිත්තු කිහිපයක් ගතවෙත්ම නැවතත් ක්‍රියාත්මක වූ ජාන්ග්- සෝන්ග් තවත් උත්සාහක දිනුමක් වාර්තා කරමින් තරගයේ පැහැදිලි ඉදිරිය දකුණු කොරියාවට නතු කළේය. (10-00)

පේරාදෙණිය හා මොරටුව හමුවේ යාපනය හා ඌව වෙල්ලස්ස අන්ත අසරණ වේ

අන්තර් විශ්ව විද්‍යාලය රග්බි තරගාවලියේ තෙවැනි හා සිව්වැනි අර්ධ අවසන් පූර්ව තරග ඊයේ (26) කොළඹ විශ්ව විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණා. පළමු තරගයේ දී යාපනය විශ්ව විද්‍යාලය ලකුණු…

ඉන් මිනිත්තු කිහිපයක් ගතවෙත්ම කොරියානු ආරක්ෂක වළල්ල බිඳ හෙලමින්  ශ්‍රීනාත් සූරියබණ්ඩාර පළමු උත්සාහක දිනුම ශ්‍රී ලංකාවට දිනා දෙන්නට සමත් විය. එහි ප්‍රවර්තනය සුදම් සූරියආරච්චි විසින් සාර්ථක කරගත්තේය. (10-07)

පළමු අර්ධය අවසන් වන්නට තවත් මිනිත්තුවක කාලයක් ඉතිරිව තිබිය දී කොරියානු ක්‍රීඩකයින්ගේ මනා පන්දු පාලනයක ප්‍රතිඵලයක් ලෙස තවත් උත්සාහක දිනුමක් කොරියානු ලකුණු පුවරුවට එක්වූයේ හැන්ග්- කොන්ග්- යූ ගේ උත්සාහයෙනි. ප්‍රවර්තනය සාර්ථක කර ගත්තේ ලී-ජේ-බැක්ගේ විසිනි. (17-07)

පළමු අර්ධය: ශ්‍රී ලංකාව 07 – 17 දකුණු කොරියාව

ජයග්‍රහණයේ අරමුණින් දෙවන අර්ධය වෙනුවෙන් කණ්ඩායම් දෙකම පිටියට අවතීර්ණ විය. දෙවැනි අර්ධය ඇරඹි මිනිත්තු කිහිපයක් ගතවුණු තැන ලී-ජේ තවත් උත්සාහක දිනුමක් කොරියාව වෙත දිනා දුන්නේය. එහි ප්‍රවර්තනය ද සාර්ථකයි. (24-07)

ශ්‍රී ලංකා බලාපොරොත්තු සුන්ව තිබූ මොහොතක රීසා රෆයිඩීන් ඉක්මන් උත්සාහක දිනුමක් ශ්‍රී ලංකාව වෙත දින දුන්නේ එහි ප්‍රවර්තනය ද සාර්ථක කරගනිමිනි. (24-14)

ඒත් සමඟින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් යම් ජවයකින් සටන් වදිනු දක්නට ලැබුණු අතර බුද්ධිම පියරතන ද කල් යල් බලමින් ප්‍රතිවාදී බාධක මඟ හරවා ගෙන ධවල රේඛාව පසු කර ගියේ තවත් උත්සාහක දිනුමක් වාර්තා කරමිනි. (24-19)

තරගය අවසන් වන්නට මිනිත්තු දෙකක් පමණක් ඉතිරිව තිබිය දී නැවතත් තරගයේ වාසිය කොරියාව වෙත නතු කරගන්නට හැන්ග්-කුන්ග්-යූ සමත් විය. එහි ප්‍රවර්තනය ද සාර්ථකයි. (31-19)

තරගයේ අවසන් වන්නට තත්පර කිහිපයක් තිබිය දී නැවත ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සුදම් සූරියආරච්චි සාර්ථක ප්‍රවර්තනයක් ද සමඟින් ලකුණු තත්වය 26ක් දක්වා ගෙන ආ නමුත් කාලය හරස් වීමෙන් ශ්‍රී ලංකාව කොරියාව හමුවේ ලකුණු 5කින් පරාජය විය. (31-26)

අවසන් ලකුණු තත්වය: ශ්‍රී ලංකාව 26 (4T 3C) – 31 (5T, 3C) දකුණු කොරියාව

ලකුණු ලබාගත් ක්‍රීඩකයින්

  • ශ්‍රී ලංකාව: ශ්‍රීනාත් සූරියබණ්ඩාර (1T 1C ), රීසා රෆයිඩීන් (1T 1C), බුද්ධිම පියරතන (1T), සුදම් සූරියආරච්චි (1T 1C)
  • දකුණු කොරියාව: ජාන්ග්-සෝන්ග් (2T), ලී-ජේ (1T 3C), හැන්ග්-කුන්ග් (2T)

අන්තර් විශ්ව විද්‍යාලයීය සත් සාමාජික රග්බි ජය ICBTට

ICBT විශ්ව විද්‍යාලය විසින් සංවිධානය කරනු ලබන අන්තර් විශ්ව විද්‍යාලයීය සත් සාමාජික රග්බි තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ICBT විශ්ව විද්‍යාල කණ්ඩායම සමත් විය. කොළඹ රාජකීය…

අරාබි ක්‍රීඩකයින්ට එරෙහිව ශ්‍රී ලංකාවෙන් උත්සාහක දිනුම් වැස්සක්

2018 ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවේ අවසන් කණ්ඩායම් තරග බලාපොරොත්තුව වූ රග්බි කණ්ඩායම අද (30) සිය ප්‍රථම තරගය සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ තරග වැදුණි. එහි දී ලකුණු 68-00ක් ලෙස විශිෂ්ට ජයක් ලබා ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

තරග ආරම්භයෙන් මිනිත්තු කිහිපයක් ගත වෙද්දීම ශ්‍රී ලංකාව ලකුණු  ලබා ගැනීම ආරම්භ කළ අතර ශ්‍රීනාත් සූරියබණ්ඩාර වාර්තා වූ පළමු උත්සාහක දිනුමේ හිමිකරු වූ අතර තරින්ද රත්වත්තේ එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට සමත් විය. (07-00)

ධනුෂ්ක රන්ජන්ට හදිසි ආබාධයක්

ආසියානු ක්‍රීඩා උළෙලේ රග්බි තරග සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයෙකු වන ධනුෂ්ක රන්ජන් ආබාධයකට ලක්ව ඇති බවට වාර්තා වේ.

ඉන් ඇරඹි ශ්‍රී ලංකාවේ උත්සාහක දිනුම් වැස්ස එකින් එක පෙළ ගැසුණි. ඉන්පසු පිටියේ පන්දු පාලනය මැනවින් සිදු කරමින් කණ්ඩායම් නායක සුදර්ශන මුතුතන්ත්‍රී දෙවන උත්සාහක දිනුම වෙනුවෙන් මග විවර කළේය. එහි ප්‍රවර්තනය ද සාර්ථකයි. (14-00)

ඉන් අනතුරුව බුද්ධිම පියරතන හා ශ්‍රීනාත් සූරියබණ්ඩාර පිළිවෙළින් සාර්ථක ප්‍රවර්තන ද සහිතව උත්සාහක දිනුම් ද්විත්වයක් වාර්තා කළේය. ඒ සමඟින් තරගයේ පළමු අර්ධය නිමා විය. (28-00)

පළමු අර්ධය: ශ්‍රී ලංකාව 28 – 00  එක්සත් අරාබි එමීර් රාජ්‍යය

දෙවන අර්ධය සඳහා විනිසුරුගේ කාල ගණනය ක්‍රියාත්මක විය. අර්ධය ආරම්භ වී මිනිත්තු කිහිපයක් ගත වෙන්නටත් මත්තෙන් ධනුෂ් දයාන් උත්සාහක දිනුමක් වාර්තා කළේය. එහි ප්‍රවර්තනය තරින්ද විසින් සාර්ථක කරගත්තේය. (35-00)

ඉන්පසු ශ්‍රී ලංකා ක්‍රීඩක කවිඳු පෙරේරා උත්සාහක දිනුම් ත්‍රිත්වයක්ම  එක පෙළට වාර්තා කළේ ප්‍රතිවාදීන් නරඹන්නන් කරවමිනි. එයින් එක ප්‍රවර්තනයක් පමණක් අසාර්ථක විය. (54-00)

ආසියානු පදක්කම ගෙන එන්නට සවිය වෙන්න ‘සූරි’ත් සූදානමින්

නවක ක්‍රීඩකයන් හා උරෙනුර ගැටෙමින් පරිණත ක්‍රීඩකයින් අතලොස්සක් ද තම රට වෙනුවෙන් උපරිමය ලබා දෙන්නට උත්සහ කරනු දැකගන්නට ලැබෙන කාලයක, තම ස්ථානය වසර…

එමීර් ක්‍රීඩකයන්ට කිසිදු විටක ශ්‍රී ලංකාවේ ආරක්ෂක වළල්ල අතික්‍රමණය ට ඉඩ නොලැබීම තරගය පුරාවටම දක්නට ලැබුණි. තරගයේ අවසන් මිනිත්තු දෙක කාල ගණනයේ ක්‍රියාත්මක වූ අතර එයිනුත් උපරිම ඵල නෙලා ගන්නට ශ්‍රී ලාංකිකයන් පසුබට වූයේ නැත. අවසන් පිටියේ ක්‍රියාත්මක වූ ධනුෂ් හා සුදම් සූරියආරච්චි එක්ව තවත් උත්සාහක දිනුම් ද්විත්වයක් වාර්තා කළේ ශ්‍රී ලංකාවට ලකුණු 68- 00ක ජයක් අත්කර දෙමිනි. (68-00)

අවසන් ලකුණු තත්වය: ශ්‍රී ලංකාව 68 (10T, 9C) – 00 එක්සත් අරාබි එමීර් රාජ්‍යය

ලකුණු ලබාගත් ක්‍රීඩකයින්

  • ශ්‍රී ලංකාව: ශ්‍රීනාත් සූරියබණ්ඩාර (2T 1C ), සුදර්ශන මුතුතන්ත්‍රී (1T 1C), බුද්ධිම පියරතන (1T), ධනුෂ් දයාන් (2T), කවිඳු පෙරේරා (3T), සුදම් සූරියආරච්චි (1T 2C ), තරින්ද රත්වත්තේ (5C )

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<