ICCය නිපන්දුවේ තාක්ෂණය අලුත් කරයි

102

ක්‍රිකට් ක්‍රීඩාවේ පන්දු යැවීමේ දී ඉදිරි පාදය නියමිත සීමාවෙන් එපිට ගිය විට එය නිපන්දුවක් නොමැති නම් No-Ball ලෙස සලකුණු කිරීම මෙතෙක් කාලයක් සිදු කළේ පිටියේ විනිසුරුවරු විසිනි. 

කෙසේ නමුත් මෙවර පැවැත්වෙන 2020 කාන්තා ලෝක කුසලාන පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තුල නිපන්දුව නිරීක්ෂණය කිරීමේ වගකීම තෙවැනි විනිසුරු වෙත ලබා දීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) පියවර ගෙන තිබේ.

අශේන් ඩැනියල්ගේ අමුතු උපන් දින සාදයෙන් සාන්ත ජෝසප් විද්‍යාලයට ජය

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ……

මෙය ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුල යොදා ගැනීමට පෙර ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් දේශයේ දී සාර්ථකව අත්හදා බලා තිබෙන අතර එහි අවසන් ප්‍රතිඵල සහ නිගමන සාර්ථක නිසා ICCය විසින් මේ තීරණය සඳහා එළඹ ඇත. 

කෙසේ නමුත් ICCය විසින් නිකුත් කර තිබෙන මාධ්‍ය නිවේදනය තුල ඉදිරියේ දී පැවැත්වෙන සෑම ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් සඳහා හෝ ලෝක මට්ටමේ ක්‍රිකට් තරගාවලි සඳහා යොදා ගන්නේ ද, නැද්ද පිළිබඳව නිශ්චිතව සඳහන් කර නොමැත.

ඒ අනුව මේ තරගාවලිය තුල ක්‍රියාත්මක කරනු ලබන සෑම පන්දුවක්ම තාක්ෂණය භාවිතා කරමින් නිරීක්ෂණය කරනු ලබන අතර යම් පන්දුවක් නිපන්දුවක් වූ විගස ඒ බව එම තරගයේ තෙවැනි විනිසුරුවරයා විසින් පිටියේ විනිසුරුවරුන් වෙත වහාම දැනුම් දෙනු ලබයි. 

නමුත් ඉදිරි පාදයේ නිපන්දු නිරීක්ෂණය කිරීම පමණක් තෙවැනි විනිසුරු වෙත ලබා දී තිබෙන අතර ඉණට ඉහළින් යවනු ලබන නිපන්දු සහ පැති සීමාව අතික්‍රමණය කරමින් යවනු ලබන පන්දු නිපන්දු ලෙස නම් කිරීමේ වගකීම පිටියේ විනිසුරුවරුන් සතු වේ.

තිරිමාන්න පළමු පෙළ හොඳම ඉනිම වාර්තා කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ ……….

මේ තාක්ෂණය අත්හදා බැලීම වෙනුවෙන් පැවති තරග 12 දී පන්දු 4717ක් ක්‍රියාත්මක කර තිබෙන අතර නිපන්දු ලෙස යවා ඇති පන්දු 13ම නිවැරදි ලෙසම නිපන්දු බව තෙවැනි විනිසුරු විසින් තහවුරු කර තිබේ. 

“පිටියේ ඉන්න විනිසුරුට නිපන්දු බලන්න ගියාම යම් අපහසුතාවයකට පත් වෙන්න වෙනවා. මොකද නිපන්දුවක් හරියටම දශමෙටම බලන්න විනිසුරු කෙනෙක්ට අමාරුයි. එක් වරක්  දෙවරක් නම් කමක් නැහැ, එය සෑම පන්දුවක දී ම කරන්න ගියාම යම් යම් අතපසුවීම් වෙන්න පුළුවන්. ඒක නිසා තාක්ෂණය භාවිතා කරන එක මේකට ඉතාමත් හොඳ වැදගත් විසඳුමක් වෙයි කියලා මම හිතනවා.” යැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සාමාන්‍ය අධිකාරී ජෙෆ් ඇලඩයිස් මහතා පවසා තිබේ. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<