රමේෂ් මෙන්ඩිස් දවසේ වීරයා වෙයි

97

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධාන කරන අන්තර් ක්‍රීඩා සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අද (14) දින නිමාවූ තරග අතුරින් අන් අය අභිබවා කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට මුවර්ස් ක්‍රීඩා සමාජයේ රමේෂ් මෙන්ඩිස් සමත් වූයේය. ඔහු මුවර්ස් සහ ගාල්ල අතර තරගයේ දී පන්දු 42 කට මුහුණ දෙමින් හතරේ පහර 8 ක් සහ හයේ පහර 2 ක් සමඟින් නොදැවී ලකුණු 72 ක් රැස්කර ගත්තේය. 

ඉරෝෂ් සමරසූරියගෙන් නොදැවුනු ශතකයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධාන කරන අන්තර් ක්‍රීඩා සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අද (12 ) දින නිමා වූ කැන්ඩි කස්ටම්ස්…

මුවර්ස් හඹා යන ඉනිමේ ලකුණු 29 කට කඩුලු 3 ක් දැවී ගොස් තිබිය දී පිටියට එක්වූ රමේෂ් මෙන්ඩිස්, තරගයේ ජයග්‍රහණය සහතික කළේ තමන් මුහුණ දුන් අවසන් පන්දු තුනට පිට පිට හතරේ පහර 3 ක් එල්ල කරමිනි. ඔහු සිව්වන කඩුල්ල සඳහා සචිත්‍ර සේරසිංහ (10) සමඟ ලකුණු 31 ක සබඳතාවක් ද පස්වන කඩුල්ල සඳහා අයන සිරිවර්ධන (12) සමඟ ලකුණු 43 ක සබඳතාවක් ද ගොඩ නැගීමට සමත් විය. 

ප්‍රතිවාදීන් මෙල්ල කරන ඉනිමේ දී ඔහු පන්දුවාර 3 ක් යවමින් ලකුණු 14 කට කඩුල්ලක් දවා ගත්තේය. 

මේ අතර බ්ලූම්ෆීල්ඩ් සහ පානදුර අතර තරගයේ දී චාමර සිල්වා හදිසි අසනීප තත්ත්වය හේතුවෙන් ඉනිම අත්හිටුවා නැවත ක්‍රීඩාගාරයට යෑම ඔවුන්ගේ ඉනිම තරමක් අඩපණ වීමට හේතු විය. ඔහු ඒ වන විට පන්දු 46 කට මුහුණ දී හතරේ පහර 6 ක් සමඟ ලකුණු 58 ක් රැස්කර ගෙන සිටියේය. 

බී. ආර්. සී. සහ නුගේගොඩ අතර තරගයේ දී නුගේගොඩ ක්‍රීඩා සමාජයේ ආරම්භක පිතිකරු ඉරෝෂ් සමරසූරිය පන්දු 42 කට මුහුණ දී හතරේ පහර 7 ක් සමඟින් ලකුණු 56 ක් රැස්කර ගත්තේය. ඉරෝෂ් පෙර තරගයේ දීද ශතකයක් රැස්කර ගනිමින් දක්ෂතා දැක්වූයේය. 

ලංකන් සහ රාගම අතර තරගයේ දී ලංකන් ක්‍රිකට් සමාජයේ නායක චානක රුවන්සිරි පන්දු 44 කට මුහුණ දෙමින් හතරේ පහර 3 ක් සහ හයේ පහර 4 ක් සමඟින් නොදැවී ලකුණු 54 ක් රැස්කර ගත්තේය. එම තරගයේ පිළිතුරු ඉනිමේ දී රාගම ක්‍රිකට් සමාජයේ ආරම්භක පිතිකරු නිශාන් මධුශ්ක පන්දු 52 කට මුහුණ දී හතරේ පහර 4 ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 51 ක් රැස්කර ගැනීමට සමත් විය.  

ශ්‍රී ලංකා වරාය අධිකාරිය කණ්ඩායම සහ කැන්ඩි කස්ටම්ස් අතර තරගයේ දී මෙතූෂ තිළිණ ලකුණු 9 කට කඩුලු 4 ක් දවා ගෙන දිනයේ කැපී පෙනෙන පන්දු යැවීම වාර්තා කළේය. 

මේ අතර යුනිචෙලා සහ බදුරලිය අතර තරගයේ දී බදුරලිය ක්‍රීඩා සමාජයේ මලිත් ද සිල්වා ලකුණු 18 කට කඩුලු 4 ක් දවා ගනිමින් දක්ෂතා දැක්වූයේය.  

පැතුම් සහ මිලින්ද ද්වන්ධ සටනක

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධාන කරන අන්තර් ක්‍රීඩා සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අද (10 ) දින නිමා වූ එන්. සී. සී. සහ සැරසන්…

Group A 

මුවර්ස් සහ ගාල්ල අතර තරගය 

ගාල්ල ක්‍රිකට් සමාජය : කඩුලු 7 ක් දැවී 130 (20) නිමේෂ් පෙරේරා 33, සාරංග රාජගුරු නොදැවී 25, නිමන්ද සුබසිංහ 2/19, අනුක් ප්‍රනාන්දු 2/27. 

මුවර්ස් ක්‍රීඩා සමාජය : කඩුලු 5 ක් දැවී 131 (18.2) චරිත කුමාරසිංහ 19, රමේෂ් මෙන්ඩිස් නොදැවී 72, අබීඩ් හසන් 2/16. 

මොරටුව ද සොයිසා පිටියේ දී පැවති මෙම තරගයෙන් මුවර්ස් ක්‍රීඩා සමාජයට කඩුලු 5 ක ජයක් හිමි විය. 


යුනිචෙලා සහ බදුරලිය අතර තරගය 

යුනිචෙලා ක්‍රීඩා සමාජය : කඩුලු 9 ක් දැවී 78 (20) උෂාන්ත පෙරේරා 21, හසිත නිර්මාල් 23, මලිත් ද සිල්වා 4/18, සහන් ජයවර්ධන 2/10, අලංකාර අසංක 2/07. 

බදුරලිය ක්‍රීඩා සමාජය : කඩුලු 3 ක් දැවී 84 (7.5) ලහිරු මිලන්ත නොදැවී 29. 

කටුනායක නිදහස් වෙළෙඳ කලාප ක්‍රිකට් පිටියේ දී පැවති මෙම තරගයෙන් බදුරලිය ක්‍රීඩකයන්ට කඩුලු 7 ක ජයක් හිමි විය. 

Photos: Badureliya CC Vs Unichela SC | SLC Invitation T20 Tournament 2019/20


බ්ලූම්ෆීල්ඩ් සහ පානදුර අතර තරගය 

බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජය : කඩුලු 4 ක් දැවී 136 (20) සචින් ජයවර්ධන 41, චාමර සිල්වා නොදැවී 58, මිෂේන් සිල්වා 20, අසාර් අතාරි 2/16. 

පානදුර ක්‍රීඩා සමාජය : කඩුලු 8 ක් දැවී 137 (19.5) මින්හාජ් ජලීල් 47, හර්ෂ කුරේ 36, සංජික රිද්ම 29, නිපුන් ගමගේ 2/15, තිලාන් තුෂාර 3/13. 

කටුනායක නිදහස් වෙළෙඳ කලාප ක්‍රිකට් පිටියේ දී පැවති මෙම තරගයෙන් පානදුර ක්‍රීඩා සමාජයට කඩුලු 2 ක ජයග්‍රහණයක් හිමි විය. 

Photos: Panadura SC vs Bloomfield C & AC | SLC Invitation T20 Tournament 2019/20

Group D

ලංකන් සහ රාගම අතර තරගය 

ලංකන් ක්‍රිකට් සමාජය : කඩුලු 5 ක් දැවී 135 (20) ප්‍රිමෝෂ් පෙරේරා 24, චානක රුවන්සිරි නොදැවී 54, උමේෂ් ලක්ෂාන් නොදැවී 26, අමිල අපෝන්සු 3/20. 

රාගම ක්‍රිකට් සමාජය : කඩුලු 4 ක් දැවී 139 (18) නිශාන් මධුශ්ක 51, ෂෙහාන් ප්‍රනාන්දු 28, උදාර ජයසුන්දර 29.  

බොරැල්ල පී. සරා ඕවල් පිටියේ දී පැවති මෙම තරගයෙන් රාගම ක්‍රීඩකයෝ කඩුලු 6 ක ජයක් හිමිකර ගැනීමට සමත් වූහ. 

අසිත සහ අශේන් දක්ෂතා දක්වයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධාන කරන අන්තර් ක්‍රීඩා සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අද (8) පැවති තරග අතුරින් හලාවත….

නුගේගොඩ සහ බී. ආර්. සී. අතර තරගය 

බී. ආර්. සී. : කඩුලු 5 ක් දැවී 148 (20) දේශාන් ඩයස් 38, රමින්ද විජේසූරිය 41, හෂේන් රාමනායක 35, පසිඳු මධුශාන් 2/17. 

නුගේගොඩ ක්‍රීඩා සමාජය : සියලු දෙනා දැවී 141 (19.5) ඉරෝෂ් සමරසූරිය 56, ප්‍රමුද් හෙට්ටිවත්ත 41, හෂේන් රාමනායක 3/21, දුවිඳු තිලකරත්න 3/24. 

බොරැල්ල පී. සරා ඕවල් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් බී. ආර්. සී. ක්‍රීඩකයෝ ලකුණු 7 ක ජයක් ලැබූහ. 

Photos: Nugegoda S & WC vs BRC | SLC Invitation T20 Tournament 2019/20

කැන්ඩි කස්ටම් සහ වරාය අධිකාරිය අතර තරගය 

කැන්ඩි කස්ටම්ස් ක්‍රිකට් සමාජය : සියලු දෙනා දැවී 148 (20) අකීල් ඉන්හාම් 26, සම්පත් පෙරේරා 40, බුද්ධික ප්‍රසාද් 27, පසිඳු මාධව 2/17, සුපුන් කාවින්ද 3/24. 

ශ්‍රී ලංකා වරාය අධිකාරිය ක්‍රිකට් සමාජය : කඩුලු 8 ක් දැවී 115 (20) යොහාන් ද සිල්වා 27, ප්‍රශාන් වික්‍රමසිංහ 18, මෙතූෂ තිළිණ 4/09, ඉර්ෂාඩ් උමර් 2/24. 

මොරටුව ද සොයිසා ක්‍රිකට් පිටියේ දී පැවති මෙම තරගයෙන් කැන්ඩි කස්ටම්ස් ක්‍රිකට් සමාජයට ලකුණු 33 ක ජයක් හිමි විය. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<