මේට්ලන්ඩ් පෙදෙසට තවත් රග්බි කප්පිත්තෙක්

473

හැව්ලොක් ක්‍රීඩා සමාජයේ නායකත්වය දැරූවෙකු මෙන්ම දක්ෂ ඉදිරිපෙළ ක්‍රීඩකයෙකු වූ ජේසන් මෙල්ඩර් 2018/19 තරග වාරයේ දී CH&FC ක්‍රීඩා සමාජය සමඟ ගිවිසුම් අත්සන් කර තිබේ.

ඩයලොග් ලීග් ශූරතාවයේ වෙනසක්

නොබොදිනකින් ආරම්භ වීමට නියමිත “ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය” සඳහා …

පසුගිය තරග වාරයේ දී හැව්ලොක් ක්‍රීඩා සමාජය වෙනුවෙන් නායකත්වය දැරූ මෙල්ඩර් හට එම තරග වාරය එතරම් සුබ දායක නොවූයේ විටින් විට ආබාධවලට ඔහු භාජනය වූ නිසාවෙනි. ඒ නිසාම මෙල්ඩර් හට සිය කණ්ඩායම සමඟින් එතරම් හොඳින් ක්‍රීඩා කිරීමට නොහැකි විය.

2013 වසරේ මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයේ නායකත්වය දරමින් පාසල් කණ්ඩායමේ දක්ෂ ඉදිරි පෙළ ක්‍රීඩකයකු වූ මෙල්ඩර් අවස්ථා කිහිපයක දී ම ශ්‍රී ලංකා ජාතික සංචිතය නියෝජනය කර ඇත. 2013 වසරේ යොවුන් ජාතික රග්බි සංචිතය නියෝජනය කරමින් ජාතික තලයට වරඕ දිනා ගත් මෙල්ඩර්ට නව ක්‍රීඩා සමාජයේ දී පෙර සිටි ක්‍රීඩා සමාජයේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් වන සුදර්ශන මුතුතන්ත්‍රි, නිෂෝන් පෙරේරා, සුදම් සූරියආරච්චි, හිරන්ත පෙරේරා සමඟින් තරග කිරීමට අවස්ථාව උදා වනු ඇත.

යෝෂිත රාජපක්ෂගේ නායකත්වය සමඟින් මෙවර පිටියට බසින CH&FC කණ්ඩායම මේ වන විට ශූරතාවය කරා යා හැකි ප්‍රබල සංචිතයකින් සමන්විත වේ. මේ නිසාම ඉදිරියේ දී ඩයලොග් රග්බි තරගාවලිය තවතවත් උණුසුම් වනු නිසැකය. ශ්‍රී ලාංකේය ක්‍රීඩා පුවත් වාර්තාකරණයේ ප්‍රමුඛයා ThePapare.com සුපුරුදු පරිදි ඔබ වෙනුවෙන් තරගාවලියේ තොරතුරු ගෙන ඒමට සූදානම්. රැඳී සිටින්න. 

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<