දෙවැනි අර්ධයේ දී පෙරමුණ ගත් රිනවුන් අර්ධ අවසන් වටයට

266
Renown SC v Solid SC

ප්‍රථම අර්ධයේ දී ගෝල 01-01ක් ලෙස සම තත්වයේ පසුවූවත්, දෙවැනි අර්ධයේ වාර්තා කළ ගෝල ත්‍රිත්වයත් සමඟින් රිනවුන් ක්‍රීඩා සමාජය කුරේ ක්‍රීඩා සමාජය පරාජය කරමින් අර්ධ අවසන් තරගය දක්වා සුදුසුකම් ලබා ගැනීමට අද (25) සමත් විය. ඒ කොළඹ සිටි ලීග් පිටියේ දී පැවති සභාපති කුසලාන පාපන්දු තරගාවලියේ තවත් තරගයකිනි.

ගුවන් ක්‍රීඩක කවිඳුගේ ගෝල 7න් රිලායන්ස් අසරණ වේ

2016/17 FA කුසලාන පාපන්දු තරගාවලියේ තෙවන වටයේ තවත් තරග දෙකක් අද (24) පැවැත්විය. එම තරග වලින් ගුවන් හමුදා ක්‍රීඩා සමාජය හා සාන්ත මරියා…

අවසන් වරට කුරේ ක්‍රීඩකයින් සහභාගී වුන තරගයෙන් ගෝල 06-01ක් ලෙස දැවැන්ත ජයක් වාර්තා කරන්නට ජාවා ලේන් ක්‍රීඩකයෝ සමත් වූ අතර රිනවුන් සමාජය සහ ජාවා ලේන් අතර පැවති තරගයෙන් ද ගෝල 03-02ක් ලෙස ජයග්‍රහණය වාර්තා කළේ ජාවා ලේන් ක්‍රීඩකයින්ය. එහෙයින් අර්ධ අවසන් වටයට පිවිසීම සඳහා කණ්ඩායම් දෙකටම මෙම තරගය ඉතාමත් වැදගත් එකක් විය.

පිටියේ පැවති අයහපත් ස්වභාවය කණ්ඩායම් දෙකටම ගෝල ලබා ගැනීම සීමා කිරීමට සමත් වූ අතර එය වැඩි වශයෙන් රිනවුන් ක්‍රීඩා සමාජයට බලපෑ බව පෙනේ.

ජාවා ලේන් හමුවේ කුරේ සමාජයට දැවැන්ත පරාජයක්

මොහොමඩ් අබ්දුල්ලාගේ ගෝල ත්‍රිත්වයත් සමඟින් ගෝල 06-01ක් ලෙස කුරේ ක්‍රීඩා සමාජය පරාජය කිරීමට ජාවා ලේන් ක්‍රීඩා සමාජය සමත් විය.

කෙසේ නමුත් ලකුණු පුවරුව ආරම්භ කරමින් රිනවුන් ක්‍රීඩක ජොබ් මයිකල් ගෝලයක් වාර්තා කළ අතර 34 වැනි මිනිත්තුවේ දී ප්‍රතිවාදී ක්‍රීඩක ඉරෝෂාන් ග්‍රේරෝ වාර්තා කළ ගෝලයත් සමඟින් ලකුණු තත්වය සම විය. ප්‍රථම අර්ධය නිමා වන තෙක් කිසිදු අතිරේක ලකුණක් වාර්තා කිරීමට දෙපිලම අසමත් විය.  

ප්‍රථම අර්ධය : රිනවුන් ක්‍රීඩා සමාජය 01 – 01 කුරේ ක්‍රීඩා සමාජය

රිනවුන් ක්‍රීඩා සමාජය උපක්‍රමශීලීව තරගයට පිවිසි අතර ගෝල රැස් කර ගැනීමට තිබුණු අවස්ථාවන් අපතේ නොයවමින් සහ තව තවත් ගෝල රැස් කිරීමට අවස්ථාවන් නිර්මාණය කර ගනිමින් තරග කරනු දක්නට ලැබුණි.

රිනවුන් ක්‍රීඩා සමාජයේ නවක ක්‍රීඩක තරිඳු ලක්මාල් ප්‍රතිවාදී ආරක්ෂකයන් දෙදෙනෙකු පසු කරමින් පන්දුව ඉදිරියට රැගෙන ආ අතර ඔහුගෙන් පන්දුව ලබා ගත් ජොබ් මයිකල් සිය දෙවැනි උත්සාහයත් සාර්ථක කර ගැනීමට සමත් විය.

දිමුතු ප්‍රියදර්ශණ සමඟින් එක්වී ලක්මාල් පන්දුව දක්ෂ ලෙස ක්‍රීඩකයින් අතරින් ඉදිරියට රැගෙන ගිය අතර නැවතත් ඔවුන් රැගෙන ආ පන්දුව ගෝලය තුලට යොමු කරමින් සිය තෙවැනි උත්සාහක දිනුම ද මයිකල් සාර්ථක කර ගත්තේ ඔවුන් දෙදෙනාගේ උත්සාහයට සාධාරණයක් ඉටු කරමිනි.

කුරේ ක්‍රීඩා සමාජයේ ගෝල රකින්නා වන සුදේශ් සුරංග සාර්ථකව ප්‍රතිවාදී ගෝල දෙකක් වැළැක්වීමට සමත් විය. එයින් එකක් හලීම් කමිල් විසින් එල්ල කල ප්‍රබල පන්දුවක් වන අතර අනෙක මොහොමඩ් සාජිත් විසින් එල්ල කළ තියුණු පහරකි.

ජයවීර අවස්ථාවන් දෙකක් මඟ හරවා ගත්තේ ගෝල රකින්නා දෙසටම පන්දුව යොමු කළ නිසාවෙනි.

ප්‍රියදර්ශණ සහ ලක්මාල් ගෝල ලබා ගැනීමට තිබුණු අවස්ථාවන් කිහිපයක් මඟ හරවා ගත් නමුත් ආබාධ සඳහා ලබා දුන් අතිරේක කාලයේ දී මොහොමඩ් රිස්නි ගෝලයක් වාර්තා කළේ අවසන් ලකුණු පරතරය 3ක් දක්වා ඉහළ දමා ගනිමිනි.

අවසන් ලකුණු තත්වය : රිනවුන් ක්‍රීඩා සමාජය 04 – 01 කුරේ ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ ක්‍රීඩකයා: තරිඳු ලක්මාල්

ගෝල වාර්තා කල ක්‍රීඩකයින්

  • රිනවුන්: ජොබ් මයිකල් 19’, 50’ සහ 59’, මොහොමඩ් රිස්නි 90+3’
  • කුරේ: ඉරෝෂන් ග්‍රේරෝ 34’

  තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න  පාපන්දු ක්‍රීඩා පිටුවට