විදුලි බලය විසන්ධි කළ වරාය ක්‍රීඩකයෝ සුපර් ලීග් ශූරතාවට හිමිකම් කියති

517

මන්චී ජාතික වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් පිරිමි අවසන් මහා තරගය ඊයේ (16) මහරගම යොවුන් කැදැල්ලේ දී පැවැත්විය. ශ්‍රී ලංකාවේ ප්‍රබලතම ක්‍රීඩා සමාජ දෙකක් වන විදුලි බල මණ්ඩල ක්‍රීඩා සමාජය හා වරාය අධිකාරි කණ්ඩායම අවසන් මහා තරගයේ දී තරග වැදුණු අතර වට 3-0ක් ලෙස පහසු ජයක් වාර්තා කළේ වරාය අධිකාරිය කණ්ඩායමයි.

ඉතා උණුසුම් වූ තරගයේ පළමු ලකුණ වාර්තා කළේ වරාය කණ්ඩායමයි. දීප්ති රොමේෂ්, ලිබරෝ ක්‍රීඩක ලක්මාල්, ජනිත සුරත් වැනි ප්‍රබල ක්‍රීඩකයින් රැසක් ක්‍රීඩා කළ මේ තරගය ඒ නිසාම ඉතා උණුසුම් විය.

කාන්තා සුපර් ලීග් ශූරතාවයත් සමඟින් ගුවන් හමුදාව ඉගිළේ

කරට කර ඇදුණු තරගයේ ක්‍රමයෙන් පෙරමුණ ගත්තේ වරාය කණ්ඩායමයි. දීප්ති රොමේෂ්ගේ ප්‍රබල කෙටි පන්දු ප්‍රහාර හමුවේ විදුලිබල කණ්ඩායමත් ඔවුන් පසුපසින්ම රැඳී සිටින්නට සමත් විය. (11-9)

වරාය කණ්ඩායම 14-12ක් ලෙස ලකුණු පරතරය කෙමෙන් කෙමෙන් ඉහළ දමා ගත්තේ ජනිත සුරත්ගේ හා මලිත්ගේ දක්ෂ කෙටි පන්දු ප්‍රහාර දෙකක් සමඟිනි.

15-13ක්, 15-14ක් ලෙස කරට කර ඉදිරියට ඇදුණු තරගයේ ලකුණු පරතරය තවත් වැඩි කර ගනිමින් පෙරමුණ ගන්නට වරාය කණ්ඩායම සමත් වූයේ 17-15ක් ලෙසයි.

18-15ක්, 19-16ක්, 20-17ක් ලෙස වරාය ක්‍රීඩකයින් ලකුණු 20 සීමාවට පිවිසුණේ විදුලිබල ක්‍රීඩකයින්ගේ අතපසුවීම්වලින් මනා ලෙස ප්‍රයෝජන ගනිමිනි.

23-18ක්, 23-20ක්, 23-21ක් ලෙස ඇදුණු පළමු වටය හමාර වූයේ 25-21ක් ලෙසින් ජනිත සුරත්ගේ පිරිනැමීමක් විදුලිබල අර්ධයේ පතිත වීමත් සමඟයි.

පළමු වටය: අවසානයේ විදුලිබල මණ්ඩල ක්‍රීඩා සමාජය 21-25ක් වරාය අධිකාරිය ක්‍රීඩා සමාජය

දෙවන වටයේ පළමු ලකුණ වාර්තා කළේ ද ශ්‍රී ලංකා වරාය අධිකාරියයි. ක්‍රීඩකයින් තිදෙනෙක් යෙදූ අලංකාර ආවරණයකින් විදුලිබල මණ්ඩලය ද ලකුණු රැස්කළේ ක්ෂණික ප්‍රතිප්‍රහාරයක් එල්ල කරමිනි.

රන් කුසලානයේ 22න් පහළ ශූරතා කෑගල්ලට සහ නාත්තන්ඩියට

නැවත වතාවක් කරට කර තරගයක් ආරම්භ වූ අතර මෙවර විදුලිබල මණ්ඩලය පෙරමුණ ගත්තේ 3-4ක් ලෙසයි. අනතුරුව 3-5ක්, 3-6ක් ලෙස ඉදිරියට ඇදුණු ඔවුන් පළමු තාක්ෂණික කෙටි විවේකය වන විට ලකුණු 4-8ක් ලෙස ඉදිරියෙන් ඉන්නට සමත් වුනා.

4-9ක්, 6-10 ක් ලෙස විදුලිබල ක්‍රීඩකයින් පෙරමුණේම එල්ලී සිටි අතර ඔවුන් ලකුණු පරතරය ලකුණු පහක් බවට පත් කළේ 7-12ක් ලෙසයි. විදුලිබල මණ්ඩලයේ ලක්මාල්ගේ පන්දු එසවීමක් ක්‍රීඩාගාරයේ වහලයේ වැදීම නිසා වරායට වාසනාවන්ත ලකුණක් හිමි විය.

10-15ක් බවට පත් වූ අතර දෙවන තාක්ෂණික කෙටි විවේකය වන විට විදුලි බල ක්‍රීඩකයින් සැලකිය යුතු පෙරමුණක් අත්කර ගන්නට සමත්ව තිබුණි.

තරගය අත්නොහළ වරාය ක්‍රීඩකයින් ලකුණු 17-18ක් දක්වා පරතරය අඩු කර ගත් අතර 19-19ක් ලෙස ඔවුන් ලකුණු සම කරේ වටය දෙපසටම විවර කරමිනි. අනතුරුව 20-20ක්, 21-21ක්, ලෙස ඇදී ගිය වටයේ, පළමු වතාවට පෙරමුණට පැමිණීමට වරාය කණ්ඩායම සමත් වූයේ ලකුණු 22-21ක් ලෙසයි.

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

22-22ක්, 23-23ක්, 24-24ක් ලෙස ක්‍රියාත්මක වූ වටය ජනිත සුරත්ගේ සුපිරි පන්දු පිරිනැමීමක් සමඟ වරාය අධිකාරි කණ්ඩායම ජය ගත්තේ 26-24ක් ලෙසයි.

දෙවන වටය: අවසානයේ විදුලි බල මණ්ඩල ක්‍රීඩා සමාජය 24-26 වරාය අධිකාරිය ක්‍රීඩා සමාජය

තීරණාත්මක වූ තෙවැනි තරග වටයේ පළමු ලකුණ වාර්තා කළේ විදුලිබල කණ්ඩායමයි. මෙවරත් ලකුණු 1-3ක් ලෙස ආරම්භයේ දී ම පෙරමුණ ගැනීමට විදුලි බල කණ්ඩායම සමත් විය.

රන් කුසලානයේ 22න් පහළ ශූරතා කෑගල්ලට සහ නාත්තන්ඩියට

2-5ක්, 4-6ක්, 5-8ක්, 5-9ක් ලෙස විදුලි බලය පෙරමුණ දිගටම පවත්වා ගත්තත් ජය සොයා ඉදිරියට ඇදුණු වරාය ක්‍රීඩකයෝ ලකුණු පරතරය එක් ලකුණකට අඩු කිරීමට සමත් විය. 10-9ක් ලෙස ඔවුන් තරගයේ ප්‍රථම වතාවට පෙරමුණ ගත් අතර 11-10ක්, 12-11ක්, 15-12ක් ලෙස ක්‍රම ක්‍රමයෙන් ලකුණු පරතරය වැඩි කර ගන්නට වරාය ක්‍රීඩකයෝ සමත් වූහ.

17-13ක්, 18-13ක්, 19-13ක් හා 20-13ක් ලෙස ඉතා පහසුවෙන් ලකුණු 20 සීමාවට ළඟා වූ වරාය ක්‍රීඩකයෝ 21-14ක්, 22-16ක් 23-16ක් හා 25-17ක් ලෙස මන්චී ජාතික වොලිබෝල් ශූරතාව දිනා ගැනීමට සමත් විය.     

  • පළමු වටය අවසානයේ: විදුලිබල මණ්ඩල ක්‍රීඩා සමාජය 21-25 වරාය අධිකාරිය ක්‍රීඩා සමාජය
  • දෙවන වටය අවසානයේ: විදුලිබල මණ්ඩල ක්‍රීඩා සමාජය 24-26 වරාය අධිකාරිය ක්‍රීඩා සමාජය
  • තෙවැනි වටය අවසානයේ: විදුලි බල මණ්ඩල ක්‍රීඩා සමාජය 17-25 වරාය අධිකාරිය ක්‍රීඩා සමාජය

සම්මාන දිනා ගත් ක්‍රීඩකයෝ

  • හොඳම පන්දු පිරිනමන්නා – ජනිත සුරත් (වරාය)
  • හොඳම පන්දු ලබා ගන්නා – එස්. සාගර (වරාය)
  • හොඳම ප්‍රහාරකයා – ලසිඳු මෙත්මාල් (වරාය)
  • හොඳම පහර වළක්වන්නා – අයේෂ් පෙරේරා (විදුලි බල)
  • හොඳම ආරක්ෂකයා – දීප්ති රොමේෂ් (විදුලි බල)
  • වටිනාම ක්‍රීඩකයා – ජනිත සුරත් (වරාය)

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<