කවීන් රුක්ශාන්ගේ කඩුලු 17 නිසා මහින්ද විද්‍යාලයට දැවැන්ත ජයක්

U19 Division 1 Schools Cricket Tournament 2023/24

205
U19 Division 1 Schools Cricket Tournament 2023/24

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග ත්‍රිත්වයක් අද (07) දිනයේ දී අවසන් වුනා.

මෙම තරගවල දී ජයග්‍රහණ ලබා ගැනීමට ගාල්ල මහින්ද සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාල විසින් සමත් වුනා.

එහි දී මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලයට එරෙහිව ලකුණු 199ක දැවැන්ත ජයග්‍රහණය කරා මහින්ද විද්‍යාලය රැගෙන යාමේ සම්පූර්ණ බර කරට ගත් කවීන් රුක්ශාන් සිල්වෙස්තර පළමු ඉනිමේ කඩුලු 9ක් ලකුණු 20ක් තුළ බිඳ හෙළීමට සමත් වුනා. එතැනින් ද නොනැවතුණු ඔහු සිල්වෙස්තර දෙවන ඉනිමේ කඩුලු 8ක් ලකුණු 17කට බිඳ හෙළීමට සමත් වුනේ සමස්ත තරගයේ කඩුලු 17ක් දවා ගැනීමට සමත් වෙමිනුයි.

මීට අමතරව මහින්ද විද්‍යාලයේ චන්දූප ද සිල්වා ඉනිම දෙකේ දී ම අර්ධ ශතක ලබා ගැනීමට සමත් වූ අතර, සිල්වෙස්තර විද්‍යාලයේ අකිල වික්‍රමසිංහ ඉනිම දෙකේ දී ම කඩුලු 5 දස්කම් ප්‍රදර්ශනය කිරීමට සමත් වුනා.

මේ අතර මාතර සාන්ත සර්වේශස් විද්‍යාලයට එරෙහිව ඉනිමක ජයග්‍රහණයක් ලබා ගැනීමට මග පෙන්වූ මොරටුව සාන්ත සෙබස්තියන් නායක මනුජ චන්තුක පළමු ඉනිමේ කඩුලු 6ක් සමඟ සමස්ත තරගයේ කඩුලු 9ක් දවා ගනිමින් සහ පිත්තෙන් වේගවත් ලකුණු 45ක් ලබා ගනිමින් තුන් ඉරියව්වෙන් ම කැපී පෙනීමට සමත් වුනා.

පළමු කොටසේ Tier A තරග

මොරටුව වේල්ස් කුමර විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය

කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ දී

  • මොරටුව වේල්ස් කුමර විද්‍යාලය– 197/10 (74) ඔශාන් මනීෂ 64, ඉනුක කරන්නාගොඩ 4/72 & 82/3 (19) රිවිත් ජයසූරිය 36, ඉනුක කරන්නාගොඩ 2/37
  • කොළඹ මහානාම විද්‍යාලය– 287/10 (111.1) ගිමන්ත දිසානායක 92, එශාන් විතානගේ 55, අචල පෙරේරා 4/50

තරගය ජය පරාජයෙන් තොරයි, මහානාම විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

මාතර සාන්ත සර්වේශස් විද්‍යාලය සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය

මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාල ක්‍රීඩාංගණයේ දී

  • මාතර සාන්ත සර්වේශස් විද්‍යාලය– 113/10 (47.4) දිනිරු අබේවික්‍රමසිංහ 27, මනුජ චන්තුක 6/44 & 127/10 (57.1) හේෂාන් මදුශංක 47, විශ්ව සුපුන් 46, මනුජ චන්තුක 3/29, නවෝද් ප්‍රනාන්දු 3/43
  • මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය – 259/10 (69.5) විමත් දින්සර 75, මනුජ චන්තුක 45, ප්‍රවීන් මදුසංක 4/40, රවීන් කවින්ත 4/68

මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 19ක ජයක්.

පළමු කොටසේ Tier B තරග

ගාල්ල මහින්ද විද්‍යාලය සහ මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලය

බෝයාගනේ යුද හමුදා ක්‍රීඩාංගණයේ දී

  • ගාල්ල මහින්ද විද්‍යාලය– 164/10 (59.3) චන්දූප ද සිල්වා 65, අකිල වික්‍රමසිංහ 5/60  & 185/10 (34.4) ප්‍රමේශ් මදුභාෂණ 76, චන්දූප ද සිල්වා 51, අකිල වික්‍රමසිංහ 5/52,  අරූශ ජයසිංහ 4/58
  • මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලය– 110/10 (42.4) වගීෂ හන්සල 36, කවීන් රුක්ශාන් 9/20 & 40/10 (21.1) පියුමක කරුණාරත්න 25, කවීන් රුක්ශාන් 8/17

ගාල්ල මහින්ද විද්‍යාලයට ලකුණු 199ක ජයග්‍රහණයක්.

දිනෙන් දින උණුසුම් වන පාසල් ක්‍රිකට් පිටියේ සියලු තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<