රවිඳු රසාන්ත 19න් පහළ තරගාවලියේ කණ්ඩායමට

106

සති තුනක සිත් ඇදගන්නා සුළු තරගාවලියකින් අනතුරුව බංග්ලාදේශය ඔවුන්ගේ පළමු ලෝක කුසලාන ජයග්‍රහණය පසුගියදා දිනා ගැනීමට සමත් විය. ඒ මෙවර දකුණු අප්‍රිකාවේ දී පැවති වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශූරතාව දිනා ගනිමිනි. 

කිවියන් T20 තරගාවලියේ වාඩුව එක්දින තරගාවලියෙන් අල්ලයි!

මීට දින කිහිපයකට පෙර නිමාවූ විස්සයි විස්ස තරගාවලියේ දී තමන්ව පූර්ණ තරගාවලි පරාජයකට ලක් කිරීමේ….

වර්ෂාව නිසා තරමක බාධාවක් එල්ල වූ අවසන් තරගයේ දී ඉන්දීය කණ්ඩායම ලබා දුන් ලකුණු 177ක අභියෝගය කඩුලු 7ක් පමණක් දැවී පසුකර යාමට බංග්ලාදේශය සමත් විය. ඒ ඩක්වත් ලුවිස් න්‍යායට අනුවයි. 

තරගාවලිය නිමා වීමෙන් අනතුරුව “තරගාවලියේ කණ්ඩායම” පසුගියදා නම් කෙරුනි. ඒ සඳහා රටවල් 6ක් නියෝජනය කරමින් ක්‍රීඩකයන් ඇතුළත්ව සිටීම විශේෂත්වයකි. එහි නායකත්වය ශූරතාවය දිනා ගත් බංග්ලාදේශ කණ්ඩායමේ අක්බාර් අලීට හිමිව ඇති අතර ඊබ්‍රාහිම් සද්‍රාන්, නයීම් යන්ග් සහ තරගාවලියේ වීරයා වූ යශස්වි ජයිස්වාල් ද ඇතුළත් වේ. 

මෙම නිල කණ්ඩායම තෝරා ගැනීම විශේෂ කමිටුවක් විසින් සිදුකළ අතර ඔවුන් විසින් මෙම කණ්ඩායම සහ තරගාවලියේ වීරයා තෝරා ගෙන තිබිනි. එම කමිටුව සඳහා විස්තර විචාරක ඉයන් බිශොප්, රොහාන් ගවස්කාර් සහ නැටලි ජර්මානොස් ඇතුළත් විය. ESPNcricinfo නියෝජනය කරමින් ශ්‍රේශ්ත් ශාහ් සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ නියෝජිත මේරි ගෝඩ්බීර් එම කමිටුවේ අනෙකුත් සාමාජිකයින් විය. 

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ 19න් පහළ ලෝක කුසලානයේ “තරගාවලියේ කණ්ඩායම” (පිතිකරණ අනුපිළිවෙලට)

  • යශස්වි ජයිස්වාල් – ඉන්දියාව 
  • ඊබ්‍රාහිම් සද්‍රාන් – ඇෆ්ගනිස්ථානය 
  • රවිඳු රසාන්ත – ශ්‍රී ලංකාව 
  • මහ්මදුල් හසන් ජෝයි – බංග්ලාදේශය
  • ෂහදත් හුසේන් – බංග්ලාදේශය
  • නයීම් යන්ග් – බටහිර ඉන්දීය කොදෙව්
  • අක්බාර් අලි – බංග්ලාදේශය (නායක, කඩුලු රකින ක්‍රීඩක)
  • ෂෆිඋල්ලා ගෆාරි – ඇෆ්ගනිස්ථානය 
  • රවී බිෂ්නෝයි – ඉන්දියාව
  • කාර්තික් ත්‍යාගි – ඉන්දියාව
  • ජේඩ්න් සීල්ස් – බටහිර ඉන්දීය කොදෙව්
  • 12 වන ක්‍රීඩකයා : අකීල් කුමාර්  – කැනඩාව 

යශස්වි ජයිස්වාල් (ඉන්දියාව) 

ඉන්දීය ආරම්භක පිතිකරුවා “තරගාවලියේ වීරයා” වීම පිළිබඳව බොහෝ දෙනා යම් මත පල කළද ඉන්දීය කණ්ඩායම අවසන් තරගය දක්වා පැමිණි ගමන්මගේ වැදගත්ම වගකීම ඉටුකරන ලද්දේ ජයිස්වාල් විසිනි. 

තරගාවලිය තුළ තරග 6ක දී ලකුණු 400ක් වාර්තා කිරීමට ජයිස්වාල් සමත් වූ අතර එහි සාමාන්‍ය 133ක් ලෙස සටහන් විය. වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ යශස්වි ජයිස්වාල් එම ස්ථානය තහවුරු කර ගත්තේ ශ්‍රී ලාංකික ක්‍රීඩක රවිඳු රසාන්තට වඩා ලකුණු 114ක් ඉදිරියෙන් සිටිමිනි. 

ඊබ්‍රාහිම් සද්‍රාන් (ඇෆ්ගනිස්ථානය) 

තරගාවලිය තුළ ඉනිම 5ක දී සාමාන්‍ය 60ක් ලෙස සටහන් කර ගනිමින් මුළු ලකුණු 240ක් වාර්තා කිරීමට ඊබ්‍රාහිම් සමත් විය. ඇෆ්ගනිස්ථානය මෙම තරගාවලිය නිමා කිරීමට සමත් වූයේ හත්වන ස්ථානය දිනා ගනිමිනි.  

දකුණු අප්‍රිකානු කණ්ඩායම හමුවේ නොදැවී වාර්තා කළ ලකුණු 73, ඊබ්‍රාහිම් තරගාවලියේ කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා බවට පත්කිරීමට සමත් විය. 

නිපන්දුවේ තීරණය දැන් තෙවැනි විනිසුරු අතේ

ක්‍රිකට් ක්‍රීඩාවේ පන්දු යැවීමේ දී ඉදිරි පාදය නියමිත සීමාවෙන් එපිට ගිය විට එය නිපන්දුවක් නොමැති නම් No-Ball ලෙස….

රවිඳු රසාන්ත (ශ්‍රී ලංකාව) 

ඉන්දීය පිතිකරු ජයිස්වාල්ගෙන් පසුව ලකුණු සටහනේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූයේ රවිඳු රසාන්තය. ජයිස්වාල් අවසන් තරග දෙකේ දී වාර්තා කළ ලකුණු ප්‍රමාණය නොවන්නට රසාන්ත ඉනිම හයක් තුළ වාර්තා කළ ලකුණු 268, ලකුණු සටහනේ පෙරමුණ ගන්නට සමත්වනු නොඅනුමානය.  

පළඟ ශූරතාවයේ අර්ධ අවසන් පූර්ව වටයේ දී නයිජීරියාවට එරෙහිව පන්දු 111ක් තුළ නොදැවී වාර්තා කළ ලකුණු 102 රසාන්තගේ හොඳම ඉනිම ලෙස වාර්තා විය. 

මහ්මදුල් හසන් ජෝයි (බංග්ලාදේශය)

බංග්ලාදේශ පිතිකර ලැයිස්තුවේ නැංගුරම වූ මහ්මදුල් හසන් ලකුණු 48ක සාමාන්‍යයක් සමඟින් මුළු ලකුණු 184ක් වාර්තා කිරීමට සමත් විය. 

නවසීලන්තය හමුවේ පැවති අවසන් පූර්ව තරගයේ දී මහ්මදුල් වාර්තා කළ ශතකය බංග්ලාදේශ කණ්ඩායම අවසන් තරගය දක්වා රැගෙන යාමට මනා රුකුලක් විය. 

ෂහදත් හුසේන් (බංග්ලාදේශය)

ඉනිම 6ක් තුළ අවස්ථා තුනක දී නොදැවී ක්‍රීඩා කරමින් අති ප්‍රබල 131ක ලකුණු සාමාන්‍යයක් රඳවා ගැනීමට ෂහදත් හුසේන් සමත් විය. එම දක්ෂතා මෙම කණ්ඩායම තුළ ඔහුගේ ස්ථානය තහවුරු කිරීමට සමත්ව ඇත. 

නයීම් යන්ග් (බටහිර ඉන්දීය කොදෙව්)

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තරගාවලියේ පස්වන ස්ථානය දිනාගත් අතර එහි ප්‍රබලම ක්‍රීඩකයා වූයේ තුන් ඉරියව් ක්‍රීඩක නයීම් යන්ග් ය. 

තරගාවලියේ මූලික වටයේ දී ඕස්ට්‍රේලියා කණ්ඩායම හමුවේ ලකුණු 61ක් වාර්තා කළ නයීම්, ඉන් අනතුරුව එංගලන්තය හමුවේ ලකුණු 45කට කඩුලු 5ක් දවා ගැනීමට සමත් විය. වයස අවුරුදු 19න් පහළ තරග වලදී එම දස්කම දැක්වූ එකම කොදෙව් ක්‍රීඩකයා බවට ද නයීම් යන්ග් පත්විය. 

අක්බාර් අලි (බංග්ලාදේශය)

බංග්ලාදේශය වෙනුවෙන් පළමු ජාත්‍යන්තර ක්‍රිකට් ලෝක කුසලාන ශූරතාවය හිමිකර ගැනීමට කණ්ඩායම මෙහෙය වීමේ වගකීම භාරව තිබුනේ අක්බාර් අලිටය. අවසන් තරගයේ දී ඔහුගේ ඉනිම “තරගයේ වීරයා” සම්මානය දිනා ගැනීමට තරම් ප්‍රබල විය. 

කඩුලු රකින්නෙකු ලෙස අවස්ථා හයක දී ස්ටම්ප් කිරීම් මඟින් කඩුලු දවා ගැනීමට ද අක්බාර් සමත් විය. 

ෂෆිඋල්ලා ගෆාරි (ඇෆ්ගනිස්ථානය)

තරගාවලිය තුළදී කඩුලු 16ක් දවා ගනිමින් කඩුලු ලබා ගැනීමේ දෙවන ස්ථානය දිනා ගැනීමට ගෆාරි සමත් විය. 

දකුණු අප්‍රිකාව සමඟින් පැවති තරගයේ දී ලකුණු 15කට කඩුලු 6ක් දවා ගනිමින් ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් ලෝක කුසලාන තරගාවලියක හොඳම පන්දු ‍යැවීම සටහන් කිරීමට මෙම දඟපන්දු යවන්නාට හැකි විය. 

රවී බිෂ්නෝයි (ඉන්දියාව)

මෙවර තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත්වීමට ඉන්දීය දඟපන්දු යවන ක්‍රීඩක රවී බිශ්නොයි සමත් විය. තරග හයක දී ඔහු දවා ගත් කඩුලු 17 හි සාමාන්‍ය 10.64 ක් ලෙස සටහන් විය. 

ඉන්දීය කණ්ඩායමට මෙවර තරගාවලිය ජයග්‍රහණය කිරීමට නොහැකි වුවද අවසන් තරගයේ දී බංග්ලාදේශ කඩුලු 4ක් ලකුණු 30ක් තුළ දවා ගනිමින් ඉන්දියාවට බලාපොරොත්තු ගෙන ඒමට ඔහු සමත් විය. 

පිටියේ යකා නටපු බංග්ලාදේශ – ඉන්දීය ක්‍රීඩකයින්ට දඬුවම්!

වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන අවසන් මහා තරගය පසුගිය ඉරිදා (09) දකුණු අප්‍රිකාවේ දී නිමා වූයේ බංග්ලාදේශය…..

කාර්තික් ත්‍යාගි (ඉන්දියාව) 

තරගාවලියේ කණ්ඩායමට ඇතුළත් වන පළමු වේගපන්දු යවන්නා වන්නේ ඉන්දීය කණ්ඩායමේ කාර්තික් ත්‍යාගි ය. ඔහුගේ දෝලනය ප්‍රතිවාදී පිතිකරුවන් මෙල්ල කිරීමට සමත් විය.  

13.90ක සාමාන්‍යයක් රඳවා ගනිමින් කඩුලු 11ක් දවා ගැනීමට කාර්තික් සමත්වූ අතර එය ඉන්දීය වේගපන්දු බලඇණියේ හොඳම පන්දු ‍යැවීම ලෙස සටහන් විය. 

ජේඩ්න් සීල්ස් (බටහිර ඉන්දීය කොදෙව්) 

කොදෙව් කණ්ඩායමේ වේගපන්දු බලඇණියේ ප්‍රබලම අවිය වන්නේ ජේඩ්න් සීල්ස් ය. අනාගතය පිළිබඳව බලාපොරොත්තු තබා ගත හැකි වේගපන්දු ‍යවන්නෙකු ලෙස ඔහුගෙන් කණ්ඩායමට ඉටු වූ සේවාව අතිමහත්ය. 

18 හැවිරිදි ජේඩ්න් තරගාවලිය තුළ 18.30ක සාමාන්‍යයක් රඳවා ගනිමින් කඩුලු 10ක් දවා ගැනීමට සමත් විය. මූලික වටයේ දී ඕස්ට්‍රේලියාව හමුවේ ලකුණු 19කට කඩුලු 4ක් දවා ගැනීම ඔහුගේ හොඳම පන්දු ‍යැවීම ලෙස සටහන් විය. 

අකීල් කුමාර් (කැනඩාව) 

මෙවර “තරගාවලියේ කණ්ඩායමේ 12 වන ක්‍රීඩකයා” ලෙස කැනඩාවේ අකීල් කුමාර් නම් කර ඇත. කැනඩා කණ්ඩායම මෙවර තරගාවලියේ 13 වන ස්ථානය දිනා ගත් අතර එහි වැඩිම වගකීම ඉටුකලේ අකීල් විසිනි. 15.37ක ලකුණු සාමාන්‍යයක් සමඟින් කඩුලු 16ක් දවා ගැනීමට ඔහු සමත් විය. ජපානය හමුවේ ලකුණු 46කට කඩුලු 6ක් දවා ගැනීම ඔහුගේ හොඳම පන්දු ‍යැවීම ලෙස සටහන් විය. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<