චාමර සිල්වාගෙන් මතකය අවදි කරන ඉනිමක්

1433

වෙළඳසේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන සිංගර් කුසලාන ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (03) නිමා වූ තරගවල දී කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත් වීමට චාමර සිල්වා සමත් විය. MAS යුනිචෙලා කණ්ඩායම නියෝජනය කරන ඔහු අද තම සහෝදර කණ්ඩායම වන MAS Sileuta කණ්ඩායමට එරෙහිව ලකුණු93ක් ලබා ගත්තේය. එය දිනයේ ක්‍රීඩකයෙක් විසින් රැස් කරන ලද ඉහළ ම ලකුණු ප්‍රමාණය විය.

MAS හෝල්ඩිංග්ස්ට ලකුණු 120ක ජයක්

වෙළඳසේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන සිංගර් කුසලාන වෙළඳසේවා ප්‍රිමියර් ලීග් ක්‍රිකට්….

නිමා වූ තරගවල දී MAS Sileuta කණ්ඩායම පරාජය කරමින් MAS යුනිචෙලා ද, හේලීස් කණ්ඩායම පරාජය කරමින් කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම ද සහ TeeJay ලංකා කණ්ඩායම පරාජය කරමින් ජෝන් කීල්ස් කණ්ඩායම ද ජයග්‍රහණය වාර්තා කළේය.

MAS Sileuta සහ MAS යුනිචෙලා අතර තරගය

කොළඹ එන්. සී. සී. පිටියේ දී පැවති මෙම තරගයෙන් ලකුණු 141ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට MAS යුනිචෙලා ක්‍රීඩකයෝ සමත් විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි MAS යුනිචෙලා කණ්ඩායම සියලුම දෙනා දැවී ලකුණු 241ක් රැස් කළේය. එම ඉනිමේ දී චාමර සිල්වා පන්දු 104කට මුහුණ දෙමින් හතෙර් පහර 8ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 93ක් ලබා ගත්තේ ය.

MAS යුනිචෙලා කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 102ක් ලෙසින් පවතිද්දී චාමර සිල්වා කණ්ඩායමේ සියලු බර තම කර මතට ගනිමින් 9 වැනි කඩුල්ල වෙනුවෙන් ෂෙහාන් මධුශංක ව ද කැඳවා ගනිමින් ලකුණු 135ක සබඳතාවක් ගොඩ නැගුවේය.

ෂෙහාන් අවශ්‍යම අවස්ථාවේ දී රැස් කරන ලද ලකුණු ප්‍රමාණය 45කි. ඒ සඳහා ඔහු පන්දු 68කට මුහුණ දී හතරේ පහර 7ක් සහ හයේ පහරක් තම ඉනිමට එක් කර ගත්තේ ය. ඊට ප්‍රථම කුසල් ජනිත් ලකුණු 38ක් ලබා සිටියේ ය.

කඩුලු ලබා ගැනීමේ දී බුද්ධික සංජීව ලකුණු 46කට කඩුලු 4ක් දවා ගත්තේ ය.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි MAS Sileuta කණ්ඩායම ලකුණු 100කට සීමා කිරීමට ජයග්‍රාහී යුනිචෙලා ක්‍රීඩකයෝ සමත් වූහ. එහි දී ලහිරු ජයරත්න ලකුණු 25කට කඩුලු 4ක් ද, ටී. එම්. ඩිල්ශාන් ලකුණු 38කට කඩුලු 4ක් ද දවා ගත්හ.

පරාජිත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ විදුශාන් හේමන්ත ය. ඔහු ලකුණු 33ක් ලබා ගත්තේ ය.

MAS යුනිචෙලා කණ්ඩායම; සියලුම දෙනා දැවී 241 (49.4) : කුසල් ජනිත් 38, චාමර සිල්වා 93, ෂෙහාන් මධුශංක45, බුද්ධික සංජීව 4/46, ධනංජය ලක්ෂාන් 2/42

MAS Sileuta කණ්ඩායම; සියලුම දෙනා දැවී 100 (24.1) : විදුශාන් හේමන්ත 33, ලහිරු ජයරත්න 4/25, ටී. එම්. ඩිල්ශාන් 4/38

ජ්‍යෙෂ්ඨයින්ට ආදර්ශයක් වෙමින් යෞවනයෝ අවසන් පූර්ව තරගයට

බංග්ලාදේශයේ දී ක්‍රියාත්මක වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ….


කොමර්ෂල් ක්‍රෙඩිට් සහ හේලීස් අතර තරගය

කොළඹ කෝල්ට්ස් පිටියේ දී පැවති මෙම තරගයෙන් කඩුලු8ක පහසු ජයග්‍රහණයක් වාර්තා කිරීමට කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනා ගත් කොමර්ෂල් නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට හේලීස් කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 96ක් පමණි. පිළිතුරු ලෙසින් පිටියට පිවිසි කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 98ක් ලබා ගත්තේ ය. ඒ තවත් පන්දුවාර 36ක් සේ ම දිනයේ හතර අඩක් ම ඉතිරිව තිබිය දී ය.

හේලීස් ඉනිමේ කැපී පෙනෙන ක්‍රීඩකයා වූයේ රොන් චන්ද්‍රගුප්ත ය. ඔහු පන්දු 61කට මුහුණ දී හතරේ පහර 5ක් සමඟින් ලකුණු 31ක් ලබා ගත්තේය. හේලීස් ඉනිමේ විනාශ කළ පන්දු යවන්නා වූයේ අශාන් ප්‍රියංජන් ය. ඔහු ලකුණු 15කට කඩුලු 6ක් දවා ගත්තේ ය. මේ වෙනුවෙන් අශාන් වැය කළේ පන්දු වාර 6කුත් පන්දු 3ක් පමණි. ඔහුට අමතරව සුරාජ් රන්දිව් කඩුලු 2ක් දවා ගත්තේ ය.

කොමර්ෂල් ඉනිමේ දී නොදැවී අර්ධ ශතකයක් වාර්තා කරමින් තරගය ඉතා ඉක්මනින් අවසන් කිරීමට අවශ්‍ය වටපිටාව සකස් කිරීමට චතුරංග ද සිල්වා සමත් විය. ඔහු පන්දු 37කට මුහුණ දී හතරේ පහර 2ක් සහ හයේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 50ක් ලබා ගත්තේ ය. ඊට අමතරව අශාන් ප්‍රියංජන ලකුණු 18ක් ලබා සිටියේ ය.

හේලීස් කණ්ඩායම; සියලුම දෙනා දැවී 96 (28.3) රොන් චන්ද්‍රගුප්ත 35, ලහිරු සමරකෝන් 24, අශාන් ප්‍රියංජන් 6/15, සුරාජ් රන්දීව් 2/31

කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම; කඩුලු 2ක් දැවී 98 (13.5) චතුරංග ද සිල්වා නොදැවී 50, අශාන් ප්‍රියංජන් 18


TeeJay ලංකා සහ ජෝන් කීල්ස් අතර තරගය

මොරටුව ද සොයිසා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ගණනය කිරීමේ දී ලකුණු 61ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට ජෝන් කීල්ස් කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනූ ජෝන් කීල්ස් නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඒ අනුව පිටියට පිවිසි ඔවුන් රැස්කළ ලකුණු සංඛ්‍යාව කඩුලු 8ක් දැවී 259කි.

එම ඉනිමේ දී නායක භානුක රාජපක්ෂ සහ රොෂේන් සිල්වා අර්ධ ශතක ලබා ගනිමින් තම ඉනිම ශක්තිමත් කළහ. කඩුලු 2ක් දැවී ලකුණු13ක් තිබූ ජෝන් කීල්ස් ඉනිම ගොඩ නැගීමට තෙවැනි කඩුල්ලේ දී ලකුණු 77ක සබඳතාවක් ගොඩ නැගීමට දිමුත් කරුණාරත්න සහ භානුක සමත් වූහ. දිමුත් පන්දු 40කට මුහුණ දී හතරේ පහර 7ක් සමඟින් ලකුණු 38ක් ලබා සිටිය දී දැවී ගියේය.

අනතුරුව කඩුල්ලේ දී ලකුණු 49ක සබඳතාවක් ගොඩ නගා සිටිය දී භානුක පන්දු 70කට මුහුණ දී හතරේ පහර සහ හයේ පහර 5 බැගින් එල්ල කරමින් ලකුණු 63ක් ලබා සිටිය දී දැවී ගියේය. අනෙක් පිතිකරුවා වූයේ රොෂේන් සිල්වා ය.

ඔහු 5 වැනි කඩුල්ල සඳහා මනෙල්ක ද සිල්වා එක්ව කණ්ඩායමට එක් කළ ලකුණු සබඳතාව 51කි. රොෂේන් පන්දු 103කට මුහුණ දී හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 64ක් ලබා ගත්තේ ය. මනෙල්ක ලබා ගත් ලකුණු සංඛ්‍යාව 24කි.

කඩුලු ලබා ගැනීමේ දී කුශාන් වීරක්කොඩි ලකුණු 43කට කඩුලු 3ක් ද ලක්ෂාන් සඳකැන් කඩුලු 2ක් දවා ගත්හ.

අපිට කොහෙහරි වැරදුනා බං…

“මූණත් කලු ගැහී ඔය හැටි කේඬෑරි වී අත පයත්.. මට වගේමයි උඹටත් හුඟක් මහන්සියි නේද දැන්….

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි TeeJay ලංකා කණ්ඩායම අයහපත් කාලගුණ තත්ත්වය මත තරගය නතර කරන විට කඩුලු 9ක් දැවී ලකුණු 172ක් ලබා සිටියේය. එම අවස්ථාව වන විට තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 234ක අවශ්‍යව තිබුණි.

එම ඉනිමේ දී ආරම්භක වමත් පිතිකරු සිතාර ගිම්හාන් පන්දු 41ක දී ලකුණු35ක් ද සචිත්‍ර සේරසිංහ පන්දු52ක දී ලකුණු38ක් ද ලබා ගනිද්දී මිනෝද් භානුක පන්දු 61කට මුහුණ දී හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 42ක් ලබා ගත්තේ ය.

කඩුලු ලබා ගැනීමේ දී මධුක ලියනපතිරණගේ ලකුණු 19කට කඩුලු 5ක් ලබා ගත්තේය. ඊට අමතරව ඉෂාන් ජයරත්න සහ ජෙෆ්රි වැන්ඩර්සේ කඩුලු 2 බැගින් දවා ගත්හ.

ජෝන් කීල්ස් කණ්ඩායම; කඩුලු 8ක් දැවී 259 (50.0): දිමුත් කරුණාරත්න 38, භානුක රාජපක්ෂ 63, රොෂේන් සිල්වා 64, මනෙල්ක ද සිල්වා 24, කුශාන් වීරක්කොඩි 3/43, ලක්ෂාන් සඳකැන් 2/66

TeeJay ලංකා කණ්ඩායම; කඩුලු 9ක් දැවී 172 (41.0) සිතාර ගිම්හාන් 35, මිනෝද් 42, භානුක සචිත්‍ර සේරසිංහ 38, මධුක ලියනපතිරණගේ 5/19, ඉෂාන් ජයරත්න 2/25, ජෙෆ්රි වැන්ඩර්සේ 2/39

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<