පාසල් බාලිකාවෝ සමඟින් යුධ කාන්තාවෝ ද ශූරතා දිනති

319

2018 නෙට් චෑම්ප්ස් දැල්පන්දු තරගාවලියේ විවෘත කාණ්ඩයේ අවසන් තරගය ජය ගැනීමට යුධ හමුදා ක්‍රීඩා සමාජය සමත් වූ අතර වයස අවුරුදු 15න් පහළ කාණ්ඩයේ ශූරතාවය කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයත්, වයස අවුරුදු 19න් පහළ කාණ්ඩයේ ශූරතාව කළුතර ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය විසින් ද දිනා ගැනීමට සමත් විය. මෙවර තරගාවලිය කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.

Army, Holy Family, Maliyadeva Balika & Musaeus win

Army SC won the A Division Women’s Championship while Holy Family Convent, Kurunegala…

මෙහි දී මලියදේව බාලිකා විද්‍යාලය වයස අවුරුදු 13න් පහළ කාණ්ඩය ජය ගත් අතර මහනුවර උසස් බාලිකා විද්‍යාලය වයස අවුරුදු 17න් පහළ කාණ්ඩයේ ශූරතාවය හිමි කර ගැනීමට සමත් විය.

වයස අවුරුදු 13න් පහළ අවසන් මහා තරගයේ දී කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය පරාජය කරමින් ලකුණු 8-5ක් ලෙස මලියදේව බාලිකා විද්‍යාලය ශූරතාවය දිනා ගත් අතර මහනුවර හිල්වුඩ් විද්‍යාලය ලකුණු 18-04ක් ලෙස පරාජය කරමින් කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය විසින් වයස අවුරුදු 15න් පහළ අවසන් මහා තරගය ජය ගන්නට සමත් විය.

Photos: Net Champs Netball Tournament 2018

Photos of Netchamps Netball Tournament

මලියදේව බාලිකා විද්‍යාලයීය ක්‍රීඩිකාවෝ ලකුණු 13-10ක් ලෙස පරාජය කරමින් මහනුවර උසස් බාලිකාවන් විසින් වයස අවුරුදු 17න් පහළ වයස් කාණ්ඩයේ ශූරතාව දිනා ගන්නා විට මහනුවර හිල්වුඩ් විද්‍යාලය ලකුණු 17-11ක් ලෙස පරාජය කරමින් වයස අවුරුදු 19න් පහළ ශූරතාවය දිනා ගැනීමට කළුතර ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ ක්‍රීඩිකාවෝ සමත් වූහ.

විවෘත කාණ්ඩයේ ශූරතාවය යුධ හමුදා ක්‍රීඩා සමාජය විසින් දිනා ගනු ලැබුවේ ලකුණු 16-07ක් ලෙස ශ්‍රී ලංකා පාසල් කණ්ඩායම පරාජයට පත්කරමිනි.

                        >> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<