රිච්මන්ඩ් විද්‍යාලය ඉදිරියටම

897
U17 singer schools cricket

මේ දින වල පැවැත්වෙන සිංගර් කුසලාන ක්‍රිකට් පළමු කාණ්ඩයේ තරගාවලියේ වයස අවුරුදු 17 න් පහළ තරඟ කිහිපයක් පසුගිය දා නිමාවිය.

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය හා ගාල්ල මහින්ද විද්‍යාලය අතර තරඟය

මෙම තරඟය මහින්ද විද්‍යාලීය ක්‍රීඩා පිටියේදී පැවැත්විණි. කාසියේ වාසිය දිනාගත් මහින්ද විද්‍යාලය පළමුව පන්දුවට පහරදෙන ලදි. මෙම තරගයෙන් පළමු ඉණිම ජයග්‍රහණය කිරීමට රිච්මන්ඩ් විද්‍යාලය සමත් විය.

මහින්ද විද්‍යාලය පළමු ඉණිම – 187-9 (50) හංසික වැල්හින්න ලකුණු 51, විනුර දුල්සර ලකුණු 32යි. පන්දු යැවීමේ දී තවීෂ අභිෂේක් ලකුණු 29 කට කඩුලු 2 ක් දවාලීමට සමත් විය.

රිච්මන්ඩ් විද්‍යාලය පළමු ඉණිම – 188-9 (49) දක්ෂ පිතිකරණයක නිරත වූ තවීෂ අභිෂේක් ලකුණු 92*, ආධිත්‍යය සිරිවර්ධන ලකුණු 29 යි. පන්දු යැවීමේ දී ලකුණු 28 කට කඩුලු 2 ක් දවාලීමට රොෂාන් කාවින්ද සමත් විය.

තවත් ක්‍රීඩා පුවත් කියවන්න – එන්න ක්‍රිකට් පිටුවට


ත්‍රිත්ව විද්‍යාලය හා කෑගල්ල සාන්ත මරියා විද්‍යාලය අතර තරඟය

මෙම තරඟය අස්ගිරියේ දී පැවැත්විණි. මෙම තරඟයට වර්ෂාවෙන් බාධා පැමිණි අතර එම නිසා පැරබෝලා ක්‍රමයට ලකුණු 73 ජයග්‍රහණයක් ලබාගැනීමට ත්‍රිත්ව විද්‍යාලය සමත් විය.

ත්‍රිත්ව විද්‍යාලය පළමු ඉණිම – 264-8 (50) දක්ෂ ලෙස පන්දුවට පහරදුන් කලන සොයිසා ලකුණු 88 ක් හා හසින්ත ජයසූරිය ලකුණු 38 යි. පන්දු යැවීමේ දී සංජය රංජිත් ලකුණු 50 කට කඩුලු 3 ක් දවාලීමට සමත් විය.

සාන්ත මරියා විද්‍යාලය පළමු ඉණිමලකුණු 84-1 (21.3) ගජිත කොටුවේගොඩ ලකුණු 48*


මරඳාන සාන්ත ජෝශප් විද්‍යාලය හා කොළඹ මහානාම විද්‍යාලය අතර තරඟය

ඩී කාණ්ඩයේ තරඟයක් ලෙස මරඳාන සාන්ත ජෝශප් විද්‍යාල ක්‍රීඩා පිටියේදී මෙම තරඟය පැවැත්විණි. මෙම තරඟය ජය පරාජයෙන් තොරව අවසන් විය.

සාන්ත ජෝශප් විද්‍යාලය පළමු ඉණිම – 244-10 (50) නැවතත් ලකුණු අතරට පැමිණි රීවන් කේලි ලකුණු 107 ක් හා සචින්ත රවිදු ලකුණු 25 ක් ලබාගැනීමට සමත් විය. පැතුම් බොතේජු ලකුණු 42 කට කඩුලු 3 ක් දවාලීමට සමත් විය.

මහානාම විද්‍යාලය පළමු ඉණිම පන්දුවට පහර දීමට නොහැකි විය.

පසුගිය ලිපි: ආනන්ද, නාලන්දා, ඉසිපතන විදුහල් දැවැන්ත ජයග්‍රහණයක


ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය හා පී.. එස්. කුලරත්න මධ්‍ය විද්‍යාලය අතර තරඟය

මෙම තරඟය රිච්මන්ඩ් විද්‍යාලය ලකුණු 166 කින් ජයග්‍රහණය කිරීමට රිච්මන්ඩ් විද්‍යාලය සමත් විය.

රිච්මන්ඩ් විද්‍යාලය පළමු ඉණිම – 248-10 (41) දක්ෂ ලෙස පිත්ත හැසිරවූ විශ්මිත අයේෂ් ලකුණු 86යි, තවීෂ අභිෂේක් ලකුණු 39යි. පන්දු යැවීමේ දී ලකුණු 31 කට කඩුලු 4 ක් දවාලීමට හිරුෂාන් දීමන්ත සමත් විය.

පී.. එස්. කුලරත්න මධ්‍ය විද්‍යාලය පළමු ඉණිම – 72-10 (24.3) පැතුම් ඩිල්ශාන් ලකුණු 23යි. තවීෂ අභිෂේක් ලකුණු 11 කට කඩුලු 3 ක් දවාලීමට සමත් විය.


කෝට්ටේ ආනන්ද ශ්‍රාස්තාල විද්‍යාලය හා කොළඹ රාජකීය විද්‍යාලය අතර තරඟය

මෙම තරඟයටද වර්ෂාවෙන් බාධා එල්ල විය. එම නිසා මෙම තරඟය ද ජය පරාජයෙන් තොරව නිමා විය.

ආනන්ද ශ්‍රාස්තාල විද්‍යාලය පළමු ඉණිම – 135-6 (29.2) සඳරු වික්‍රමරත්න ලකුණු 49 යි තිමිර මල්ශාන් ලකුණු 27 ක් ලබාගැනීමට සමත් විය. පන්දු යැවීමේ දී ලකුණු 29 කට කඩුලු 3 ක් දවාලීමට දිමාල් විජේසේකර සමත් විය.

රාජකීය විද්‍යාලය පළමු ඉණිම පන්දුවට පහරදීමට නොහැකි විය.


මොරටු විද්‍යාලය හා කොළඹ කේරි විද්‍යාලය අතර තරඟය

මෙම තරඟය ද වර්ෂාවෙන් බාධා පැමිණීම නිසා විසදුමකින් තොරව නිමාවිය.

මොරටුව විද්‍යාලය පළමු ඉණිම -139-06 (24.5) ෂෙහාද් සොයිසා ලකුණු 46, දිලක්ෂන ප්‍රභාත් ලකුණු 44 යි.පන්දු යැවීමේ දී ගවීෂ තත්සර ලකුණු 26 කට කඩුලු 2 ක් දවාලීමට සමත් විය.

තවත් පුවත් සිංහලෙන්ම කියවන්න – පිවිසෙන්න