නායකත්වය නොදුන්නොත් ලෝක කුසලානයට පෙර මාලිංග සමුගැනීමේ සූදානමක

3801

එළඹෙන ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම තමාගෙන් ඉවත් කොට වෙනත් අයෙකු වෙත පැවරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගතහොත්, ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙරම තමා ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් සමුගන්නා බව ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසා තිබේ.

අරවින්ද සහ හරීන් කළින්ම අත් ඔසවති

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස වත්මන් කණ්ඩායම පිළිබඳව ක්‍රීඩා ලෝලීන්ගේ……

නවසීලන්ත තරග සංචාරයේ සිට ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම්වල නායකයා ලෙසින් මාලිංග කටයුතු කරන ලද නමුත්, මාලිංගගේ නායකත්වය යටතේ ක්‍රීඩා කළ නොහැකි බව තිසර පෙරේරා ඇතුළු ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පැමිණිලි කර තිබීමත් සමඟ ලෝක කුසලාන තරගාවලියේ නායකත්වය වෙනස් කිරීම කෙරෙහි තේරීම් කමිටුවේ අවධාන යොමු විය.

කෙසේ වෙතත් ඒ පිළිබඳ අවසන් තීරණය දැන් ක්‍රියාත්මක අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියෙන් අනතුරුව ගැනීමට නියමිත වුවත්, නායකත්වය පිළිබඳව මාලිංග දරන්නේ වෙනම මතකයකි. තම සමීපතම හිතවතකු සමඟ මේ පිළිබඳව අදහස් දක්වා ඇති මාලිංගගේ තර්කය වී ඇත්තේ, නායකත්වයට සුදුසු නොවන්නේ නම්, ලෝක කුසලානයට ද තමාව නුසුදුස්සෙකු බැවින් තවදුරටත් ක්‍රිකට් ක්‍රීඩාවේ නියැළීම ඵලක් නොවන ක්‍රියාවක් බවයි.

ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීම වෙනුවෙන් පවත්වන ලද අන්තර් පළාත් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා අවස්ථා දෙකක දී මාලිංග ඉන්දියාවට ගොස් පැමිණීම විශේෂත්වයක් විය. එසේ පැමිණි මාලිංග, අද (11) නිමාවට පත්වුණු එම පළාත් තරගාවලියේ සම ශූරතාව දක්වා ගාල්ල කණ්ඩායමට රැගෙන යෑමට සමත් විය.

තිරිමාන්නගේ ශතක ඉනිම වැසි දියේ සැඟවෙයි

ගාල්ල කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලහිරු තිරිමාන්නගේ ශතකයෙන් අන්තර්…..

ඉතාම විශ්වාසදායක ආරංචි මාර්ගයක් ඔස්සේ මේ පිළිබඳව වූ තොරතුරු ThePapare.com විසින් අනාවරණය කර ගැනීමට හැකි වූ අතර, එහි දී වැඩිදුරටත් මාලිංග පවසා ඇත්තේ, තමා හැරෙන්නට නායකත්වය සඳහා සුදුසු කිසිවකුත් කණ්ඩායම තුළ නොමැති බවයි. මෙහි දී නායකත්වය සඳහා යෝජනා වී තිබෙන නම් එකින් එක ගෙන විග්‍රහ කර ඇති මාලිංග, මැතිව්ස් යනු තුවාල ලබා කණ්ඩායමට ක්‍රීඩා කරන ක්‍රීඩකයකු බවත්, දිමුත් යනු 2015 වසරේ සිට එක්දින තරග අත්දැකීම් නැති ක්‍රීඩකයෙක් බවත් සහ දිනේෂ් චන්දිමාල් යනු කණ්ඩායමේ ස්ථානය හෝ විශ්වාසයක් නොමැති ක්‍රීඩකයෙක් බවත් උදාහරණ සහිතවම පෙන්වා දී තිබේ.

2014 වසරේ පැවති විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ නායකයා ලෙසින් මාලිංග කටයුතු කරද්දී එම ලෝක කුසලාන දිනා ගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාව උදා වුවත්, නවසීලන්ත සංචාරයේ සිට මාලිංග මෙහෙයවන ලද එකම තරගයක් හෝ ජය ගැනීමට ශ්‍රී ලංකාවට නොහැකි විය. ආබාධයකට මුහුණ දීමෙන් අනතුරුව ඉකුත් වසරේ සැප්තැම්බර් මස දී කණ්ඩායමට පැමිණි මාලිංග මේ දක්වා එක්දින තරග 12කට ක්‍රීඩා කරමින් කඩුලු 20ක් දවා ගැනීමට සමත්ව තිබේ. පන්දුවාරයකට ලකුණු 5.84ක ප්‍රමාණයක් ලබා දී ඇති මාලිංගගේ කඩුල්ලක් බිඳ දැමීමේ සාමාන්‍ය 29.20ක් ලෙස සටහන් වේ.

IPL තරගාවලියේ අවසන් සටනේ සත්කාරකත්වය දෝණිට අහිමි වන ලකුණු

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය…..

කෙසේ වෙතත් නායකත්වය ලබා දීම සම්බන්ධව තේරීම් කමිටු ප්‍රධානී අසන්ත ද මෙල් මහතාගෙන් ThePapare.com විසින් කරන ලද විමසීමක දී, “අපි කාටවත් නායකත්වය දෙනවා කියලා පොරොන්දු වෙලා නෑ. මාලිංගට දුන්නේ දකුණු අප්‍රිකානු තරගාවලියේ නායකත්වය කරන්න විතරයි. අපිට කාටවත් පොරොන්දු දෙන්න බෑ. මුලින්ම කණ්ඩායම තෝරලා ඊට පස්සේ තමයි නායකයා කවුද කියන එක බලන්නේ” යනුවෙන් පැවැසීය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<