අවසන් අසුනේ ශ්‍රී ලංකා බලාපොරොත්තු බිඳ වැටේ

354
Thailand cricket

ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ මූලික වටය අද (9) මැලේසියාවේ ක්වාලම්පූර් හිදී සාර්ථකව අවසන් වුන අතර ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හා තායිලන්ත කණ්ඩායම් අතර පැවති අවසන් තරගය කඩුලු 4කින් ජය ගැනීමට තායිලන්ත කණ්ඩායම සමත් විය. ඒත් සමඟින් ශ්‍රී ලංකාවට මේ තරගාවලියේ අවසන් මහා තරගයට ඒමට තිබූ වටිනා අවස්ථාව මඟ හැරී යන ලදි.

ශ්‍රී ලංකාව ආසියානු ශූරියන්ට කරට කර සටනක් දෙයි

7 වැනි වරටත් පැවැත්වෙන ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් ශ්‍රී ලංකා කාන්තා

කාසියේ වාසිය දිනා ගත් තායිලන්ත කණ්ඩායම පළමුව ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවට පහර දීමට ආරාධනා කළේය.

වෙනදා මෙන් මේ තරගයේ දී ද ශ්‍රී ලංකාවට සාර්ථක ආරම්භක සබඳතාවයක් එක්වුවත් මැදපෙළ හා පසුපෙළ පිතිකාරිනියන්ගේ යළි යළිත් ඉස්මතු වන දුර්වල ක්‍රීඩා විලාසය නිසාවෙනි.

වමතින් පිත්ත හසුරුවන යසෝදා මෙන්ඩිස් හා එක්වූ දකුණතින් පිතිකරණයේ නිරත වන අනුෂ්කා සංජිවනි පිළිවෙළින් 4 පහර 4ක් සමඟ ලකුණු 22ක් හා ලකුණු 32ක් ශ්‍රී ලංකා ලකුණු සටහනට එක් කිරීමට සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 54ක් තුළ බිඳ වැටුණු අතර එතැන් පටන් එක දිගට ශ්‍රී ලංකා පිතිකාරිනියන්ව ක්‍රීඩාගාරයට හරවා යැවීමට වොන්ග්පැක් ලේයින්ග්ප්‍රසට්  සමත් වූයේ දක්ෂ පන්දු යැවීමක නිරත වෙමිනි.

“කිසිම කණ්ඩායමක් අව තක්සේරු කරන්නේ නෑ” – ශෂිකලා සිරිවර්ධන

ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරනු ලබන කාන්තා ආසියානු විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය

ලකුණු 71 සීමාවේ සිට ශ්‍රී ලංකා ලකුණු සටහන ඉදිරියට රැගෙන යමින් තනියෙන් සටන් කරන්නට ඕෂදී රණසිංහට සිදු වූයේ අනෙක් අන්තයේ ක්‍රීඩිකාවන්ගෙන් ඇයට නිසි සහයක් නොලැබුණු නිසාවෙනි. අවසානයේ ඇය නොදැවී ලකුණු 20*ක් ලබා ගත්තේ 4 පහර දෙකක් වාර්තා කරමිනි.

දකුණතින් දඟපන්දු යවන වොන්ග්පැක් ලේයින්ග්ප්‍රසට් ලකුණු 12ක් තුළ කඩුලු 5ක් දවා ගනිමින් සුපිරි පන්දු යැවීමක නිරත වූයේ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 104කට සීමා කරමිනි.

රෝයල් ස්ලෙන්ගර් තණතීරුව මත ලකුණු 105ක පහසු ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි තායිලන්ත කාන්තා කණ්ඩායම සිය ඉලක්කය සපුරා ගැනීමට පන්දුවාර 20 වැය කළ අතර එම තරගයේ අවසන් පන්දුවාරය තීරණාත්මක හා තියුණු තැනකට පැමිණියේය.

කෙසේ නමුත් කඩුලු 6ක් පමණක් දැවී සිය ඉලක්කය සපුරා ගත් තායිලන්ත කණ්ඩායම මේ තරගාවලියේ දෙවන ජයග්‍රහණය ලබා ගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමට කලකට අමතක නොවන තරගයක් ලබා දෙමිනි.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තරමක් පසුබසී

මැලේසියාව පැවැත්වෙන 7 වැනි ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ

එහි දී තායිලන්ත ආරම්භක පිතිකාරිනියන් දෙදෙනා වන නැට්කම් චැන්ටම් හා දකුණතින් පිත්ත හසුරුවන නරුමෙල් චයිවායි ලකුණු 43ක වේගවත් සබඳතාවයක් ගොඩනංවන ලදි. එහි දී  නරුමෙල් චයිවායි 4 පහර 3ක් සමඟ ලකුණු 43ක් ලබාගෙන තායිලන්ත ඉනිමේ ජයග්‍රහණයේ නායිකාව බවට පත්විය.

පන්දු යැවීමේ දී දකුණතින් මඳ වේගපන්දු යවන නිලක්ෂි ද සිල්වා කඩුලු 2ක් දවා ගන්නා ලදි.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම – 104/10 (20): අනුෂ්කා සංජිවනී 32, යසෝදා මෙන්ඩිස් 22, ඕෂදි රණසිංහ 20*, වොන්ග්පැක් ලේයින්ග්ප්‍රසට් 5/12.

තායිලන්ත කාන්තා කණ්ඩායම – 105/6 (20): නරුමෙල් චයිවායි 43, නිලක්ෂි ද සිල්වා 2/17.

අද (9) පැවති අනෙකුත් තරගවලින් ඉන්දියාව, බංගලාදේශය යන කණ්ඩායම් පිළිවෙළින් පාකිස්තානය හා මැලේසියාව පරාජය කරන ලදි. අවසානයේ දල ලකුණු ලබා ගැනීමේ වේගය මත ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම විසින් පරාජයට පත් කරන ලද බංගලාදේශ කණ්ඩායම එහි තීරණාත්මක අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<