ලසිත් මාලිංගගේ LPL තරගාවලියෙන් ඉවතට

ලංකා ප්‍රිමියර් ලීගය - Coverage powered by My Cola

1378

පළමු වරට පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ (LPL) Galle Gladiators කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයෙක් වන ලසිත් මාලිංග මෙවර තරගාවලිය සඳහා සහභාගී නොවන බව පවසා සිටියි.

මේ බව ලසිත් මාලිංගගේ සමීපතමයෙක් ThePapare.com වෙත තහවුරු කර අතර පසුගිය මාස 8ක කාලයක් පුරාවට ඔහු කිසිදු පුහුණුවීමක් සිදු කර නොතිබීම නිසාවෙන් ඔහුට තරගාවලිය සඳහා එක් වරම සහභාගී වීමට නොහැකි බව දන්වා තිබේ. කෙසේ නමුත් Galle Gladiators පාර්ශවයෙන් මාලිංගගේ සහභාගීත්වය පිළිබඳව තවමත් කිසිදු නිල ප්‍රකාශයක් සිදු කර නොමැත.

තවත් ක්‍රිකට් පුවත්:

ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක මාලිංග අවසන් වරට ක්‍රීඩා කළ ජාත්‍යන්තර ක්‍රිකට් තරගය වූයේ පසුගිය පෙබරවාරියේ දී කොදෙව් කණ්ඩායම සමඟ ක්‍රීඩා කළ ක්‍රිකට් තරගය වන අතර එතැන් පටන් ඔහු කිසිදු ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කර නොමැත. 2020 IPL තරගාවලියේ දී මාලිංග Mumbai Indians නියෝජනය කිරීම වෙනුවෙන් සැරසී සිටි නමුත් ඔහුගේ පියාගේ අසනීප තත්වය සැලකිල්ලට ගනිමින් එම තරගාවලිය සඳහා ද සහභාගී වීම ප්‍රතික්ෂේප කිරීමට මාලිංගට සිදු විය.

මේ වන විට LPL තරගාවලිය සඳහා තරග වදිනු ලබන කණ්ඩායම් සියල්ලම (ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයේ සිටින ක්‍රීඩකයින් හැර) හම්බන්තොටට පැමිණ ඇත. කෙසේ නමුත් මාලිංග තවමත් Galle Gladiators සමඟ සම්බන්ධ වී නොමැති අතර ඔවුන් සහභාගී වන පළමු තරගය මේ මස 27 වැනිදා Jaffna Stallions සමඟ පැවැත්වීමට නියමිතය. මාලිංග LPL තරගාවලියේ පළමු තරගය ක්‍රීඩා කරන්නේ නම් අවම ලෙස අද දින හෝ හෙට දිනයේ දී හම්බන්තොටට ගොස් දින 7ක අනිවාර්ය නිරෝධායන කාලය පසු කළ යුතුය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<