ගෙවුනු දවස සැප්තැම්බර් 03 – පළමු අදියරේදි අනුශූරතාවය

456
Sri Lanka Sports News Last Day Summary

ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com විසින් ඔබ වෙත ඉදිරිපත් කරන “ගෙවුනු දවස” ලිපි මාලාවේ අරමුණ, කාර්යබහුල ජීවිතයක් ගත කරන ඔබට මඟ හැරෙන ක්‍රීඩා පුවත් එකම ලිපියකින් සංක්ෂිප්තව ඔබ වෙත වාර්තා කිරීමයි. එහිදි අප සෑම සඳුදා දිනකම පසු දින ඉරිදා සිදු වු පුවත් වලට අමතරව ගෙවුනු සතියේ සිදුවු විශේෂ පුවත් ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු.

රග්බි –

කුසලාන අනුශූරතාවය ලංකාවට

අාසියානු සත් සාමාජික රග්බි තරග මාලාවේ පළමු අදියරේ කුසලාන අනුශූරතාව දිනාගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. අවසන් තරගයේදී සත්කාරක හොං කොං කණ්ඩායමට ප්‍රබල සටනක් දෙන්නට ඔවුන් සමත් වුවද, හොං කොං ක්‍රීඩකයින් පළමු අදියරේ කුසලානය සිය රටේම රඳවා ගන්නට සමත් විය.

  • කුසලාන අවසන් පූර්ව තරගය – චීනය 17 – 19 ශ්‍රී ලංකාව
  • කුසලාන අවසන් තරගය – හොං කොං 22 – 17 ශ්‍රී ලංකාව

මේ අතර මෙම තරගාවලියට සමගාමීව පැවැත්වූ හොං කොං කාන්තා සත් සාමාජික රග්බි තරගාවලියේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට හිමිවූයේ පළඟ අනුශූරතාවයි.

  • පළඟ අවසන් පූර්ව තරගය – ගුවාම් 00 – 26 ශ්‍රී ලංකාව
  • පළඟ අවසන් තරගය – සිංගප්පූරුව 10 – 07 ශ්‍රී ලංකාව

සම්පූර්ණ ලිපිය: ශ්‍රී ලංකාව සටනක් දී අනුශූරයන් වෙයි


ක්‍රිකට් –

සංවර්ධන කණ්ඩායමට සිම්බාබ්වෙන් පාඩමක්

ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම සිව්දින තරඟය ජයග්‍රහණය කිරිමෙන් පසුව සිම්බාබ්වේ සංවර්ධන කණ්ඩායම සමඟ නිල නොවන එක්දින තරඟ 3ක් සඳහා ශ්‍රී ලංකාව සහභාගි වීමට නියමිතව ඇති අතර එහි පළමු නිල නොවන එක්දින තරඟය අද (3) හරාරේ පිටියේදී පැවැත්විණි. මෙම තරඟයෙන් සිම්බාබ්වේ සංවර්ධන කණ්ඩායම කඩුලු 5කින් ජයග්‍රහණය කිරීමට සමත් විය.

ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම -230 -10 (48.1) ශෙහාන් චතුරංග 53, කසුන් මදුසංක 43, අනුක් ප්‍රනාන්දු 35, සඳුන් වීරක්කොඩි 29, කාල් මුම්බා 3/26, නේතන් වොලර් 2/38

සිම්බාබ්වේ සංවර්ධන කණ්ඩායම – 232-5 (45.1) ටැරිසායි මුස්කන්ඩා 83*, පීටර් මුවර් 63, බ්‍රයන් චැරී 52, ශෙහාන් මදුසංක 2/52, ලසිත් ඇඹුල්දෙණිය 1/45

සම්පූර්ණ ලිපිය: සිම්බාබ්වේ හමුවේ ශ්‍රී ලංකාව පරාජයවේ

වෙළඳ සේවා ක්‍රිකට් උණුසුම

24 වන වතාවටත් සිංගර් ආයතනය මඟින් සංවිධානය කරනු ලබන වාර්ෂික වෙළෙඳ සේවා ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයේ තරඟ වටය පසුගිය දා ආරම්භ විය. ඊයේ (3) මෙම තරගාවලියේ උණුසුම වැඩි කරමින් තරඟ හතරක්  පැවැත්වූ අතර මෙම තරඟ වලින් එල්. බී. ෆිනෑන්ස්, කැන්රිච් ෆිනෑන්ස්, සෙලාන් බැංකු හා ජෝන් කීල්ස් යන ආයතන කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කරන ලදි.

පෑන් ඒශියා බැංකු කණ්ඩායම – 142-10 තුසිත් සිල්වා 47,චාමික සසංක 19, විරාජ් දීපාල් 15,ගයාන් සිරිසෝම 4/22, කාංචන ගුණවර්ධන 4/36.
සෙලාන් බැංකු කණ්ඩායම -143-5 (24.3) තරංග පරණවිතාන 43,කාංචන ගුණවර්ධන 31, සී.විතානගේ 20, චාමික සසංක 3/41.

කොමර්ෂල් බැංකු කණ්ඩායම 195-10 (49.5) ලසිත නානායක්කාර 41, සචින්ද ගුණවර්ධන 30* ,ප්‍රනීත් තිමංක 24, රොෂාන් ලක්සිරි 2/33, ප්‍රමෝද් මදුසංක 2/30
කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායම – 196-4 (24.4) ශෙහාන් ප්‍රනාන්දු 74*,කසුන් විදුර 50, දමිත් ප්‍රියදර්ශන 49, ප්‍රතාප් ද සිල්වා 2/33

එල්. බී. ෆිනෑන්ස් කණ්ඩායම -251-10 (36.1) චතුරංග කුමාර 116, ලක්ෂාන් රොද්‍රිගෝ 40, ඒ.පෙරේරා 25, රුමේෂ් සිල්වා 4/81
මාස් හෝල්ඩින්ග්ස් කණ්ඩායම -188-10 (43.2) කවීන් ද සිල්වා 55, සංගීත් කුරේ 38, ටනීශ වීරකෝන් 3/34, රජීව වීරසිංහ 2/14

ජෝන් කීල්ස් කණ්ඩායම – 195-5 (32) අශාන් පීරිස් 88, සසිදු පෙරේරා 52* සාලින්ද උශාන් 33, පී.ඩිල්ශාන් 3/23
සිංගර් කණ්ඩායම – 190-10 (31.2) සී.ලක්ෂාන් 63, පැතුම් වික්‍රමාරච්චි 36, R.ප්‍රියන් 22, Z.වික්‍රමනායක 3/30

සම්පූර්ණ ලිපිය: තවත් දිනයක අවසානයේ උණුසුම වැඩිවෙයි


පාපන්දු –

සුපිරි 8 ඊයේ තරග බිමට

ඩයලොග් ආයතනය මගින් සවිබල ගැන්වෙන ශ්‍රී ලංකාවේ දැවැන්තම පාපන්දු තරගාවලිය වන “ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ” සුපිරි 8 දෙනාගේ වටය ඊයේ (2) කොළඹ තුරඟ තරඟ පිටියේදී ආරම්භ විය.

එහිදි යුද හමුදාව සහ ගුවන් හමුදාව අතර පැවති තරගය ජය පරාජයකින් තොරවද, බ්ලූ ස්ටාර් සහ රිනවුන් ක්‍රීඩා සමාජයන් අතර තරගය ගෝල 02-00 ලෙසින් බ්ලූ ස්ටාර් ක්‍රීඩා සමාජය ජයග්‍රහණය වාර්තා කරමින් ද නිමාවට පත් විය.

සම්පූර්ණ ලිපිය: සුපිරි අටේ ප්‍රථම දිනයේ ජය බ්ලූ ස්ටාර් සමාජයට

දවසේ නිමාව