ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ Tier B කොටසේ තවත් එක් තරගයක් ඊයේ (05) දිනයේ නිමාවට පත් වුනා.
බණ්ඩාරගම මහජන ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු මෙම තරගයේ දී පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය සහ කඳාන ද මැසනඩ් විද්‍යාලය අතර තරගය ක්‍රියාත්මක වූ අතර, තරගයෙන් පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට ද මැසනඩ් විද්‍යාලය සමත් වුනා.
මෙම තරගයේ වාර්තා වූ එකම අර්ධ ශතකය ද මැසනඩ් විද්‍යාලයේ ශරිත් සුදීන විසින් වාර්තා කිරීමට සමත් වූ අතර, ඔහු එතෙකින් ද නොනැවතී ශ්‍රී සුමංගල විද්‍යාලයට එරෙහිව පන්දුවෙන් කඩුලු 4ක් ද දවාගැනීමට සමත් වීම විශේෂත්වයක්.
මේ අතර පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වීමට සමත් වූ බිහඟ සිල්වා මැසනඩ් පළමු ඉනිමේ කඩුලු 4ක් සහ දෙවැනි ඉනිමේ කඩුලු 3ක් දවා ගනිමින් සමස්ත තරගයේ කඩුලු 7ක් දවා ගැනීමට සමත් වීමත් විශේෂත්වයක්.
- ශ්‍රී ලංකා පළමු ඉනිමට නවසීලන්තයෙන් ප්‍රබල පිළිතුරක්
- බංග්ලාදේශයට තරග 4-1ක ජයක්
- පවන් දකුණු අප්‍රිකානුවෝ දණ ගස්වයි
- කමිඳු තවත් ශතකයක් කරා; පළමු දිනයේ වැඩි වාසි ශ්‍රී ලංකාවට
- කිවි – සිංහ ගැටුමට පෙර
පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය සහ කඳාන ද මැසනඩ් විද්‍යාලය
(බණ්ඩාරගම මහජන ක්‍රීඩාංගණයේ දී)
- කඳාන ද මැසනඩ් විද්‍යාලය – 201/10 (61.2) ශරිත් සුදීන 64, ගීනෝද් පෙරේරා 31, බිහඟ සිල්වා 4/30, රුසිත් ජයවර්ධන 3/41 & 33/5 (12.2) ශරිත් සුදීන 25*, බිහඟ සිල්වා 3/16
- පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය – 195/10 (64.4) දුරංක සිල්වා 37, සෙනිර විජේගුණසිංහ 28, ශරිත් සුදීන 4/68, කවීන් නෙත්මින 2/36
කඳාන ද මැසනඩ් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.
මේ අතර තවත් Tier A සහ B තරග ද්විත්වයක් ඊයේ දිනයේ දී ආරම්භ වුනා. මෙම තරග කොළඹ ඉසිපතන විද්‍යාලය සහ ගාල්ල ඇලෝශියස් විද්‍යාලය අතරත්, මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය අතරත් පැවැත්වෙනවා.
එම තරග විස්තර මෙන්ම, පාසල් ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<