ඉදිරි දේශීය ක්‍රිකට් තරග කාලසටහන එළියට

6536

2020/2021 නව දේශීය ක්‍රිකට් තරග වාරය මේ වසරේ සැප්තැම්බර් මාසයේ සිට ආරම්භ වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලි සංවිධායක කමිටු සභාපති බන්දුල දිසානායක මහතා ThePapare.com වෙත පවසා සිටියා.

>> පළමු පෙළ තුළ පරිනත වූ පරණවිතාන ක්‍රිකට් බිමට සමුදෙයි

ඒ අනුව 2020/2021 දේශීය ක්‍රිකට් තරග වාරය සඳහා අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලිය හරහා ආරම්භ වන මෙවර දේශීය ක්‍රිකට් තරග වාරය සඳහා Tier A සහ Tier B ප්‍රධාන ක්‍රිකට් තරගාවලියට අමතරව විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියක් සහ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියක් ඇතුළත් වේ.

මෙවර දේශීය ක්‍රිකට් තරග වාරය සඳහා ඇතුලත් තරගාවලි,

2020/2021 අන්තර් සමාජ තරුණ ක්‍රිකට් තරගාවලිය (අවුරුදු 23න් පහළ – සීමිත පන්දුවාර)

2020 සැප්තැම්බර් 16 සිට ඔක්තෝබර් 11 දක්වා

2020/2021 අන්තර් සමාජ  විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය

2020 ඔක්තෝබර් 22 සිට නොවැම්බර් 8 දක්වා  

2020/2021 අන්තර් සමාජ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය

2020 දෙසැම්බර් 13 සිට 2020 ජනවාරි 6 දක්වා

2020/2021 අන්තර් සමාජ පළමු පෙළ Tier A සහ Tier B ක්‍රිකට් තරගාවලිය

2021 ජනවාරි 15 සිට මාර්තු 28 දක්වා

කොරෝනා වසංගතය නිසාවෙන් මාස 5ක පමණ විරාමයකට පසුව නැවතත් දේශීය පළමු පෙළ ක්‍රිකට් තරග වාරය ආරම්භ වූ නමුත් Tier A ක්‍රිකට් තරගාවලිය පමණක් ආරම්භ විය. Tier B ක්‍රිකට් තරගාවලිය තුල ක්‍රීඩා කරන කණ්ඩායම් කිහිපයක පාකිස්තානය සහ ඉන්දියාව ඇතුළු විදෙස් රටවල් කිහිපයක ක්‍රීඩකයින් ක්‍රීඩා කරන නිසාවෙන් ඔවුන්ව නැවතත් මේ තරගාවලියට ගෙන්වා ගැනීමට නොහැකි නිසාවෙන් මේ වසරේ Tier B ක්‍රිකට් තරගාවලිය අත්හැර දැමීමට තීරණය කළ බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

>> ජිමී – ක්‍රෝලි සුසංයෝගයෙන් කැපී පෙනෙන දස්කම්

වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලියක් මෙවර පැවැත්වෙන්නේ වසර කිහිපයකට පසුව වන අතර එය සුවිශේෂී වේ. ඒ අනුව මෙවර වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලිය සඳහා Tier A සහ Tier B හි තරග වදිනු ලබන කණ්ඩායම් 26ම සහභාගී වීම කැපී පෙනේ.

එසේම සියලුම දේශීය ක්‍රිකට් තරග අවසන් වූ පසුව එනම් 2021 අප්‍රේල් හෝ මැයි මාසය වන විට අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලිය පැවැත්වීම සඳහා දැනට සැලසුම් කර තිබේ. (2019/2020 තරග වාරයේ සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලිය කොරෝනා වසංගත තත්වය නිසා අත්හැර දමා ඇත.) 2019/2020 අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ තරග මේ මස 27 වැනිදා අවසන් වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අගෝස්තු මස 28 වැනිදා ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය පැවැත්වීම සඳහා සැලසුම් සකස් කර තිබූ නමුත් සෞඛ්‍ය අංශවල අවසර නොලැබීම ඇතුළු තවත් කාරණා කිහිපයක් නිසාවෙන් තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දැමීමට තරග සංවිධායකයින් හට සිදු විය.

ඒ කෙසේ නමුත් මේ වසරේ නොවැම්බර් 14 වැනිදා සිට දෙසැම්බර් 8 වැනිදා දක්වා වන කාල සාමය තුල මේ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා අවශ්‍ය කාලය මේ වන විට වෙන් කරගෙන තිබෙන බව දිසානායක මහතා පවසා සිටියා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<