සචින් හා බුවනෙක තවත් පියවරක් ඉදිරියට; කාලිංග හා ප්‍රසාද් අවසන් මහා තරගයට

397

ඉන්දුනීසියාවේ පැවැත්වෙන 2018 ආසියානු ක්‍රීඩා උළෙලේ හත්වැනි දිනය වන ඊයේ (25) දිනයේ ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිටියට පිවිසුණා. පෙර දිනවල මෙන් නොව අද දිනයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුම තමන්ගේ ඉසව්වලින් ඉදිරියට යෑමට සමත් වුනා.

දිනුක පියවරක් ඉදිරියට යද්දී හොකී ක්‍රීඩකයෝ පළමු ජය වාර්තා කරයි

ඉන්දුනීසියාවේ පැවැත්වෙන 18 වන ආසියානු ක්‍රීඩා උළෙලේ සයවැනි දින වූ ඊයේ (24) දිනයේ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙක් තරග බිමට පිවිසුණු……

දිනය ආරම්භයේම ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම චීනය සමඟ E කාණ්ඩයේ තරගයකට සහභාගී වූ අතර චීනය ජය ගත් පළමු වටයෙන් (25-15) පසු දෙවන වටය ලකුණු 20-15ක් ලෙස ශ්‍රී ලංකාව ජය ගත්තත් ඊළඟ වට දෙකම (25-14 & 25-17) ජය ගනිමින් තරගය වට 3-1ක් ලෙස ජය ගැනීමට චීනය සමත් වුනා.

ඒ අනුව E කාණ්ඩයේ ලකුණු සටහනේ 3 වන ස්ථානයට පත්වූ ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම තරගාවලියේ 13 වන ස්ථානය සඳහා තරග වදිනු ඇත.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමුවෙන්ම මලල ක්‍රීඩා තරගවලට පිවිසුණේ ශ්‍රී ලංකාවේ ප්‍රධානතම පදක්කම් බලාපොරොත්තු දෙකක් වන අරුණ දර්ශන හා කාලිංග කුමාරගේ යි.

ඔවුන් දෙදෙනාම මීටර 400 ඉසව්වේ මූලික තරග ජය ගත්තේ අවසන් පූර්ව වටයේ සිය ස්ථාන වෙන්කරවා ගනිමිනි. අරුණ දර්ශන තත්පර 46.97ක කාලයකින් ඉසව්ව නිමා කරමින් පස්වැනි තේරීම් තරගයේ පළමු ස්ථානය දිනා ගැනීමට සමත් විය. කාලිංග කුමාරගේ සිය හොඳම පෞද්ගලික දක්ෂතාවය ලෙස තත්පර 45.99කින් ඉසව්ව නිමා කරමින් පළමු තේරීම් තරගයේ තෙවන ස්ථානය දිනා ගැනීමට සමත් වුනා.

අනතුරුව ඊයේ සවස පිරිමි මීටර 400 ඉසව්වේ අවසන් පූර්ව තරග පැවැත්වුණු අතර අවාසනාවන්ත ලෙස අරුණ දර්ශනට අවසන් මහා තරගය ගිලිහී ගියත් කාලිංග කුමාර ශ්‍රී ලංකා බලාපොරොත්තු අවසන් මහා තරගය දක්වාම රැගෙන යාමට සමත් වුනා. කාලිංග තරගකාරීම අවසන් පූර්ව තරගයට එක්වුණු අතර වේගවත්ම පරාජිතයෙකු ලෙස තත්පර 46.21කින් ඉසව්ව නිමා කරමින් කාලිංග අවසන් මහා තරගයට පිවිසීමට සමත් විය.

පළමු අවසන් පූර්ව තරගයට එක්වුණු අරුණ දර්ශන එහි දී තෙවන ස්ථානය දිනා ගත්තේ තත්පර 46.53කින් ඉසව්ව නිමා කරමිනි. එනමුත් ඔහුගේ එම දක්ෂතාවය අවසන් මහා තරගය කරා යෑමට ප්‍රමාණවත් වූයේ නැත. ඒ අනුව කාලිංග හෙට (26) සවස පැවැත්වෙන මීටර 400 අවසන් මහා තරගයේ තරග වදිනු ඇත.

ශ්‍රී ලාංකීය මැරතන් ධාවන ක්‍රීඩිකා හිරුණි විජේරත්න කාන්තා මීටර 10000 ධාවන ඉසව්වේ අවසන් මහා තරගයට සහභාගී වූ අතර අවසානයට වට හතක් ඉතිරිව තිබිය දී තරගයෙන් ඉවත් වීමට ඇය තීරණය කළා. ඇය තරගයට සහභාගී වීමට පෙර ඇයගේ ඉදිරිපස අංකය හා පසුපස අංකය නොගැලපීම නිසා යම් සිදුවීමක් ඇතිවූ අතර අවසන් මහා තරගයට එක් ක්‍රීඩිකාවකට සහභාගී වීමට ද නිලධාරීන් ඉඩ ලබා දුන්නේ නැත.

මේ අතර දුර පැනීමේ ශ්‍රී ලංකා බලාපොරොත්තු පදක්කමක් ළඟට රැගෙන යමින් ප්‍රසාද් විමලසිරි පිරිමි දුර පැනීමේ ඉසව්වේ තේරීම් තරගවලින් අවසන් මහා තරගයට පිවිසීමේ අවස්ථාව දිනා ගන්නා ලදි. ඔහුගේ පළමු උත්සාහයේ දී තේරීම් සීමාව වූ මීටර 7.80 වේ සීමාවට ඔහුට ළඟා වීමට හැකි නොවූ අතර ඔහු වාර්තා කළේ 7.56ක දුරකි. ඔහුගේ දෙවන උත්සාහය අසාර්ථක වූ අතර ප්‍රසාද් තෙවන උත්සාහය ලබා නොගැනීමට තීරණය කළත් ක්‍රීඩකයින් 12කගෙන් 11ක් අවසන් මහා තරගයට තේරී පත්වන නිසා ප්‍රසාද්ට ද අවසන් මහා තරගයේ ඉඩක් හිමි විය.

නිමා වූ ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ මීටර 8.14 සීමාව තරණය කළ ඔහු එම ක්‍රීඩා උළෙලේ හොඳම ක්‍රීඩකයා ලෙස ද සම්මාන දිනා ගන්නා ලදි. ඔහුගේ අවසන් මහා තරගය අද (26) සවස 5.10ට පැවැත්වෙනු ඇත.

බැඩ්මින්ටන්, වොලිබෝල් කණ්ඩායම් තරමක් හෝ දස්කම් අතරට

ඉන්දුනීසියාවේ පැවැත්වෙන 18 වන ආසියානු ක්‍රීඩා උළෙලේ තරග පැවැත්වෙන පස්වැනි දිනය වන අද (23) දිනයේ ද ශ්‍රී ලංකා පදක්කම් බලාපොරොත්තු රැසක්…..

ඊයේ දිනය ශ්‍රී ලංකා බොක්සිං ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නම් එතරම් සුබ දවසක් වූයේ නැත. පිරිමි කිලෝග්‍රෑම් 49 බරපන්තියෙන් තරග කළ තවත් ප්‍රධාන බලාපොරොත්තුවක් වූ තිවංක රණසිංහ ඉන්දුනීසියාවේ කාලි මාරියෝ හමුවේ 5:0ක විනිසුරු තීරණයෙන් පරාජය විය.

ඉන්පසුව පිරිමි කිලෝග්‍රෑම් 64 බරපන්තියෙන් තරග වැදුණු දිනිදු සපරමාදු ටජිකිස්තානයේ Usmonov Bakhodur හමුවේ පරාජය විය. ක්‍රිෂමි ධර්මතිලක 16 දෙනාගේ වටයේ දී ටජිකිස්තාන ක්‍රීඩිකා Shoira Zulkaynarova හමුවේ පරාජය වූයේ 5:0 විනිසුරු තීරණයෙනි. ඇය තරග කළේ කාන්තා කිලෝග්‍රෑම් 60 බරපන්තියෙනි.

ශ්‍රී ලංකාවේ පදක්කම් බලාපොරොත්තු වන අනූෂා කොඩිතුවක්කු හා ඉශාන් බණ්ඩාර තවමත් ආසියානු බොක්සිං වළල්ලට පිවිසුණේ නැත.  

බැඩ්මින්ටන් ක්‍රීඩාවේ ඉතිරිව ඇති එකම ශ්‍රී ලංකා බලාපොරොත්තුව, පිරිමි යුගල ඉසව්ව නියෝජනය කරන සචින් ඩයස් හා බුවනෙක ගුණතිලක අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට සමත් වුනා.

16 දෙනාගේ වටයේදී ඔවුන් දෙදෙනා පාකිස්තාන ක්‍රීඩකයින් දෙදෙනෙක් මිනිත්තු 25ක් තුල වට 2-0ක් ලෙස පරාජය කරන්නට සමත් විය.

මේ අතර පිරිමි කේවල ඉසව්වෙන් තරග කළ දිනුක කරුණාරත්න පූර්ව-අර්ධ අවසන් පූර්ව තරගයේ දී හොං කොං හි Ka Long Angus හමුවේ පරාජය වීම නිසා අවාසනාවන්ත ලෙස තරගාවලියෙන් ඉවත් විය. බැඩ්මින්ටන් පිටියේ රැඳී සිටි එකම ශ්‍රී ලාංකීය කාන්තාව වූ කවිඳි සිරිමාන්නගේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල 11 වන ස්ථානයේ සිටින to Nitchaon Jindapol හමුවේ පරාජය විය.

දැල්වූ බලාපොරොත්තු එසැණින් සුන් වූ සිව්වැනි දිනය

සචින් ඩයස් හා බුවනෙක ගුණතිලක මෙන්ම මීටර 400 අවසන් තරගයට පිවිසෙන කාලිංග කුමාරගේ, දුර පැනීමේ අවසන් මහා තරගයට පිවිසෙන ප්‍රසාද් විමලසිරි අද (26) ශ්‍රී ලංකාව වෙනුවෙන් පදක්කමක් දිනා දීම සඳහා සටන් කිරීමට නියමිතයි. තරගාවලියේ සියලු තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<