ජෝශප් වාස් හා ධර්මරාජ දැවැන්ත ජයග්‍රහණ එක් කරයි

865
U17 singer schools cricket

මෙම දින වල පැවැත්වෙන සිංගර් වයස අවුරුදු 17 න් පහළ පාසල් ක්‍රීකට් තරගාවලියේ තවත් තරඟ කිහිපයක් පසුගිය දි වලදී පැවැත්විණි.

පසුගිය ලිපි: ධර්මාලෝක, ආනන්ද සහ වේල්ස් කුමර ජය සමරයි

කොළඹ සාන්ත පීතර විද්‍යාලය හා කඳාන ද මැසොනොඩ් විද්‍යාලය අතර තරඟය

මෙම තරඟය ද මැසොනොඩ් විද්‍යාලය කඩුලු 3 කින් ජයග්‍රහණය කරන ලදි.

සාන්ත පීතර විද්‍යාලය – 112-10 (33.2) දිනිත අංජුල ලකුණු 25, සචින් සිල්වා ලකුණු 23යි. ප්‍රවීන් ජූඩ් ලකුණු 19 කට කඩුලු 3, නදුන් ඩිල්ශාන් ලකුණු 28ට කඩුලු 3, ප්‍රවීන් ෆොන්සේකා ලකුණු 28 කට කඩුලු 2 දවාලීමට සමත් විය.

මැසොනොඩ් විද්‍යාලය – 115-7 (37.5) ෂෙමිල් ගුණවර්ධන ලකුණු 37,සාලිය ජූඩ් ලකුණු  32යි. හසිත් කිරිල්ල ලකුණු 15 කට කඩුලු 2 ක් දවාලන ලදි.


වෙන්නප්පුව ජෝශප් වාස් විද්‍යාලය හා සාන්ත ස්වේසර්ස් විද්‍යාලය අතර තරඟය

ජෝශප් වාස් විද්‍යාලය මෙම තරඟය ලකුණු 283 දැවැන්ත ජයග්‍රහණයක් ලබාගැනීමට සමත් විය.

ජෝශප් වාස් විද්‍යාලය -333 -4 (50) නිපුන් ධනංජය දක්ෂ පිතිකරණයක නිරත වෙමින් ලකුණු 129*, තිලිණ ප්‍රදීප්ත ලකුණු 66, අංජන රුක්මාල් ලකුණු 53යි.

ස්වේසර්ස් විද්‍යාලය – 50-10 (30.1) අවිදු ෂෙහාර ලකුණු 08 කඩුලු  4 ක් දවාලීමට සමත් විය.


කෑගලු විද්‍යාලය හා මහනුවර ධර්මරාජ විද්‍යාලය අතර තරඟය

මෙම තරඟයෙන් ධර්මරාජ විද්‍යාලය කඩුලු 9 දැවැන්ත ජයග්‍රහණයක් ලබාගැනීමට සමත් විය.

කෑගලු විද්‍යාලය – 152 -10 (48.2) තිළිණ කුමාර ලකුණු 60 යි. අනුශාන් බණ්ඩාර ලකුණු 23 කට කඩුලු 3 ක් හා රුක්මාල් දිසානායක ලකුණු 37 කට කඩුලු 3 ක් දවාලීමට සමත් විය.

ධර්මරාජ විද්‍යාලය -155-01 (24.4) දක්ෂ ලෙස පිත්ත හැසිරවූ බවන්ත උදන්ගමුව ලකුණු 99*, අනුශාන් බණ්ඩාර ලකුණු 24*

පසුගිය ලිපි: රිච්මන්ඩ් විද්‍යාලය ඉදිරියටම


පානදුර රාජකීය විද්‍යාලය හා ගුරුකුල විද්‍යාලය අතර තරඟය

මෙම තරඟය ගුරුකුල විද්‍යාලය කඩුලු 4 කින් ජයග්‍රහණය කරන ලදි.

රාජකීය විද්‍යාලය – 162 -10 (48.4) කවිදු ඩිල්ශාන් ලකුණු 26, මලිදු අශේන් ලකුණු 23

ගුරුකුල විද්‍යාලය 163 -06 (30.2) ලසිදු අරෝෂ ලකුණු 49, මලිදු විදුරංග ලකුණු 43*යි. තරිදු ප්‍රභාත් ලකුණු 29 කට කඩුලු 2 ක් දවාලීමට සමත් විය.


මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය හා කලුතර විද්‍යාලය අතර තරඟය

මෙම තරඟය වර්ෂාව නිසා ප්‍රමාද වී ඇරඹිය. නිසා තරඟය පන්දුවාර 45 කට සීමා විය.

මාරිස්ටෙලා විද්‍යාලය -267-09 (45) දක්ෂ පිතිකරණයක නිරත වූ රොෂාන් ප්‍රනාන්දු ලකුණු 101*, මනීෂ සිල්වා ලකුණු 44 කවීන් පෙරේරා ලකුණු 40යි. ඉන්සක සිරිවර්ධන ලකුණු 50 කට කඩුලු 3 ක් දවාලීමට සමත් විය.

කලුතර විද්‍යාලය – 57-5 (11.2) ඉන්සක සිරිවර්ධන ලකුණු 24යි. ලකුණු 11 කට කඩුලු 2ක් දවාලීමට නවීන් ප්‍රනාන්දු සමත් විය.

තවත් ක්‍රිකට් පුවත් කියවන්න – එන්න ක්‍රිකට් පිටුවට


කෝට්ටේ ජනාධිපති විද්‍යාලය හා ඩී. එස්. සේනානායක විද්‍යාලය අතර තරඟය

මෙම තරඟය ඩී. එස්. සේනානායක විද්‍යාලය කඩුලු 2 කින් අවසන් පන්දුවාරයේ දී ජයග්‍රහණය කරන ලදි. මෙම තරඟය වර්ෂාව නිසා ආරම්භ වීම පමා වීම නිසා පන්දුවාර 36 කට එක් ඉණිමක් සීමා විය.

ජනාධිපති විද්‍යාලය 217 -10 (33.5) රිචඩ් ලක්මාල් ලකුණු 80, ගනිදු හංවැල්ල ලකුණු 42, මොහොමඩ් රිෆාස් ලකුණු 29*යි. යසිත් සමරදිවාකර ලකුණු 20 කට කඩුලු 3 ක් දවාලන ලදි.

ඩී.එස් සේනානායක විද්‍යාලය 219-8 (35.5) දිමන්ත කෞෂාල්ය ලකුණු 57*, විහාන් ගුණරත්න ලකුණු 35, පසිදු ආධිත්‍ය ලකුණු 35 යි පන්දු යැවීමේ දී ලකුණු 50 කට කඩුලු 3 ක් දවාලීමට ප්‍රමුඛ ගයාෂාන් සමත් විය.


කැළණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය හා කොළඹ ඉසිපතන විද්‍යාලය අතර තරඟය

කෝල්ට්ස් පිටියේදී පැවති මෙම තරඟය ඉසිපතන විද්‍යාලය කඩුලු 5 කින් ජයග්‍රහණය කරන ලදි.

ධර්මාලෝක විද්‍යාලය 124-9 (50) යුගීෂ ඩිල්ශාන් ලකුණු 24යි. රාසුල වික්සුර ලකුණු 11 කට කඩුලු 2යි.

ඉසිපතන විද්‍යාලය 125-5 (32) සංජුල බණ්ඩාර ලකුණු 56, අයන සිරිවර්ධන ලකුණු 36, යසින්ත යොහාන් ලකුණු 28 කට කඩුලු 3ක් දවාලීමට සමත් විය.

තවත් ක්‍රිකට් පුවත් කියවන්න – එන්න ක්‍රිකට් පිටුවට


කටුගස්තොට ශ්‍රී  රාහුල විද්‍යාලය හා මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය අතර තරඟය

මෙම තරඟය වර්ෂාවෙන් බාධා පැමිණි නිසා අත්හිටුවීමට තීරණය විය.

ශ්‍රී රාහුල විද්‍යාලය -66-10 (24) කසුන් කරුණාතිලක ලකුණු 8 කට කඩුලු 5 ක් දවාලීමට සමත් විය.

විද්‍යාර්ථ විද්‍යාලය -2-2 (1)


කොළඹ තර්ස්ටන් විද්‍යාලය හා පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය අතර තරඟය

මෙම තරඟය ලකුණු 107 ජයග්‍රහණය කිරීමට තර්ස්ටන් විද්‍යාලය සමත් විය. තරඟය තර්ස්ටන් පිටියේදී පැවැත්විණි.

තර්ස්ටන් විද්‍යාලය -216-9 (50) ‍යෙහාන් වික්‍රමාරච්චි ලකුණු 41, බිනොත් ඕෂධ ලකුණු 39, නිමේෂ් ලක්ෂාන් ලකුණු 31යි. නිපුන් දේෂාන් ලකුණු 39 කට කඩුලු 3 ක් දවාලීමට සමත් විය.

ශ්‍රී සුමංගල විද්‍යාලය -109-10(41.4) අංජන මධුවන්ත ලකුණු 45, යෙෂාන් වික්‍රමාරච්චි ලකුණු 9 කට කඩුලු 2 ක් හා සඳරු ඩයස් ලකුණු 20 කට කඩුලු 2ක් දවාලීමට සමත් විය.


කොළඹ අශෝක විද්‍යාලය හා වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය අතර තරඟය

මෙම තරඟය අශෝක විද්‍යාලය ලකුණු 4 තියුණු ජයග්‍රහණයක් ලබාගැනීමට සමත් විය.

අශෝක විද්‍යාලය – 204-9 (50) උදේෂ් රේනුක ලකුණු 55*, හර්ෂ තරංග ලකුණු 32, පසන් සවින්ද ලකුණු 30යි. පන්දු යැවීමේ දී ලකුණු යසිදු ජයවීර ලකුණු 32 කට කඩුලු 2 ක් දවාලීමට සමත් විය.

අන්තෝනි විද්‍යාලය – 200-10 (48.4) අරින්ද චතුරංග ලකුණු 67, ජොයෙල්  පින්ටෝ ලකුණු 20. පන්දු යැවීමේ දී හර්ෂ තරංග ලකුණු 37 කට කඩුලු 3 ක් දවාලීමට සමත් විය.


කොළඹ නාලන්දා විද්‍යාලය හා ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර තරඟය

මෙම තරඟය දෙපිලේම ලකුණු සමවිය. අනුව තරඟය ජය පරාජයෙන් තොරව නිමාවිය. මෙම තරඟය නාලන්දා විද්‍යාලයේ දී පැවැත්විණි.

සාන්ත තෝමස් විද්‍යාලය -142-10 (39.1) මන්තිල විජේරත්න ලකුණු 27,ලක්ෂිත රසාංජන ලකුණු 26 කට කඩුලු 3යි.

නාලන්දා විද්‍යාලය – 142 -10 (48.4) රනිදු ද සිල්වා ලකුණු 23,මදුෂාන් හසරංග ලකුණු 21යි.පන්දු යැවීමේ දී ලකුණු 15 කට කඩුලු 3 ක් දවාලීමට ෂැනොන් ප්‍රනාන්දු සමත් විය.

තවත් පුවත් කියවන්න – මුල් පිටුවට පිවිසෙන්න