Domingoගෙන් BCB පැහැදිලි කිරීමක් ඉල්ලයි

4439

බංග්ලාදේශ ටෙස්ට් හා එක්දින ක්‍රිකට් කණ්ඩායම් හි ප්‍රධාන පුහුණුකරු Russell Domingo විසින් බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය (BCB) ඔහුට චෝදනා රැසක් එල්ල කරන බව ප්‍රකාශ කිරීමෙන් පසු, BCB ඔහුගෙන් ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් ලබා ගැනීමට සූදානමින් පසුවනවා.

බාහිර බලපෑම් නිසා ඔහුගේ වේතන මුදල් ඉහළ යාම වැළැක්වී ඇති බවට ක්‍රිකට් පාලක මණ්ඩලයට Domingo විසින් චෝදනා එල්ල කරනු ලැබූ අතරම ඔහු තවදුරටත් කියා සිටියේ ක්‍රීඩකයන් ද Dressing rooms තුල දී බැණුම් ඇසීමට ලක්වන බවයි.

Domingoගේ දිගුකාලීන දුර්වල සේවය හමුවේ BCB විසින් මෑතක දී ඔහුව විස්සයි තරගවලින් ඉවත් කිරීමට කටයුතු කළා. විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියෙන් පසු පැවැත්වූ තරග 13කින් බංග්ලාදේශ කණ්ඩායමට ජය ගැනීමට හැකි වුනේ ඉන් තරග දෙකක් පමණයි.

එනිසා, BCB විසින් අලුතින් පත් කළ විස්සයි විස්ස තාක්ෂණික නිලධාරි Sridharan Sriram හට එම වගකීම පැවරීමට තීරණය කළා. Sriram එළඹෙන ලෝක කුසලානය දක්වා එම ධුරයේ සිටිනු ඇති.

“කවුද මෙහෙම කරන්නෙ? (ක්‍රීඩකයන්ට කෑගසමින්) ඇයි ඔහු කාගෙවත් නමක් කියන්නෙ නැත්තේ? කොහොමද එහෙම ක්‍රීඩකයන්ට බැන වදින්නෙ? මට හිතෙන්නෙ ඔහුට කියන්න අවශ්‍ය වුනේ කණ්ඩායම් අධ්‍යක්ෂ කියලා මොකද එයා කිව්වෙ ක්‍රිකට් අධ්‍යක්ෂ (ඒ මම වෙන්නෝනෙ). ඔහු කණ්ඩායම් අධ්‍යක්ෂකගේ නම (Khaled Mahmud) සඳහන් කළේ නැහැ,” BCB ක්‍රිකට් මෙහෙයුම් සභාපති Jalal Yunus 23 වැනිදා Cricbuzz වෙත පවසා සිටියා.

“ඔහු මොනවා කිව්වත් ඔහුට එය නොකියා ඉන්නයි තිබුණේ, මොකද කණ්ඩායම් කළමනාකාරිත්වයට කතා කරන්න කිසිම කෙනෙක්ට බලයක් නැහැ. ක්‍රීඩකයන්ට කියන්න පුළුවන් ද, කොයි නිළධාරියා ද ඔවුන්ට බැන්නේ කියලා, ඒක වෙන්න බැරි දෙයක්. ඒක නිසා මොහු මේ කවුරු ගැන ද කියන්නෙ කියලා මට නම් පැහැදිලි නැහැ. අපි හැමවෙලේම පුහුණුකරුගෙන් ඉල්ලා සිටියේ ගොඩක් ක්‍රීඩකයෝ ODI නිසාත්, T20 විශේෂඥයින් දෙතුන් දෙනෙකුට වඩා නොමැති නිසාත්, ODI ක්‍රීඩකයින්ව T20 තරගවලට යොමු කරන්න කියලා.

Jalal කියා සිටියේ මණ්ඩලය එක්ව Domingoගේ මෙම චෝදනා සම්බන්ධව තීරණයක් ගන්නා බවයි. “ඔහු තවමත් අපේ ගිවිසුම්ගත පුහුණුකරු. ඒ නිසයි ඔහුට මණ්ඩලයට හෝ එහි නිලධාරීන්ට විරුද්ධව කතා කරන්න බලයක් නැත්තෙ. අපි සාකච්ඡාවක් පවත්වලා මේ කාරණය පිළිබඳව තීරණයකට එනවා.”

“මම හිතන්නෙ ඔහු මොනවද අදහස් කළේ කියල හරියටම දැන ගන්න ලිපියක් නිකුත් කළ යුතුයි. එතකොට විතරයි මෙය නිරාකරණය කරගන්න පුළුවන් වෙන්නෙ. මේක දඬුවම් ලබා දෙන්න දෙන ලිපියක් නෙමෙයි. අපිට දැනගන්න අවශ්‍යයි මොකක්ද වෙලා තියෙන්නෙ කියලා. ඊට පස්සෙ මේ ගැන වැඩි දුර කරුණු දක්වන්න අපිට පුළුවන්,” යැයි ඔහු තවදුරටත් පැවසුවා.

BCB තාක්ෂණික අධ්‍යක්ෂ Khaled Mahmud ප්‍රසිද්ධියේම පෙර දී සඳහන් කළේ Domingoගේ ක්‍රියා පටිපාටිය ඔවුන්ට කිසිලෙසත් නොගැලපෙන බවයි. BCB ක්‍රිකට් මෙහෙයුම් සභාපති Jalal Yunus කියා සිටියේ ඔහුට අවශ්‍ය තරම් ආත්ම විශ්වාසයක් නොමැති බවයි.

Cricbuzz ඇසුරෙනි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<