ටෝකියෝ මැරතන් තරගයට නව දිනයක්

162
Behrouz Mehri/Agence France-Presse — Getty Images

2021 වසරේ මාර්තු මාසයේ දී පැවැත්වීමට නියමිතව තිබූ සුප්‍රකට ටෝකියෝ මැරතන් තරගය පැතිර යන කොරෝනා වසංගතය නිසාවෙන් ලබන වසරේ (2021) ඔක්තෝබර් මාසය දක්වා කල්දැමීමට එහි සංවිධායකයින් තීරණය කර ඇත.

ඒ අනුව 2021 මාර්තු මස 07 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ මැරතන් තරගය මාස හතක කාලයක් පසුපසට දමමින් 2021 ඔක්තෝබර් 17 වැනිදා පැවැත්වීමට නියමිතව ඇති අතර එම මැරතන් තරගයට ද සුපිරි කාණ්ඩයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පමණක් සහභාගි වීමට අවස්ථාව හිමිවනු ඇත.

කොරෝනා වසංගත ව්‍යාප්තියට අමතරව, මෙම වසරේ පැවැත්වීමට නියමිතව තිබූ නමුත් ලබන වසර තෙක් කල් දැමුණු ගිම්හාන ඔලිම්පික් තරගාවලිය ද මෙම මැරතන් තරගයේ දින වෙනස් කිරීමට හේතුවක් වී ඇති අතර එය පිළිබඳව දැනුම් දෙමින් ටෝකියෝ මැරතන් තරගයේ සංවිධායකයින් ප්‍රකාශ කර සිටියේ මීළඟ තරගාවලිය සඳහා සූදානම් වීමේ දී තම පදනම මෙම කොරෝනා වසංගත තත්වය පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ බවයි. 

“මීළඟ මැරතන් තරගාවලියට සූදානම් වීමේ දී අප පදනම පැතිර යන කොරෝනා වසංගත තත්වය පිළිබඳව විශේෂ අවදානමක් යොමු කර සිටියා, එමෙන්ම පසුගිය තරගාවලිය සහ ඉදිරි තරගාවලිය පැවැත්වීමේ දී සංවිධායක මණ්ඩලයේ තීරණයන්ට සහය දක්වමින් උපකාර කළ සියල්ලන්ටම අපගේ ස්තුතිය පුද කර සිටිනවා” යැයි වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.

තවත් මලල ක්‍රීඩා පුවත්:

ලොව ප්‍රමුඛ පෙළේ මැරතන් තරග අතරින් එකක් වන සුප්‍රකට ටෝකියෝ මැරතන් තරගය මෙම වසරේ කලින් නියම කළ දිනයන්ට පැවැත්වූ එකම මැරතන් තරගය වූ අතර පැතිර ගිය කොරෝනා වසංගත තත්වය යටතේ එම තරගාවලිය ද සුපිරි ක්‍රීඩක කාණ්ඩයට පමණක් සීමා කර පැවැත්වීමට ඔවුන් පියවර ගෙන තිබුණි.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<