Home Sinhala යොවුන් ලෝක කුසලානයේ 6 වැනි තැන ශ්‍රී ලංකාවට

යොවුන් ලෝක කුසලානයේ 6 වැනි තැන ශ්‍රී ලංකාවට

ICC 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2022

1579

2022 ICC වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 5 වැනි ස්ථානය වෙනුවෙන් පැවති තරගය ලකුණු 238කින් ජයග්‍රහණය කිරීමට පාකිස්තානු වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අද අලුයම (4) සමත් වුනා.

එහි දී ඔවුන් හමුවේ පරාජයට පත්වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට 6 වැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදු වුනා.

දකුණු අප්‍රිකාව සමඟ පැවති 5 වැනි ස්ථානය සඳහා සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වුණු තරගයේ දී ක්‍රීඩා කළ ශ්‍රී ලංකා සංචිතයේ වෙනස්කම් දෙකක් සිදු කරමින් සකුණ ලියනගේ සහ දඟපන්දු යවන ක්‍රීඩක වනුජ සහන් වෙනුවට පවන් පතිරාජ සහ වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ මේ තරගයට කැඳවා තිබුණා.

  • ශ්‍රී ලංකාව: Chamindu Wickramasinghe, Sadisha Rajapaksa, Pawan Pathiraja, Shevon Daniel, Dunith Wellalage (c), Raveen de Silva, Ranuda Somarathne, Anjala Bandara (w), Vinuja Ranpul, Matheesha Pathirana, Treveen Mathew
  • පාකිස්තානය: Muhammad Shehzad, Haseebullah Khan (w), Irfan Khan, Abdul Faseeh, Qasim Akram (c), Abbas Ali, Ahmed Khan, Maaz Sadaqat, Mehran Mumtaz, Zeeshan Zameer, Awais Ali

Antigua හි Sir Vivian Richards ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දුනිත් වෙල්ලාලගේ පළමුව පන්දු යැවීම සඳහා තීරණය කළා.

එහි දී පාකිස්තානු ආරම්භක පිතිකරුවන් වුනු Muhammad Shehzad සහ Haseebullah Khan පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 134ක අගනා සබඳතාවයක් ගොඩනැංවූවා.

එම සබඳතාවය බිඳ වැටීමෙන් පසුව Khan සමඟ එක්වුණු නායක Qasim Akram දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 153ක දී සුපිරි ලකුණු 229ක සබඳතාවයක් ගොඩනංවමින් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දැඩි ප්‍රහාරයක් එල්ල කළා.

පාකිස්තානය වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත් Khan පන්දු 151ක දී ලකුණු 136ක් ලබාගෙන දස්කම් දැක්වූවා. ඔහුගේ එම ප්‍රහාරාත්මක ඉනිමට 4 පහර 9ක් සහ 6 පහර 2ක් ඇතුළත් වුනා.

එසේම Khan මෙවර 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ලබා ගත් දෙවැනි ශතකය එයයි. ඊට අමතරව Akram පන්දු 80කදී ලකුණු 135ක් ලබා ගත්තේ 4 පහර 13ක් සහ 6 පහර 6ක් ඇතුළත් වුනා.

අවසානයේ දී පාකිස්තානය නියමිත පන්දුවාර 50 අවසානයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 365ක් ලබා ගත්තා.

මේ තරගාවලිය පුරාවට ශ්‍රී ලංකා මුල් පෙළ පිතිකරුවන්ගේ අසාර්ථකත්වයක් පෙනෙන්නට වුනු අතර මේ තරගයේ දී ද එම දුර්වලතාවය එසේම පැවතියා.

පළමු පන්දුවාර 11 අවසානයේ ලකුණු 41ක් තුල ශ්‍රී ලංකා පිතිකරුවන් අඩක් දැවී ගොස් තිබුණු අතර නායක වෙල්ලාලගේ (ලකුණු 40) සහ විනුජ රන්පුල් (ලකුණු 53*) ශ්‍රී ලංකා ලකුණු සටහන යම් මට්ටමකට රැගෙන එන්නට සමත් වුනා.

අවසානයේ දී ශ්‍රී ලංකාව පන්දුවාර 34කුත් පන්දු 2ක් අවසානයේ දී සියල්ලන්ම දැවී ලබා ගත්තේ ලකුණු 127ක් පමණයි.

ඒ අනුව ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම 2022 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 6 වන ස්ථානය දිනාගෙන මෙවර තරගාවලියේ නිමාව සටහන් කළා.


Result


Pakistan U19
365/3 (50)

Sri Lanka U19
127/10 (34.2)

Batsmen R B 4s 6s SR
Muhammad Shehzad c Sadisha Rajapaksa b Raveen De Silva 73 69 7 2 105.80
Haseebullah Khan lbw b Matheesha Pathirana 136 151 9 2 90.07
Abdul Faseeh not out 135 80 13 6 168.75
Mohammad Irfan Khan lbw b Matheesha Pathirana 2 2 0 0 100.00


Extras 19 (b 0 , lb 1 , nb 2, w 16, pen 0)
Total 365/3 (50 Overs, RR: 7.3)
Fall of Wickets 1-134 (24.1) Muhammad Shehzad, 2-363 (49.4) Haseebullah Khan, 3-365 (49.6) Mohammad Irfan Khan,

Bowling O M R W Econ
Vinuja Ranpul 8 0 74 0 9.25
Treveen Mathew 8 0 44 0 5.50
Chamindu Wickramasinghe 2 0 19 0 9.50
Shevon Daniel 6 0 44 0 7.33
Dunith Wellalage 10 0 72 0 7.20
Matheesha Pathirana 8 0 62 2 7.75
Sadisha Rajapaksa 3 0 16 0 5.33
Raveen De Silva 5 0 33 1 6.60


Batsmen R B 4s 6s SR
Chamindu Wickramasinghe c & b 0 1 0 0 0.00
Pawan Pathiraja lbw b 1 10 0 0 10.00
Shevon Daniel b 5 6 0 0 83.33
Sadisha Rajapaksa c & b 16 21 0 0 76.19
Ranuda Somarathne b 0 7 0 0 0.00
Dunith Wellalage c & b 40 67 0 0 59.70
Raveen de Silva b 1 9 0 0 11.11
Anjala Bandara run out () 2 8 0 0 25.00
Vinuja Ranpul not out 53 58 0 0 91.38
Matheesha Pathirana lbw b 1 11 0 0 9.09
Treveen Mathew lbw b 1 9 0 0 11.11


Extras 7 (b 1 , lb 1 , nb 1, w 4, pen 0)
Total 127/10 (34.2 Overs, RR: 3.7)
Bowling O M R W Econ
Qasim Akram 10 0 37 5 3.70
Aamir Ali 10 2 31 2 3.10
Rohail Nazir 4.2 1 14 1 3.33
Niaz Khan 4 0 18 0 4.50
Arish Ali Khan 3 0 16 1 5.33
Mohammad Junaid 3 1 9 1 3.00



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<