ප්‍රථම දිනය නිමාවෙද්දී මහානාමය පෙරමුණට

883

මෙවර තරගය ආරම්භ වීමටත් ප්‍රථම මාධ්‍යයේ අවධානය දිනා ගන්නට සමත් වූ කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය සහ මහානාම විද්‍යාලය අතර පැවැත්වෙන 11වැනි රන් සටන අද (24) කොළඹ පී. සරා ඕවල් පිටියේ දී දැවැන්ත ප්‍රේක්ෂක සහභාගිත්වයක් සමඟින් ආරම්භ විය. එහි දී ප්‍රථම දිනයේ වාසිය තමන් වෙත නතු කර ගත් මහානාම විද්‍යාලය දිනය නිමාවන විට ඩී. එස්. සේනානායක විද්‍යාලයේ කඩුලු 4ක් ලකුණු 62ක් තුල දී බිඳ දැමීමට සමත් වූහ.

ප්‍රථම දිනයේදීම සර්වේසස් ක්‍රීඩකයින්ගෙන් දැඩි අභියෝගයක්

රුහුණු නිල් මහා සටන ලෙස ක්‍රීඩාලෝලී ඔබ සෑම දෙනාගේම අවධානය දිනා ගත් මාතර සාන්ත තෝමස් විද්‍යාලය හා මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය…

අද උදෑසන කාසියේ වාසිය තමන් සතු කර ගත් ඩී. එස්. සේනානායක විද්‍යාලය මුලින් පන්දුවට පහර දීම සඳහා මහානාම විද්‍යාලයට ඇරයුම් කළේ අඩු ලකුණු සංඛ්‍යාවකට ඔවුන්ව නතර කර ගැනීමේ පරමාර්ථයෙනි. සරා තණතීරුව සාම්ප්‍රදායිකව උදෑසන කාලයේ දී වේග පන්දු යවන්නන්ට යම් සහයක් ලබා දීම ද සේනානායක විද්‍යාලයේ මෙම තීරණයට බොහෝ සෙයින් හේතු විය. නමුත් ඩී. එස්, පන්දු යවන්නන්ට උදෑසන තණතිල්ලෙන් සිතූ තරම් ප්‍රයෝජනයක් ලබාගත නොහැකි වූ අතර මහානාම පිතිකරුවන් පරීක්ෂාකාරී අන්දමින් තම ඉනිම ගොඩ නගමින් තරගයේ වාසිය තම විද්‍යාලය දෙසට හරවා දෙන්නට සමත් වූහ. දිවා විවේකය වනවිට මහානාම විද්‍යාලයේ කඩුලු දෙකක් පමණක් දැවී ගොස් තිබූ අතර ඉන් අනතුරුව ඔවුන් නැවතත් ඉනිම ගොඩ නැගීම ඇරඹූහ.

[rev_slider dfcc728]

.

මහානාම විද්‍යාලය වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා ලෙස බිශාන් මෙන්ඩිස් ලකුණු 74ක් වාර්තා කල අතර මලිඳු මදුරංග ලකුණු 70කින් ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය. මීට අමතරව විහාන් මුදලිගේ නොදැවී රැස්කල ලකුණු 37 නිසා මහානාම විද්‍යාලයට පන්දුවාර 60 අවසානයේදී කඩුලු 9කට ලකුණු 271ක් රැස්කර ගැනීමට හැකි විය. ඔවුන් පන්දුවාරයකට ලකුණු 4කට වඩා වැඩි වේගයක් පවත්වාගෙන යාමේ වාසියද ඔවුන්ට හෙට දිනයේ හිමිවීමට ඉඩ ඇත. ඩී. එස්. සේනානායක විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් දක්ෂතා ප්‍රකට කල දකුණත් පිට දඟ පන්දු යවන ක්‍රීඩක විහාන් ගුණසේකර ලකුණු 100කට මහානාම පිතිකරුවන් සයදෙනෙකු නැවත ක්‍රීඩාගාරයට හරවා යැවීමට සමත් වූ අතර මුදිත් ලක්ෂාන් ද කඩුලු 2ක් බිඳ හෙලීය.

අද සන්ධ්‍යා කාලයේදී පන්දුව අතටගත් මහානාම විද්‍යාලීය ක්‍රීඩකයින් දිනය නිමාවන විට ඩී.එස්. කඩුලු 4ක් බිඳ දමමින් හෙට දිනයේදී තරගයේ යම්කිසි පෙරළියක් සිදු කිරීමට අවස්ථාව උදා කර ගත්හ. අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් තරගය හෙට දිනයට කල් දමන විට ඩී. එස්. සේනානායක විද්‍යාලය කඩුලු 4ක් දැවී ලකුණු 62ක් පමණක් රැස් කරගෙන සිටි අතර ඔවුන් තවමත් මහානාම ප්‍රථම ඉනිමට වඩා ලකුණු 209ක් පිටුපසින් පසුවේ. එබැවින් හෙට දිනයේදී වඩාත් උණුසුම් තරගයක් දැකබලා ගැනීමට පී. සරා ක්‍රිකට් ක්‍රීඩාංගණයට එක්‍ රොක් වන දහස් සංඛ්‍යාත ක්‍රීඩා ලෝලීන්ට අවස්ථාව උදාවනු ඇත.

මහානාම විද්‍යාලය – කඩුලු 9ක් දැවී ලකුණු 271 (පන්දුවාර 60): බිශාන් මෙන්ඩිස් 74, මලිඳු මදුරංග 70, නිදූක වැලිකල 41, විහාන් මුදලිගේ 37*, කවිඳු මුණසිංහ 22, විහාන් ගුණසේකර 6/100, මුදිත ලක්ෂාන් 2/83.  

ඩී. එස්. සේනානායක විද්‍යාලය – කඩුලු 4ක් දැවී ලකුණු 62 (පන්දුවාර 22)

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට