ලිනාල්ගේ ප්‍රවේගකාරී ශතකය නිසා වෙස්ලි විද්‍යාලයට නොතිබූ ජයක්

U19 Division 1 Schools Cricket Tournament 2023/24

322
U19 Division 1 School Cricket Tournament 2023/24

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් ඊයේ (03) සහ අද (04) දිනවල දී අවසන් වුනා.

මේ අතුරින් ඊයේ අවසන් වූ තරගවලින් කොළඹ රාජකීය විද්‍යාලයට එරෙහිව කඩුලු 08ක ජයග්‍රහණයක් ලබා ගැනීමට මොරටුව වේල්ස් කුමර විද්‍යාලය විසින් සමත් වුනා.

එමෙන්ම මහනුවර ධර්මරාජ විද්‍යාලය විසින් මහනුවර සිල්වෙස්තර විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 51ක දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් වුනා.

පළමු කොටසේ Tier A තරග

කොළඹ රාජකීය විද්‍යාලය සහ මොරටුව වේල්ස් කුමර විද්‍යාලය

(මොරටුව වේල්ස් කුමර විද්‍යාලය ක්‍රීඩාංගණයේ දී)

  • කොළඹ රාජකීය විද්‍යාලය – 147/10 (40.1) බුලන් වීරතුංග 44, සුවස් රණවන 3/7, රසිඳු ප්‍රනාන්දු 3/23 & 110/10 (34.4) බුලන් වීරතුංග 25, උනෙත් පීරිස් 3/31, සුවස් රණවන 2/6
  • මොරටුව වේල්ස් කුමර විද්‍යාලය– 203/10 (68.2) රිවිත් ජයසූරිය 30, නවීන් ප්‍රනාන්දු 74, දිනුර සේනාරත්න 4/38, රමිරු පෙරේරා 4/61 & 55/2 (9.5) සුවස් ප්‍රනාන්දු 30

මොරටුව වේල්ස් කුමර විද්‍යාලයට කඩුලු 8ක ජයක්.

පළමු කොටසේ Tier B තරග

මහනුවර ධර්මරාජ විද්‍යාලය සහ මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලය

(මහනුවර ධර්මරාජ විද්‍යාල ක්‍රීඩාංගණයේ දී)

  • මහනුවර ධර්මරාජ විද්‍යාලය– 286/10 (83.2) ඔනජිත් ද සිල්වා 102, ලක්වින් අබේසිංහ 105, නිමේෂ සිල්වා 5/70, අරුෂ ජයසිංහ 4/76
  • මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලය– 117/10 (50.2) අරුශ ජයසිංහ 29, දුලාර බන්දුලසේන 3/28 & 118/10 (f/o) (33.1) අකිල වික්‍රමසිංහ 18, ශෙහාන් මාරසිංහ 3/26, දක්ෂික මනුකල්ප 3/26

මහනුවර ධර්මරාජ විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 51ක ජයක්.

රත්ගම දේවපතිරාජ විද්‍යාලය සහ කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලය

(අම්බලන්ගොඩ නගරසභා ක්‍රීඩාංගණයේ දී)

  • රත්ගම දේවපතිරාජ විද්‍යාලය– 200/10 (59.4) දර්ශක සන්දීප් 52, නිම්න ප්‍රනාන්දු 4/27, නිශල් රශ්මික 2/14 &195/9 (43) චමිඳු පද්මික 57, දර්ශක සංදීප් 54, විහඟ තීක්ෂණ 4/42 නිශල් රශ්මිම 2/22
  • කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලය– 147/10 (56.3) මහීෂ සිතුම් 43, පැතුම් ශමින්ද 2/34, ගිම්හාන් රසාංජන 4/37 & 148/4 (34) මලීෂ නෙත්සර 35, මහීෂ සිතුම් 39, චමින්ද සඳරුවන් 3/17

තරගය ජය පරාජයෙන් තොරයි, රත්ගම දේවපතිරාජයට පළමු ඉනිමේ ජයක්.

මේ අතර පළමු කොටසේ Tier A තරග ද්විත්වයක් අද දිනයේ ද නිමාව දුටුවා.

මෙම තරග අතුරින් මාතර සාන්ත සර්වේශස් විද්‍යාලය සහ කොළඹ වෙස්ලි විද්‍යාලය අතර පැවැත්වුණු තරගයෙන් වෙස්ලි විද්‍යාලය විසින් කඩුලු 3ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වුනා.

මෙම තරගයේ පළමු ඉනිම් දෙක අවසන් වන විට සර්වේශස් විද්‍යාලය පළමු ඉනිමේ ජයක් තහවුරු කරගෙන සිටි අතර, ඔවුන් අද සිය දෙවන ඉනිම ලකුණු 186ක දී අත්හිටවීමට තීරණය කළේ පූර්ණ ජයග්‍රහණයක් කරා යාමේ අදිටන ඇතිවයි.  සර්වේශස් දෙවන ඉනිම වෙනුවෙන් විරාන් චමුදිතගේ පිත්තෙන් විශිෂ්ට ශතකයක් ද වාර්තා වුනා.

කෙසේ වෙතත් සර්වේශස් ක්‍රීඩකයින් පූර්ණ ජයග්‍රහණයක් සොයමින් යෙදූ උපක්‍රමය තමන්ගේ වාසියට හරවා ගත් වෙස්ලි ක්‍රීඩකයින් පන්දුවාර 38 පන්දු 4ක් තුළ ලකුණු 230ක ඉලක්කයක් හඹා යමින් තරගය ජයග්‍රහණය කිරීමට සමත් වුනා. මේ වෙනුවෙන් ලිනාල් සුභසිංහගේ පිත්තෙන් වේගවත් ශතකයක් වාර්තා වුනා. ලිනාල් විසින් පන්දු 85ක් තුළ ලකුණු 105ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඒ වෙනුවෙන් ඔහු හතරේ පහර 5ක් සහ හයේ පහර 7ක් එල්ල කිරීමට සමත් වීම විශේෂත්වයක්.

මෙම තරගයේ දී සර්වේශස් විද්‍යාලය වෙනුවෙන් සනී පෙරේරා කඩුලු 5 දස්කමක් ද ප්‍රදර්ශනය කිරීමට සමත් වුනා.

එමෙන්ම කැලණිය ගුරුකුල විද්‍යාලය සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර තරගයේ දී මනුජ චන්තුක සෙබස්තියන් විද්‍යාලය වෙනුවෙන් කඩුලු 6 දස්කමක් දැක්වීමට සමත් වූ අතර, ගුරුකුල විද්‍යාලයේ නායක මොහොමඩ් මුර්සාඩ් විසින් ඉනිම් දෙකේ දී ම අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වුනා.

මාතර සාන්ත සර්වේශස් විද්‍යාලය සහ කොළඹ වෙස්ලි විද්‍යාලය

(මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී)

  • මාතර සාන්ත සර්වේශස් විද්‍යාලය– 152/10 (65.4) චලන ඉන්දූශ 41, උවින් පෙරේරා 5/26, ලිනාල් සුභසිංහ 4/38 & 186/4d (44.3) විරාන් චමුදිත 100, රවීන් කවින්ත 35, ශකේෂ් මිනෝන් 2/42
  • කොළඹ වෙස්ලි විද්‍යාලය– 109/10 (45.5) සනිතු අමරසිංහ 36, ලිනාල් සුභසිංහ 26, සනී පෙරේරා 5/18, රවීන් කවින්ත 2/13 & 230/7 (38.4) ලිනාල් සුභසිංහ 105, නිලුපුල් ලියනගේ 22, විරාන් චමුදිත 2/83

කොළඹ වෙස්ලි විද්‍යාලයට කඩුලු 3ක ජයග්‍රහණයක්.

කැලණිය ගුරුකුල විද්‍යාලය සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය

(සාන්ත සෙබස්තියන් විද්‍යාල ක්‍රීඩාංගණයේ දී)

  • කැලණිය ගුරුකුල විද්‍යාලය– 223/10 (90) මොහොමඩ් මුර්සාඩ් 59, හිරුණ නිම්සර 44, මනුජ චන්තුක 6/49 & 191/7 (43.1) මොහොමඩ් මුර්සාඩ් 92, ජනිත් මිහිරංග 30, මලින්ත සිල්වා 23/26
  • මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය – 191/10 (66.3) උශේන් සිල්වා 63, මනුජ චන්තුක 25, තරුෂ කොඩිකාර 3/47, පූර්ණ කල්හාර 2/44

තරගය ජය පරාජයෙන් තොරයි, ගුරුකුල විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

දිනෙන් දින උණුසුම් වන පාසල් ක්‍රිකට් පිටියේ සියලු තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<