මහනුවර අපරාජිත බව අහිමි වෙයි

වයස අවුරුදු 17 න් පහළ යූත් ලීග් ක්රිකට් තරගාවලිය 2022

253

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන වයස අවුරුදු 17න් පහළ යොවුන් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී මහනුවර කණ්ඩායම මෙතෙක් පවත්වා ගෙන ආ අපරාජිතභාවය බිද දැමීමට කොළඹ උතුර කණ්ඩායම ඊයේ (26) සමත් වුනා.

කරට කරට සටනකට පසු කඩුලු 3ක ජයක් වාර්තා කළ කොළඹ උතුර මෙවර තරගාවලිය තුල ලබා ගත් තෙවැනි ජයග්‍රහණය වාර්තා කරමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත් වුනා.

>> 2022 ThePapare Most Popular Schoolboy Cricketer මනාප පළ කිරීම සඳහා <<

කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් මහනුවර කණ්ඩායම පන්දුවාර 43.5ක දී ලකුණු 195කට සීමා කළ කොළඹ උතුර කණ්ඩායම පන්දුවාර 43.5ක් අවසානයේ දී කඩුලු 7ක් පමණක් දැවී ඉලක්කය පසු කරන්නට සමත් වුනා. එම හඹා යෑමේ දී ආරම්භක පිතිකරු කවිඳු අමමෙත් පන්දු 80ක දී ලකුණු 61ක් වාර්තා කළා.

ප්‍රතිවාදී මහනුවර කණ්ඩායමේ ආරම්භක පිතකිරු සුපුන් වඩුගේ ලකුණු 98ක් ලබා ගන්නට සමත් වුනා. පන්දු 136කට මුහුණ දුන් වඩුගේ තම ඉනිමට හතරේ පහර 12ක් සහ හයේ පහර 2ක් ඇතුළත් කරගත්තා.

මේ අතර රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ දී පැවැති අනෙක් තරගය වූ දඹුල්ල සහ කොළඹ දකුණ අතර තරගය කඩුලු 4කින් ජයක් ගැනීමට කොළඹ දකුණ කණ්ඩායම සමත් වුනා.

එම තරගයේ දී පළමුව පන්දුවට පහර දුන් දඹුල්ල කණ්ඩායම පන්දුවාර 50ක දී ලකුණු 166කට සීමා කිරීමට කොළඹ දකුණ පන්දු යවන්නන් සමත් වුනා.

ලකුණු 167 ඉලක්කය හඹා ගිය කොළඹ දකුණ පිතිකරුවන් පන්දුවාර 27.5ක් තුල කඩුලු 6ක් දැවී සිය ඉලක්කය සපුරා ගත්තා. පන්දු යැවීමේ දී රදේෂ් බණ්ඩාරනායක ලකුණු 26කට කඩුලු 4ක් දවා ගත්තා.

දඹුල්ල සහ කොළඹ දකුණ

දඹුල්ල – 166 (50): ජනිත් දිලුම්ක 46, හසිත් කාවින්ද 29, මතීෂ යෙනෙත් 16, ආර්. නිවුටන් 16, රදේෂ් බණ්ඩාරනායක 4/26, රයන් දිසානායක 2/21, කවිදු ඩයස් 2/42.

කොළඹ දකුණ – 167/6 (27.5): රවිත් ජයසූරිය 47, ගවිරු සෙනෙහස් 43, රුසද ගමගේ 40, ජනිත් ප්‍රනාන්දු 3/68, ඒ. අසන්ත 2/07.

කොළඹ දකුණට කඩුලු 4ක ජයක්


මහනුවර සහ කොළඹ උතුර

මහනුවර – 193 (45): සුපුන් වඩුගේ 98, චාරුක ඒකනායක 36, ලකිදු අබේසිංහ 18, ප්‍රවීන් මනීශ 2/18, ගරුක සංකෙත් 2/32, තරුශ කොඩිකාර 2/36, ළහිරු අමරසේකර 2/41, කූජන පෙරේරා 2/42

කොළඹ උතුර – 195/7 (43.5): කවිඳු අමාමෙත් 61, විහස් තෙව්මික 36, කූජන පෙරේරා 26, සමිඳු මදුරංග 18, හිරාන් ජයසුන්දර 17 

කොළඹ උතුරට කඩුලු 3ක ජයක්

තරගාවලියේ සියලුම තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<