වසර දෙකක විමර්ශනයකින් පසු සොයිසාගේ තීන්දුව එළියට!

504
Nuwan Zoysa

ICC දූෂණ විරෝධී නීති සංග්‍රහය යටතේ ස්වාධීන දූෂණ විරෝධී විනිශ්චය සභාවක් විසින් කරන ලද නඩු විභාගයකින් අනතුරුව හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක සහ පුහුණුකරු නුවන් සොයිසා චෝදනා තුනක් යටතේ වැරදිකරුවෙකු බව ඔප්පු වී තිබේ.

2018 නොවැම්බර් මාසයේ දී සෝයිසාට ICC දූෂණ විරෝධී නීති සංග්‍රහය යටතේ නඩු පවරනු ලැබූ අතර, එම සියලු චෝදනා සම්බන්ධයෙන් ඔහු වැරදිකරු වී තිබෙන නිසාවෙන් ඔහුට ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ වීම වෙනුවෙන් පනවා තිබෙන තහනම තවදුරටත් වලංගු වනු ඇත.  

තවත් ක්‍රිකට් පුවත්:

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී අංශය විසින් අනාවරණය කරන පරිදි සොයිසා මහතා විසින් පහත සඳහන් නීති 3 උල්ලංඝනය කර ඇති නිසාවෙන් මෙසේ වැරදිකරු කර ඇත.

  • 2.1.1 වගන්තිය – තරග පාවාදීම හෝ එයට උත්සාහ කිරීම, වෙනත් අයුරකින් තරග ප්‍රතිඵලයකට බලපෑම් කිරීම හෝ අනිසි ලෙස බලපෑමට ලක් කිරීම.
  • 2.14 වගන්තිය – 2.1.1 වගන්තිය උල්ලංඝනය කිරීම සඳහා ක්‍රීඩකයින් පෙළඹවීම, බලපෑම් කිරීම හෝ අනිසි ලෙස බලපෑමට ලක් කිරීම හෝ දිරිගැන්වීම.
  • 2.4.4 වගන්තිය – නොමනා ලෙස හැසිරීම, වෙනත් අයුරකින් තරග ප්‍රතිඵලයකට බලපෑම් කිරීම හෝ අනිසි ලෙස බලපෑමට ලක් කිරීම පූර්ව විස්තර සහිතව අනාවරණය කිරීමට අපොහොසත් වීම.

1997 සිට 2007 දක්වා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ නුවන් සොයිසා ටෙස්ට් තරග 30කට සහ එක්දින තරග 95කට ක්‍රීඩා කරමින් ජාත්‍යන්තර කඩුලු 170ක් දවාගෙන ඇත. 2015 ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්‍ය මණ්ඩලයට එකතු වූ සොයිසා මහතා එහි ප්‍රධාන වේගපන්දු පුහුණුකරු ලෙස කටයුතු කළේය.

එසේම 2017 වසරේ දෙසැම්බර් මාසයේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වුණු T10 ක්‍රිකට් තරගාවලිය තුල දී එල්ල වූ චෝදනා කිහිපයක් සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍ය ක්‍රිකට් පරිපාලනය වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නුවන් සොයිසා හට ගොනු කර තිබෙන නඩු විභාගය තවමත් අවසන් වී නොමැති බව ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<