පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය පූර්ණ ජයක් කරා

U19 Division 1 Schools Cricket Tournament 2024/25

30
Schools Cricket

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් ඊයේ (09) දිනයෙන් නිමාවට පත් වුනා.

මෙම තරග අතුරින් රත්ගම දේවපතිරාජ විද්‍යාලයට එරෙහිව පූර්ණ ජයක් තහවුරු කර ගැනීමට පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය සමත් වූ අතර, එම ජයග්‍රහණයට මාර්ගය විවර කර දුන් අනුහස් ද සිල්වා විශිෂ්ට ශතකයක් වාර්තා කිරීමට සමත් වූ අතර, සදෙව් හෙට්ටිආරච්චි කඩුලු 07 දස්කමක් ප්‍රදර්ශනය කිරීමට සමත් වුනා.

මේ අතර කැලණිය ගුරුකුල විද්‍යාලයට එරෙහිව කුරුණෑගල මලියදේව විද්‍යාලයේ දිමත් අබේසිංහ කඩුලු 05 දස්කමක් සමඟ සමස්ත තරගයේ කඩුලු 09ක් දවා ගැනීමට සමත් වුනා.

රත්ගම දේවපතිරාජ විද්‍යාලය සහ පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය

(බණ්ඩාරගම මහජන ක්‍රීඩාංගණයේ දී)

  • රත්ගම දේවපතිරාජ විද්‍යාලය – 156/10 (43.5) අරෝශ සිතුමිණ 56, දර්ශක සන්දීප් 52, මෙවිඳු කුමාරසිරි 4/46 & 214/10 (56.5) ගිම්හාන් රසාංජන 82, දර්ශක සන්දීප් 58, සදෙව් හෙට්ටිආරච්චි 7/59
  • පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය – 305/10 (93.1) අනුහස් ද සිල්වා 121, අකිල වෙදමුල්ල 66, බිහඟ සිල්වා 61, ඔශේන් කල්හාර 3/54 & 66/3 (5.4) රුසිත් ජයවර්ධන 35

පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයට කඩුලු 07ක ජයක්.

කැලණිය ගුරුකුල විද්‍යාලය සහ කුරුණෑගල මලියදේව විද්‍යාලය

(පනාගොඩ යුදහමුදා ක්‍රීඩාංගණයේ දී)

  • ගුරුකුල විද්‍යාලය – 224/10 (83.4) තත්සර එශාන් 81, ඉඳුවර ඕෂධ 50, දිමත් අබේසිංහ 5/65 & 185/5(d) (29) ජනිත් මිහිරංග 56, තත්සර එශාන් 45*, දිමත් අබේසිංහ 4/64
  • මලියදේව විද්‍යාලය – 136/10 (43.2) රජිත් නවෝද්‍ය 49, තරුෂ කොඩිකාර 4/49, ඔහස් සදෙව් 3/21 & 140/8 (41) රජිත් නවෝද්‍ය 44, තත්සර එශාන් 4/35, ඔහස් සදෙව් 3/42

තරගය ජය පැරදුමෙන් තොරයි, කැලණිය ගුරුකුල විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

මේ අතර පළමු කොටසේ Tier A තරග තුනක් ඊයේ දිනයෙන් ආරම්භ වුනා. මෙම තරග මොරටු මහා විද්‍යාලය සහ කළුතර සිරිකුරුස විද්‍යාලය අතරත්, මහනුවර සිල්වෙස්තර විද්‍යාලය සහ කඳාන ද මැසනඩ් විද්‍යාලය අතරත්, මහනුවර ධර්මරාජ විද්‍යාලය සහ ගාල්ල ඇලෝශියස් විද්‍යාලය අතරත් ක්‍රියාත්මක වනවා.

එම තරග විස්තර ද ඇතුළුව පාසල් ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<