තරග තුනක් ජය පැරදුමෙන් තොරව නිම වෙයි

U19 Division 1 Schools Cricket Tournament 2024/25

56
Cricket Tournamen

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග තුනක් ඊයේ (17) දිනයෙන් නිමාවට පත් වුනා.

මෙම තරග ත්‍රිත්වයම ජය පැරදුමකින් තොරව අවසන් වූ අතර, කොළඹ තර්ස්ටන් විද්‍යාලය, කොළඹ වෙස්ලි විද්‍යාලය සහ වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය විසින් පළමු ඉනිමේ ජයග්‍රහණ කරා යාමට සමත් වුනා.

එම තරගවල දී ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ම තම පෞද්ගලික දක්ෂතා විදහා පෑමට සමත් වීම විශේෂත්වයක්.

මෙහි දී වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය වෙනුවෙන් කවිඳු සේනාධි පන්දුවෙන් කඩුලු 5ක දක්ෂතාවක් සහ පිත්තෙන් අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් වූ අතර, රත්ගම දේවපතිරාජ විද්‍යාලය වෙනුවෙන් අරෝශ සිතුමිණ තුන් ඉරියව්වෙන් කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත් වීමත් විශේෂත්වයක්. එමෙන්ම වෙස්ලි විද්‍යාලය වෙනුවෙන් සිතුක හන්සිත් කඩුලු 5 දස්කමක් දැක්වීමට සමත් වුනා.

මේ අතර මාතර සාන්ත තෝමස් විද්‍යාලයට එරෙහිව කොළඹ තර්ස්ටන් විද්‍යාලය වෙනුවෙන් රචින්ත ද සිල්වා ඉනිම් දෙකේ දීම අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වුනා.

වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය සහ මහනුවර ධර්මරාජ විද්‍යාලය

(සාන්ත අන්තෝනි විද්‍යාල ක්‍රීඩාංගණයේ දී)

  • සාන්ත අන්තෝනි විද්‍යාලය – 287/10 (105.3) චමෝද් සන්දීප 61, කවිඳු සේනාධි 53, ජයෝධ්‍ය කඩිගාව 4/44 & 66/4 (25)
  • මහනුවර ධර්මරාජ විද්‍යාලය – 199/10 (55.1) පුලිඳු පෙරේරා 58, කවිඳු සේනාධි 5/27, ශනෙල් යෝගරත්න 3/20

තරගය ජය පැරදුමෙන් තොරයි, වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

කොළඹ වෙස්ලි විද්‍යාලය සහ රත්ගම දේවපතිරාජ විද්‍යාලය

(වෙස්ලි විද්‍යාල ක්‍රීඩාංගණයේ දී)

  • වෙස්ලි විද්‍යාලය – 258/10 (70) ලිතුම් සෙනුජ 58, ශෙහන්දු අතාවුද 43, සඳරු මල්ශාන් 4/25, අරෝශ සිතුමිණ 3/22 & 175/9d (44) ලිතුම් සෙනුජ 38, සඳරු මල්ශාන් 4/74, ගිම්හාන් රසාංජන 3/31
  • රත්ගම දේවපතිරාජ විද්‍යාලය – 180/10 (58.3) අරෝශ සිතුමිණ 72, යසිරු ලක්ෂාන් 58, සිතුක හන්සිත් 5/39, දිනුජ සාමරත්න 3/43 & 176/4 (41) දර්ශක සන්දීප් 63, චමිඳු පද්මික 41*, දෙනුවන් නෙත්මල් 3/55

තරගය ජය පැරදුමෙන් තොරයි, කොළඹ වෙස්ලි විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ මාතර සාන්ත තෝමස් විද්‍යාලය

(තර්ස්ටන් විද්‍යාල ක්‍රීඩාංගණයේ දී)

  • තර්ස්ටන් විද්‍යාලය – 229/10 (78) රචින්ත ද සිල්වා 70, පැතුම් ධනංජය 66, සෙනුර ගිහාන් 4/43 & 203/7 (52) රචින්ත ද සිල්වා 71, තනුජ රාජපක්ෂ 52, ලෝෂිත ඩික්සිත් 2/26
  • සාන්ත තෝමස් විද්‍යාලය – 207/10 (61.5) සෙනුර ගිහාන් 54, කුමේශ් නුවංජන 50, සෙත්රූ ප්‍රනාන්දු 3/32

තර්ස්ටන් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

මේ අතර තවත් Tier A සහ Tier B තරග හයක් ඊයේ දිනයෙන් ආරම්භ වූ අතර, එම තරග අද (18) නිමාවට පත් වනු ඇති.

එම තරග විස්තර ද ඇතුළුව පාසල් ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<