චීනය අභිබවා ජපානය සහ ඇමරිකාව පෙරමුණට

32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙල

476

නව ඔලිම්පික් ක්‍රීඩා ඉසව්වක් වූ Skateboarding කාන්තා street ඉසව්වේ ප්‍රථම ස්ථාන දෙකම 13 හැවිරිදි වියේ පසුවන ක්‍රීඩිකාවන් දෙදෙනෙකු විසින් ජයග්‍රහණය කිරීම ඔලිම්පික් ක්‍රීඩාලෝලීන්ගේ අවධානය දිනා ගැනීමට සමත් වුනා. මේ අද (26) දවසේ ඔලිම්පික් පිටියේ සිදු වුන විශේෂ සිදු වීම් කිහිපයක්.

>> ඔලිම්පික් උළෙලේ තෙවැනි දිනයේ ඡායාරූප ඇල්බමය <<

Skateboarding 

කාන්තා street ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කිරීමත් සමඟ ‘ඔලිම්පික් රන් පදක්කමක් ජයග්‍රහණය කළ ළාබාලතම ක්‍රීඩිකාවන්’ අතරට එක්වීමට ජපානයේ Momiji Nishiya සමත් වුනා. බ්‍රසීලයේ Rayssa Leal විසින් රිදී පදක්කම හිමිකර ගන්නා විට, 16 හැවිරිදි ජපානයේ Funa Nakayama විසින් ලෝකඩ පදක්කම දිනා ගත්තා. 

ඒ අනුව ඔලිම්පික් උළෙලක එකම ඉසව්වක ප්‍රථම ස්ථාන තුන හිමි කර ගත් ළාබාලතම ක්‍රීඩිකාවන් තිදෙනා වන්නේ ද මෙම ක්‍රීඩිකාවන් තිදෙනායි. පිහිනුම් (Swimming) 

පිරිමි මීටර් 100 ලය ආර (breaststroke) ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කිරීමත් සමඟ මෙවර ඔලිම්පික් උළෙලේ මහා බ්‍රිතාන්‍යය වෙනුවෙන් පළමු රන් පදක්කම දිනා ගැනීමට Adam Peaty (57.37) සමත් වුනා. එහි රිදී පදක්කම නෙදර්ලන්තයේ Arno Kamminga (58.00) හට හිමි වන විට ලෝකඩ පදක්කම ඉතාලියේ Nicolò Martinenghi (58.33) විසින් දිනා ගත්තා.

Adam Peaty ©Olympics

පිරිමි 4×100M නිදහස් ආර ඉසව්වේ රන් පදක්කම මිනිත්තු 3:08.97කින් තරගය අවසන් කළ ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායම (Caeleb Dressel, Blake Pieroni, Bowe Becker සහ Zach Apple) විසින් හිමිකර ගත්තා. 

රිදී පදක්කම මිනිත්තු 3:10.11කින් තරගය අවසන් කරමින් නව ජාතික වාර්තාවක් බිහි කළ ඉතාලි කණ්ඩායමට (Alessandro Miressi, Thomas Ceccon, Lorenzo Zazzeri සහ Manuel Frigo) හිමි වුනා. ලෝකඩ පදක්කම දිනා ගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ (Matthew Temple, Zac Incerti, Alexander Graham සහ Kyle Chalmers) දක්ෂතාවය මිනිත්තු 3:10.22ක් ලෙස සටහන් වුනා. 

කාන්තා මීටර් 400 නිදහස් ආර ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ඕස්ට්‍රේලියාවේ Ariarne Titmus (3:56.69) සමත් වුනේ එම ඉසව්වේ වර්තමාන ලෝක වාර්තාවට (3:56.46) සහ ඔලිම්පික් වාර්තාවට (3:56.46) හිමිකම් කියන ඇමරිකා එක්සත් ජනපදයේ Katie Ledeckyව පරාජයට පත්කරමින්.

Ariarne Titmus ©Olympics

එම ඉසව්වේ රිදී පදක්කම Katie Ledecky (3:57.36) විසින් හිමි කර ගන්නා විට නව ආසියානු වාර්තාවක් සමඟ ලෝකඩ පදක්කම දිනා ගත්තේ චීනයේ Li Bingjie (4:01.08). Bingjie විසින් බිඳ හෙළන ලැබුවේ ඇය විසින්ම මූලික වටයේ දී පිහිටවූ මිනිත්තු 4:01.57ක වාර්තාවයි. 

කාන්තා මීටර් 100 සමනල ආර ඉසව්වේ රන් පදක්කම කැනඩාවේ Maggie MacNeil (55.59) විසින් හිමි කර ගත් අතර රිදී පදක්කම දිනා ගැනීමට චීනයේ Zhang Yufei (55.64) සමත් වුනා. ඕස්ට්‍රේලියාවේ Emma McKeon (55.72) ලෝකඩ පදක්කම දිනා ගත්තා. මෙම ඉසව්වේ වර්තමාන ලෝක වාර්තාව (55.48) සහ ඔලිම්පික් වාර්තාව (55.48) සතු කරගෙන සිටින ස්වීඩනයේ Sarah Sjöström හට හත්වැනි ස්ථානය හිමි වීම විශේෂත්වයක්. 

වෙඩි තැබීම (Shooting) 

කාන්තා skeet ඉසව්වේ අවසන් තරගයේ දී මුළු ලකුණු 56ක් වාර්තා කරගෙන නව ඔලිම්පික් වාර්තාවක් සමඟ රන් පදක්කම ජයග්‍රහණය කිරීමට ඇමරිකා එක්සත් ජනපදයේ Amber English සමත් වුනා. රිදී පදක්කම මුළු ලකුණු 55ක් රැස් කර ගත් ඉතාලියේ Diana Bacosi විසින් දිනා ගත් අතර චීනයේ Wei Meng හට ලෝකඩ පදක්කම හිමි වුනා. 

සුදුසුකම් ලබා ගැනීමේ වටයේ දී මුළු ලකුණු 124ක් වාර්තා කර ගත් Wei Meng විසින් සුදුසුකම් ලැබීමේ ලෝක වාර්තාව සම කරමින් නව සුදුසුකම් ලැබීමේ ඔලිම්පික් වාර්තාවක් බිහි කළා. පෙර සුදුසුකම් ලැබීමේ ලෝක වාර්තාව (124) සහ අවසන් තරගයේ ලෝක වාර්තාව (59) ද පවතින්නේ Wei Meng සතුවයි. 

පිරිමි skeet ඉසව්වේ රන් පදක්කම නව ඔලිම්පික් වාර්තාවක් සමඟ ජයග්‍රහණය කිරීමට ඇමරිකා එක්සත් ජනපදයේ Vincent Hancock සමත් වුනා. ඔහු විසින් අවසන් තරගයේ නියමිත වෙඩි තැබීම් වට 6 අවසානයේ මුළු ලකුණු 59ක් වාර්තා කරගත්තා. මුළු ලකුණු 55ක් රැස් කරගත් ඩෙන්මාර්කයේ Jesper Hansenට රිදී පදක්කම හිමි වන විට මුළු ලකුණු 46ක් වාර්තා කර ගත් කුවේට් රාජ්‍යයේ Abdullah Al-Rashidi හට ලෝකඩ පදක්කම හිමි වුනා.

(Vincent Hancock සුදුසුකම් ලැබීමේ වටය අතරතුර) ඡායාරූපය – olympics.com

සුදුසුකම් ලැබීමේ තරග වටයේ දී නව ඔලිම්පික් වාර්තාවක් ලෙස මුළු ලකුණු 124ක් රැස් කිරීමට සමත් වූ ප්‍රංශයේ Eric Delaunay සහ ඉතාලියේ Tammaro Cassandro හට පදක්කම් අහිමි වී යාම දවසේ විශේෂ සිදුවීමක් වුනා. 

බර එසවීම (Weightlifting) 

කාන්තා 55 kg බර පන්තිය යටතේ තරග වැදුණු පිලිපීන ජාතික Hidilyn Diaz නව ඔලිම්පික් වාර්තා දෙකක් සමඟ රන් පදක්කම ජයග්‍රහණය කළා. Diaz විසින් Snatch ක්‍රමයට කිලෝග්‍රෑම් 97ක් එසවූ අතර Clean & Jerk ක්‍රමයට නව ඔලිම්පික් වාර්තාවක් පිහිටුවමින් කිලෝග්‍රෑම් 127ක් සාර්ථකව එසවීමට සමත් වුනා. ඇය විසින් ඔසවන ලද මුළු බර ප්‍රමාණය වූ කිලෝග්‍රෑම් 224 ද නව ඔලිම්පික් වාර්තාවක් ලෙස සටහන් වුනා.

Hidilyn Diaz © REUTERS

එම ඉසව්වේ රිදී පදක්කම චීනයේ Liao Qiuyun විසින් හිමි කරගන්නා විට කසකස්තානයේ Zulfiya Chinshanlo විසින් ලෝකඩ පදක්කම දිනා ගත්තා. 

උස්බෙකිස්තානයේ Muattar Nabieva විසින් Snatch ක්‍රමයට කිලෝග්‍රෑම් 98ක් සාර්ථකව ඔසවමින් නව ඔලිම්පික් වාර්තාවක් පිහිටුවීමට සමත් වුවද සමස්ත ඉසව්වේ ඇයට හිමි වුනේ සිව්වැනි ස්ථානයයි. 

කිමිදුම් (Diving) 

පිරිමි synchronized 10 metre platform ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට මහා බ්‍රිතාන්‍යයේ Tom Daley සහ Matty Lee සමත් වුනේ පැනීම් 6ක් අවසානයේ මුළු ලකුණු 471.81ක් හිමි කරගනිමින්. සිව්වරක් (2008, 2012, 2016 සහ 2020) ඔලිම්පික් උළෙල නියෝජනය කර තිබෙන මහා බ්‍රිතාන්‍යයේ Tom Daley ජයග්‍රහණය කළ පළමු රන් පදක්කම මෙය වීම විශේෂත්වයක්. 

මුළු ලකුණු 470.58ක් වාර්තා කරගත් චීනයේ Cao Yuan සහ Chen Aisen විසින් රිදී පදක්කම හිමි කරගන්නා විට මුළු ලකුණු 439.92ක් වාර්තා කරගත් රුසියානු ඔලිම්පික් කමිටුව නියෝජනය කරන Aleksandr Bondar සහ Viktor Minibaev විසින් ලෝකඩ පදක්කම දිනා ගත්තා.

(Tom Daley සහ Matty Lee පදක්කම් ප්‍රදානයෙන් අනතුරුව)  -ඡායාරූපය – olympics.com

 තවත් අවසන් තරගවල ප්‍රතිඵල කිහිපයක් සැකෙවින්, 

  • ජූඩෝ (Judo) 

කාන්තා 57kg බර පන්තිය 

  1. රන් පදක්කම – Nora Gjakova (කොසෝවා රාජ්‍යය) 
  2. රිදී පදක්කම – Sarah-Léonie Cysique (ප්‍රංශය) 
  3. ලෝකඩ පදක්කම – Tsukasa Yoshida (ජපානය) සහ Jessica Klimkait (කැනඩාව) 

පිරිමි 73kg බර පන්තිය 

  1. රන් පදක්කම – Shohei Ono (ජපානය) 
  2. රිදී පදක්කම – Lasha Shavdatuashvili (ජෝර්ජියාව) 
  3. ලෝකඩ පදක්කම – An Changrim (දකුණු කොරියාව) සහ Tsend-Ochiryn (මොන්ගෝලියාව) 
  • කඩු හරඹ (Fencing) 

කාන්තා කේවල sabre ඉසව්ව 

  1. රන් පදක්කම – Sofia Pozdniakova (රුසියානු ඔලිම්පික් කමිටුව) 
  2. රිදී පදක්කම – Sofya Velikaya(රුසියානු ඔලිම්පික් කමිටුව) 
  3. ලෝකඩ පදක්කම – Manon Brunet (ප්‍රංශය) 

පිරිමි කේවල foil ඉසව්ව 

  1. රන් පදක්කම – Cheung Ka-long (හොංකොං) 
  2. රිදී පදක්කම – Daniele Garozzo (ඉතාලිය) 
  3. ලෝකඩ පදක්කම – Alexander Choupenitch (චෙක් ජනරජය) 
  • ටයිකොන්ඩෝ (Taekwondo) 

කාන්තා 67kg බර පන්තිය 

  1. රන් පදක්කම – Matea Jelić (ක්‍රොඒෂියාව) 
  2. රිදී පදක්කම – Lauren Williams (මහා බ්‍රිතාන්‍යය) 
  3. ලෝකඩ පදක්කම – Ruth Gbagbi (අයිවරි කෝස්ට්) සහ Hedaya Wahba (ඊජිප්තුව) 

පිරිමි 80kg බර පන්තිය 

  1. රන් පදක්කම – Maksim Khramtsov (රුසියානු ඔලිම්පික් කමිටුව) 
  2. රිදී පදක්කම – Saleh Al-Sharabaty (ජෝර්දානය) 
  3. ලෝකඩ පදක්කම – Toni Kanaet (ක්‍රොඒෂියාව) සහ Seif Eissa (ඊජිප්තුව) 
  • තුන්ප්‍රයාම (Triathlon) 

පිරිමි කේවල ඉසව්ව 

  1. රන් පදක්කම – Kristian Blummenfelt (නෝර්වේ රාජ්‍යය) 
  2. රිදී පදක්කම – Alex Yee (මහා බ්‍රිතාන්‍යය) 
  3. ලෝකඩ පදක්කම – Hayden Wilde (නවසීලන්තය) 
  • දුනු විදීම (Archery) 

පිරිමි කණ්ඩායම් ඉසව්ව 

  1. රන් පදක්කම – Kim Woo-jin, Oh Jin-hyek සහ Kim Je-deok (දකුණු කොරියාව) 
  2. රිදී පදක්කම – Deng Yu-cheng, Tang Chih-chun සහ Wei Chun-heng (චීන තායිපේ) 
  3. ලෝකඩ පදක්කම – Takaharu Furukawa, Yuki Kawata සහ Hiroki Muto (ජපානය) 
  • Canoeing 

පිරිමි Slalom ඉසව්ව 

  1. රන් පදක්කම – Benjamin Savsek (ස්ලෝවේනියාව) 
  2. රිදී පදක්කම – Lukas Rohan (චෙක් ජනරජය) 
  3. ලෝකඩ පදක්කම – Sideris Tasiadis (ජර්මනිය) 
  • බයිසිකල් ධාවනය (Cycling) 

පිරිමි cross-country ඉසව්ව 

  1. රන් පදක්කම – Tom Pidcock (මහා බ්‍රිතාන්‍යය) 
  2. රිදී පදක්කම – Mathias Flückiger (ස්විස්ටර්ලන්තය) 
  3. ලෝකඩ පදක්කම – David Valero (ස්පාඤ්ඤය) 
  • Gymnastics

පිරිමි artistic team all-around 

  1. රන් පදක්කම – රුසියානු ඔලිම්පික් කමිටුව (Denis Ablyazin, David Belyavskiy, Artur Dalaloyan සහ Nikita Nagornyy) 
  2. රිදී පදක්කම – ජපානය (Daiki Hashimoto, Kazuma Kaya, Takeru Kitazono සහ Wataru Tanigawa) 
  3. ලෝකඩ පදක්කම – චීනය (Lin Chaopan, Sun Wei, Xiao Ruoteng සහ Zou Jingyuan) 
  • මේසපන්දු (Table tennis) 

මිශ්‍ර යුගල ඉසව්ව 

  1. රන් පදක්කම – Jun Mizutani සහ Mima Ito (ජපානය) 
  2. රිදී පදක්කම – Xu Xin සහ Liu Shiwen (චීනය) 
  3. ලෝකඩ පදක්කම – Lin Yun-ju සහ Cheng I-ching (චීන තායිපේ) 

2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ තෙවැනි දිනය (26) අවසන් වන විට පදක්කම් ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය සත්කාරක ජපානය විසින් හිමි කරගෙන තිබෙන්නේ රන් පදක්කම් 8ක්, රිදී පදක්කම් 2ක් සහ ලෝකඩ පදක්කම් 3ක් සමඟින්. 

දෙවැනි ස්ථානය රන් පදක්කම් 7ක්, රිදී පදක්කම් 3ක් සහ ලෝකඩ පදක්කම් 4ක් දිනාගෙන තිබෙන ඇමරිකා එක්සත් ජනපදයට හිමිව තිබෙනවා. ඊයේ (25) දිනය අවසානයේ පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට සමත් වූ චීනයට රන් පදක්කම් 6ක්, රිදී පදක්කම් 5ක් සහ ලෝකඩ පදක්කම් 7ක් සමඟින් හිමිව ඇත්තේ තෙවැනි ස්ථානයයි.හෙට (27) දිනයේ දී ද මෙවර ඔලිම්පික් උළෙලේ පදක්කම් සඳහා වන අවසන් තරග 22ක් පැවැත්වීමට නියමිතයි.  

Olympic Medal Tally - 26th32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙල ආවරණය කරන්නට ThePapare.com අපිත් ටෝකියෝවට ගොස් අවසන්. ඔලිම්පික් ක්‍රීඩා පුවත් ඇතුළු තරගාවලියේ සිරි අසිරිය ඡායාරූප, වීඩියෝ ඔස්සේ ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අපි සූදානම්. රැඳී සිටින්න ThePapare.com අපි සමඟින්ම. 

>> 32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙලේ සියලුම තොරතුරු <<