Big Bash ලීග් වෙන්දේසියට තවත් ශ්‍රී ලාංකිකයෙක්

Big Bash League 2023

2395

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත Big Bash League ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත්කරණය (Player Draft) සඳහා ශ්‍රී ලාංකික වේගපන්දු යවන ක්‍රීඩක නිසල තාරක ද තෝරාගෙන තිබෙනවා.

ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය විසින් මෙවර තරගාවලිය සඳහා නාමයෝජනා ලද ක්‍රීඩකයින්ගේ අවසන් ලැයිස්තුව අද (24) නිවේදනය කළ අතර ඒ සඳහා 31 හැවිරිදි තාරක ද ඇතුළත් වී සිටියා.

තාරක මේ වන විට SSC ක්‍රීඩා සමාජය වෙනුවෙන් දක්ෂතා දක්වන අතර ඔහු පළමු පෙළ ක්‍රිකට් තරග 73ක් නියෝජනය කර තිබෙනවා. List A තරග 79කට සහභාගී වී තිබෙන ඔහු විසින් ක්‍රීඩා කර ඇති විස්සයි විස්ස තරග සංඛ්‍යාව 37ක්.

තාරකගේ නාමයෝජනා ද ඇතුළත් ව ශ්‍රී ලාංකිකයින් 9 දෙනෙකු මේ දක්වා Big Bash League සඳහා නාමයෝජනා හිමි වී තිබෙනවා.

Big Bash ලීගයේ ක්‍රීඩක කෙටුම්පත්කරණය සඳහා නාමයෝජනා ලද ශ්‍රී ලාංකිකයින්: දිනේෂ් චන්දිමාල්, භානුක රාජපක්ෂ, මහේෂ් තීක්ෂණ, ලක්ෂාන් සඳකැන්, ප්‍රභාත් ජයසූරිය, රමේෂ් මෙන්ඩිස්, දුෂාන් හේමන්ත, රුවන්ත කැල්ලේපොත, නිසල තාරක

Big Bash 2022-23 ලීග් තරගාවලිය මේ වසරේ දෙසැම්බර් සිට එළඹෙන වසරේ ජනවාරි දක්වා පැවැත්වීමට නියමිතව ඇත්තේ කණ්ඩායම් 8ක සහභාගීත්වය සහිතවයි.  Adelaide Strikers, Brisbane Heat, Hobart Hurricanes, Melbourne Renegades, Melbourne Stars, Perth Scorchers, Sydney Sixers සහ Sydney Thunder තරගාවලිය සඳහා සහභාගී වන කණ්ඩායම් 8යි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<