රුචිත්, නෙලිත් සහ භාග්‍ය ශතක රැස් කරයි

U19 Division 1 School Cricket Tournament 2023/24

143
U19 Division 1 School Cricket Tournament 2023/24

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් එක් තරගයක් අද (28) අවසන් වුනා.

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය ඊයේ දිනයේ (31) වාර්තා කළ ලකුණු 194 ඉක්මවා යාමට කැලණිය ගුරුකුල විද්‍යාලය විසින් අද සමත් වුනේ පළමු ඉනිමේ ජයක් තහවුරු කර ගනිමිනුයි.

  • ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය – 194/10 (83.5) තිසේන් ඇහැලියගොඩ 66, මහිත් පෙරේරා 30, හිරුණ නිම්සර 4/29 පූර්ණ කල්හාර 2/19 & 110/3 (21) සේනාධි බුලන්කුලමේ 47
  • කැලණිය ගුරුකුල විද්‍යාලය – 204/10 (90.5) තත්සර එශාන් 50, නේතන් ඩිශේන් 35, අභීත් පරණවිදාන 4/64, අශේන් පී පෙරේරා 3/32

තරගය ජය පරාජයෙන් තොරයි, කැලණිය ගුරුකුල විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

මේ අතර තවත් දෙදින තරග කිහිපයක් ම අද දිනයේ දී ආරම්භ වුනා. එම තරගවල දී,

සියඹලාපේ නැණමල් රාජකීය විද්‍යාලයේ භාග්‍ය සමනර විසින් පන්දු 136කින් ලකුණු 191ක් ලබා ගැනීමට සමත් වූ අතර, එම ඉනිමට හයේ පහර 10ක් අන්තර්ගත වුනා.

මේ අතර ගාල්ල මහින්ද විද්‍යාලයේ සෙනුක දංගමුව කඩුලු 7 දස්කමක් ප්‍රදර්ශනය කළා.

කොළඹ ඉසිපතන විද්‍යාලයේ රුචිත් රොද්‍රිගෝ ශතකයක් වාර්තා කිරීමට සමත් වූ අතර, පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ මෙනුශ පබසර කඩුලු 5 දස්කමක් ද ප්‍රදර්ශනය කිරීමට සමත් වුනා.

එමෙන්ම කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය වෙනුවෙන් නෙලිත් නිම්දියගේ පිත්තෙන් ද අගනා ශතකයක් වාර්තා වුනා.

පළමු කොටසේ Tier B තරග

වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය සහ ගාල්ල මහින්ද විද්‍යාලය

  • වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය – 137/10 (60.2) රවිඳු ජයසංක 49, සෙනුක දංගමුව 7/49
  • ගාල්ල මහින්ද විද්‍යාලය – 86/4 (39) ප්‍රමේශ් මදුභාෂණ 38

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය සහ කොළඹ ඉසිපතන විද්‍යාලය

  • පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය – 98/10 (36.3) නෙත්මින නිර්මාල් 44, තරුශ්ක අශෙල් 4/25, සිතුක ගුණවර්ධන 4/40
  • කොළඹ ඉසිපතන විද්‍යාලය – 301/7 (62.4) රුචිත් රොද්‍රිගෝ 117, මලීශ සඳරුවන් 76, මෙනුශ පබසර 5/120

කොළඹ සාන්ත පීතර විද්‍යාලය සහ කළුතර හෝලි ක්‍රොස් විද්‍යාලය

  • කොළඹ සාන්ත පීතර විද්‍යාලය – 157/10 (54.2) ශෙන්නන් රොද්‍රිගෝ 50, ඔවීන් සල්ගාදු 31, හිරුෂ ගිම්හාන් 4/57, සනුක චෙරාන් 3/19
  • කළුතර හෝලි ක්‍රොස් විද්‍යාලය – 77/2 (39) සනුක චෙරාන් 23*

සාම්ප්‍රදායික දෙදින තරග

මතුගම සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නංගර මධ්‍ය විද්‍යාලය සහ කළුතර වේලපුර විද්‍යාලය

  • සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නංගර විද්‍යාලය – 137/10 (46.5) අමිල දර්ෂන 25, සිතුම් නෙත්සර 5/36 & 28/2 (9)
  • වේලපුර මධ්‍ය විද්‍යාලය – 98/10 (44) සිතුම් නෙත්සර 35, අමිල දර්ශන 5/30

සියඹලාපේ නැණමල් රාජකීය විද්‍යාලය  සහ මිනුවන්ගොඩ නාලන්දා මධ්‍ය විද්‍යාලය

  • නැණමල් රාජකීය විද්‍යාලය – 310/8d (52.4) භාග්‍ය සමනර 191, දිනුවන් දෙව්සර 49, ලසිත් සංජන 6/74
  • නාලන්දා මධ්‍ය විද්‍යාලය – 95/1 (18) අශාන් විනුර 47*

කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය සහ මතුගම ආනන්ද ශාස්ත්‍රාලය

  • කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය – 285/10 (79.1) නෙලිත් නිම්දිය 103, සදෙව් ඉන්දීප 45, ඉසර තෙව්මිත් 5/75
  • මතුගම ආනන්ද ශාස්ත්‍රාලය – 39/5 (20)

මෙම තරග සියල්ලේ ම දෙවන සහ අවසන් දිනය හෙට (01) ක්‍රියාත්මක වීමට නියමිතයි.

දිනෙන් දින උණුසුම් වන පාසල් ක්‍රිකට් පිටියේ සියලු තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<