සලාන කාන්තා ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ වැඩිම වාර ගණනක් ශූරියන් වූ අභිමානයත් සමඟිනුයි.
ඔවුන් මේ දක්වා පැවැති තරගාවලි 5 දී ම අවසන් මහා තරග සඳහා සුදුසුකම් ලබා ගන්නා ලද අතර ඉන් අවස්ථා 3ක දී ම ශූරියන් බවට පත් වෙනවා. ඒ 2012, 2016 සහ 2022 වසරවලයි.
දෙරට ක්‍රීඩිකාවෝ මෙතෙක් විස්සයි ජාත්‍යන්තර තරග 31ක දී එකිනෙකා හමුව ඇති අතර ඒ අතුරින් ඉන්දියාව තරග 25ක ජයග්‍රහණ ද සහ ශ්‍රී ලංකාව තරග 5ක ජයග්‍රහණ ද දිනා තිබෙනවා. එක් තරගයක් නිමා වී ඇත්තේ නොවිසඳුණ තරගයක් ලෙසයි.
එම තරග ඉතිහාසයයේ දෙරට ක්‍රීඩිකාවෝ අවසන් වරට විස්සයි විස්ස තරගයක දී හමුවෙන්නේ පසුගිය දෙසැම්බර් මාසයෙන් පසුවයි. ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඉන්දියාවේ කළ එම සංචාරයට තරග 5ක් ඇතුලත් වූ අතර එම තරගාවලියෙන් 5-0ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකාවට සිදු වෙනවා.
ශ්‍රී ලංකාව අවසන් වරට ඉන්දීය කණ්ඩායමක් පරාජය කරන්නේ 2024 වසරේ දී මෙරට පැවැති ආසියානු කුසලාන අවසන් මහා තරගයේදීයි.
එදා මෙන් ම අදත් හමුවෙන ආසියානු කුසලාන අවසන් මහා තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම චමරි අතපත්තු වෙත ම හිමි ව ඇති අතර ඉන්දීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ද Harmanpreet Kaur වෙත ම හිමිව තිබෙනවා.
- Moors SC ක්‍රීඩකයෝ Major Club එක්දින ශූරතාව බ්‍රේබෲක් පෙදෙසට රැගෙන යයි
- අගෝස්තුවේ ICC ක්‍රීඩකයා සම්මානයට සොනාල් ගේ නමත්
- ශ්‍රී ලංකාව අපරාජිත ව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගනී
ශ්‍රී ලංකාවට මෙම තරගයේ දී තරග කිරීමට සිදු වෙන්නේ මෙවර තරගාවලියේ වැඩිම ලකුණුලාභීන් දෙදෙනා මෙන් ම වැඩිම කඩුලුලාභී පන්දු යන්නිය ද ලෙසින් ලැයිස්තු ගත ක්‍රීඩිකාවන්ගේ අභියෝගයන් ද දරා ගනිමිනුයි.
මෙතෙක් පැවැති තරගාවලියේ වැඩිම ලකුණුලාභී පිතිකරු ලැයිස්තුවේ පළමු අසුන වෙන්කර ගැනීමට ඉන්දීය කණ්ඩායමේ Shafali Verma සමත් ව සිටිනවා. තවමත් 22 හැවිරිදි වියේ පසුවෙන ඇය නිමා වූ තරග 4ක ඉනිම් 4ක දී අර්ධ ශතක ද්විත්වයක් ද සමඟින් ලකුණු 168ක් ලබා ගනිමිනුයි මෙම තරගය හා එක් වෙන්නේ.
එමෙන් ම මෙතෙක් මෙම තරගාවලියේ එක ම ශතකලාභිනිය වන Smriti Mandhana ලකුණු 154ක් ලබා ගනිමින් එම ලැයිස්තුවේ 2 වැනියා ව සිටිමින් මෙම තරගය හා එක් වීමට නියමිතයි. එමෙන් ම ඇය විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 175ක දී ශතක ද්විත්වයක් සහ අර්ධ ශතක 35ක් සමඟින් ලකුණු 4692ක් ලබා ගනිමින් එම ලැයිස්තුවේ ද 2 වැනියා බවට ද පත් වූ අභිමානය ද ඇය සතුයි.
ඊටත් අමතර ව ඇය මේ වෙද්දී ආසියානු කුසලාන තරග ඉතිහාසයේ මෙතෙක් වැඩිම ලකුණුලාභිනියන් අතර පෙරමුණ ගැනීමට ද සමත් ව සිටිනවා. ඇය මේ වන විට ආසියානු කුසලාන තරග 28ක ඉනිම් 23ක දී ලකුණු 633ක් ලබා ගනිමින් එහි පළමු අසුන වෙන්කර ගනිද්දී එහි 2 වැනි අසුන ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු හිමිකර ගන්නවා. ඒ තරග 25ක ඉනිම 25ක දී ලකුණු 628ක් ලබා ගනිමින්.
ඔවුන්ගේ එකී දක්ෂතාවන්ට අමතර ව මෙවර ආසියානු කුසලානයේ ඉහත පිතිකාරිනියන්ගේ ලැයිස්තුවේ අපේ ක්‍රීඩිකාවන් අතුරින් ඉදිරියෙන් ම සිටින්නේ හර්ෂිතා සමරවික්‍රමයි. ඇය නිමා වූ තරග 4ක ඉනිම් 3ක ලකුණු 89ක් ලබා ගනිමින් එහි සිව් වැනි අසුනේ රැදී සිටිද්දී නිලක්ෂිකා සිල්වා එහි 5 වැනි අසුන හිමිකර ගෙන සිටිනවා. ඒ ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින එක ම අර්ධ ශතකලාභිනිය ලෙසින් තරග 4ක ඉනිම් 3ක දී ලකුණු 86ක් ලබා ගනිමින්.
මොවුන්ට අමතර ව මෙම පිතිකරු ලැයිස්තුවේ ස්ථාන 16ක් දක්වා පහතට බසිද්දී අපේ ක්‍රීඩිකාවෝ දෙදෙනෙක් ඉන්දීය ක්‍රීඩිකාවන් අභිබවා සිටිනවා. ඒ ඉමේෂා දුලානි (64) සහ චමරි අතපත්තු (63)යි. ඔවුන්ගෙන් පසුවයි, ඉන්දීය කණ්ඩායමේ නායිකා Harmanpreet Kaur (57) සහ Pratika Rawal (56) මෙම ලැයිස්තුව හා එක් වෙන්නේ.
පන්දු යැවීමේ දී ඉන්දියාවේ දකුණතින් පිට දඟ පන්දු යවන Deepti Sharma මෙන් ම ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු ද කඩුලු 11ක් බැගින් දවා ගනිමින් තරගාවලියේ මෙතෙක් වැඩිම කඩුලුලාභීන් අතර සම ව අසුන්ගෙන සිටිනවා.
මේ දක්ෂතාත් සමඟින් ඔවුන් දෙදෙනා වෙත මෙම තරගයේ දී වැඩි වගකීම් මෙන් ම වැඩි අවධානයක් හිමි වීමට ඉඩ ඇති අතර ඔවුන්ට අමතර ව ඉන්දීය කණ්ඩායම නියෝජනය කරන වමතින් දඟ පන්දු යවන Shree Charani (8), දකුණතින් මඳ වේග පන්දු යවන Nandani Sharma (7) සහ පා දඟ පන්දු යවන Prema Rawat (6) ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ද වමතින් දඟ පන්දු යවන සුගන්දිකා කුමාරි (6) සහ තවමත් 17 වැනි වියේ පසුවෙන තවත් වමත් දඟ පන්දු යවන්නියක වන චමුදි ප්‍රබෝධා (5) ද මෙම තරගයේ දී පිතිකාරිනියන්ට අභියෝගයක් වන දෙපිලේ පන්දු යවන්නියන් ලෙසින් සැලකිය හැකියි.
පෙර තරගය හා එක් වූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම
චමරි අතපත්තු (නායිකාව), ඉමේෂා දුලානි, සංජනා කාවින්දි, හසිනි පෙරේරා, හර්ෂිතා සමරවික්‍රම, කවීෂා දිල්හාරි, නිලක්ෂිකා සිල්වා, කෞෂිනි නුත්‍යාංගනා (කඩුලු රකින්නිය), සුගන්දිකා කුමාරි, චමුදි ප්‍රබෝධා සහ මිතාලි අයෝද්‍යා.
සංචිත ගත අතිරේක ක්‍රීඩිකාවෝ
විශ්මි ගුණරත්න, කාව්‍යා කාවින්දි, කාව්‍යා කාවින්දි සහ චේතනා විමුක්ති.
පෙර තරගය හා එක් වූ ඉන්දීය කාන්තා කණ්ඩායම
Harmanpreet Kaur (නායිකාව), Smriti Mandhana, Shafali Verma, Pratika Rawal, Richa Ghosh (කඩුලු රකින්නිය), Deepti Sharma, Bharti Fulmali, Prema Rawat, Shree Charani, Kranti Gaud සහ Nandani Sharma.
සංචිත ගත අතිරේක ක්‍රීඩිකාවෝGunalan Kamalini, Arundhati Reddy, Renuka Singh, Radha Yadav
ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















