ගාල්ල මංගල ජය සමරද්දී කොළඹ උතුරට දෙවැනි ජය

වයස අවුරුදු 17න් පහළ යොවුන් ලීග් ක්‍රිකට් තරගාවලිය 2022

384

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 17න් පහළ යොවුන් ලීග් ක්‍රිකට් තරගාවලියේ මෙතෙක් පන්දු යවන්නෙකු විසින් වාර්තා කරන ලද හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට කොළඹ උතුරු කණ්ඩායමේ තරුෂ කොඩිකාර (5/29) සමත් වුනා.

ඒ සමඟම කොළඹ දකුණු කණ්ඩායමට එරෙහිව පැවති තරගයෙන් කඩුලු 6ක ජයක් වාර්තා කිරීමට කොළඹ උතුරු කණ්ඩායමට ඊයේ (25) අවස්ථාව හිමි වුනා.

තරගාවලියේ තෙවැනි දිනය බවට පත් වුණු මෙම තරගය රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ දී පැවති අතර තරුෂගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් කොළඹ දකුණු කණ්ඩායමට පන්දුවාර 14.5ක දී සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 79ක් පමණයි.

>> 2022 ThePapare Most Popular Schoolboy Cricketer මනාප පළ කිරීම සඳහා <<

වමතින් මද වේගපන්දු යවන තරුෂ මේ තරගයේ දී පන්දුවාර 6.5ක් ක්‍රියාත්මක කරමින් ලකුණු 29ක් පමණක් ලබා දෙමින් ප්‍රතිවාදී කණ්ඩායමේ කඩුලු 5ක් දවා ගත්තා. ඔහුට අනගි සහයක් ලබා දුන් ගරුක සංකෙත් ලකුණු 37කට කඩුලු 3ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම දියත් කළ කොළඹ උතුරු කණ්ඩායම පන්දුවාර 14.5ක දී කඩුලු 3ක් පමණක් දැවී සිය ඉලක්කය සපුරා ගෙන මෙවර තරගාවලිය තුල ලබා ගත් දෙවැනි ජයග්‍රහණය ලබා ගැනීමට සමත් වුනා.

මේ අතර කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේ දී පැවති පරාජිත කණ්ඩායම් අතර හෙවත් ගාල්ල සහ දඹුල්ල අතර තරගයෙන් ලකුණු 92ක ජයක් වාර්තා කරමින් සිය පරාජිත ගමනට තිත තැබීමට ගාල්ල කණ්ඩායම සමත් වුනා.

මෙය ගාලු කණ්ඩායම මෙවර තරගාවලියේ වාර්තා කරන ලද පළමු ජයග්‍රහණය ලෙසින් සටහන් වන විට, දඹුල්ල කණ්ඩායම පිට පිටම ලද දෙවැනි පරාජය ලෙසින් සටහන් වුනා.

එහි දී පළමුව පන්දුවට පහර දුන් ගාල්ල කණ්ඩායම පන්දුවාර 49.1ක දී සියලු දෙනා ලකුණු 241ක් රැස් කළ නමුත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරී‌මේ දී දකුණු කණ්ඩායමට පන්දුවාර 37ක දී සියල්ලන්ම දැවී ලබා ගන්නට හැකි වුනේ ලකුණු 149ක් පමණයි.

පන්දුවට පහර දීමේ දී දිනුර කළුපහන පන්දු 80ක දී ලකුණු 61ක් ලබාගෙන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වද්දී, භාෂණ ද සිල්වා පන්දු 79ක දී ලකුණු 54ක් රැස්කර ගනිමින් කළුපහනට අනගි සහායක් ලබා දුන්නා.

කෙසේ වෙතත් ගාල්ල පළමු පන්දු යවන්නන් තිදෙනා කඩුලු දෙක බැගින් දවා ගැනීම නිසා දඹුල්ල කණ්ඩායමට අවශ්‍ය ඉලක්කය කරා යෑම අසීරු වුනා. පිතිකරුවන් අතර විශ්ව රාජපක්ෂ ලකුණු 42ක් ලබා ගත් අතර අංක 9 පිතිකරු අනුරාධ රණසිංහ ලකුණු 25ක් ලබා ගත්තා.

කොළඹ උතුර සහ  කොළඹ දකුණ

  • කොළඹ දකුණ – 79 (14.5): උනෙත් පීරිස් 29, ගවිරු සෙනෙහස් 18, තරුෂ කොඩිකාර 5/29, ගරුක සංකේත 3/37
  • උතුරු කොළඹ – 83/4 (15.4): ශාරුජන් ෂන්මුගනාදන් 20*, සමිඳු මධුරංග 26*, මලිත් රූපසිංහ 2/28

උතුරු කොළඹට කඩුලු 6ක ජයක්

ගාල්ල සහ දඹුල්ල අතර තරගය,

  • ගාල්ල – 241 (49.1): දිනුර කළුපහන 61, භාෂණ ද සිල්වා 54, දිනුර අබේවික්‍රමසිංහ 29, චර්ය පරණවිතාන 20, තමිඳු ප්‍රදීප්ත 20, ආර්. නිව්ටන් 3/31, කිවේන් ෂෙවන්ත 2/33, ජනිත් ප්‍රනාන්දු 2/60
  • දඹුල්ල – 149 (37): විශ්ව රාජපක්ෂ 42, අනුරාධ රණසිංහ 25, එස්. කරිලිෂ්වරන් 2/28, දිනුර කළුපහන 2/28, සංජු ඩිල්ෂාන් 2/38

ගාල්ල කණ්ඩායමට ලකුණු 92ක ජයක්

තරගාවලියේ සියලුම තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<