ධනුෂ්ක ගුණතිලකට ආබාධයක්; වෙනත් අයෙක් සංචිතයට

5570

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක, ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ඊයේ (12) දිනයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම පවත්වන ලද පුහුණු සැසියක් අතරතුර කොන්ද ආශ්‍රිත ආබාධයකට ලක්ව ඇත.

චන්දිමාල්ට ආසියානු කුසලානය මඟ හැරේ

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක මෙන්ම මැදපෙළ පිතිකරු

14 වන වරටත් පැවැත්වෙන 2018 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩා කරනු ලබන ශ්‍රී ලංකා සංචිතය සැප්තැම්බර් මස පළමු වැනිදා නිකුත් කළ අතර ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත සංචිතයේ අතිරේක ක්‍රීඩකයෙක් ලෙස සිටි ශෙහාන් ජයසූරිය, ධනුෂ්ක ගුණතිලක වෙනුවට ශ්‍රී ලංකා සංචිතයට එකතු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික තේරීම් කමිටුව තීරණය කර ඇත.

“ඊයේ තිබ්බ පුහුණු වීම් අතරතුර ධනුෂ්ක ගුණතිලක ආබාධයකට ලක්වුනා. ඔහුගේ කොන්දේ ආශ්‍රිතව තමා මේ ආබාධය වෙලා තියෙන්නේ. ඒක නිසා ශෙහාන් ජයසූරියව ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් කිරීමට අපේ තේරීම් කමිටුව තීරණය කරලා තියෙනවා.” යැයි ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු වන චරිත සේනානායක මහතා ThePapare.com වෙත පවසන ලදි.

ආසියානු කුසලාන තරගාවලියට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය 11 වැනිදා රාත්‍රියේ දී දිවයිනෙන් පිටත්ව ගිය අතර මේ මස 15 වැනිදා ආරම්භ වන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය සහ හොංකොං යන රටවල් සහභාගී වේ.

ඉන්දීය පන්දු රැකීමේ සහය පුහුණුකරු තනතුර ශ්‍රී ලාංකිකයෙක්ට

ශ්‍රී ලංකා A කණ්ඩායමේ පන්දු රැකීමේ හිටපු පුහුණුකරු වන නුවන් සෙනෙවිරත්න

එසේම පසුගිය දා  නිමාවට පත්වූ ‘SLC T20’ අන්තර් පළාත් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තරගයක් අතරතුර කොළඹ කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් උඩ පන්දුවක් රැක ගැනීමට යෑමේ දී පන්දුවක් අතේ වැදීම නිසා ඔහුගේ මැද ඇඟිල්ලේ ආබාධයකට ලක්වූ නිසා ඔහුට ද ආසියානු කුසලානය සඳහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව මඟ හැරී ගියේය. ඒ නිසාවෙන් කඩුලු රකින පිතිකරු නිරෝෂන් දික්වැල්ලව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඇතුලත් කළේය.

ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් සංචිතයට එකතු වන ශෙහාන් ජයසූරිය අද (13) රාත්‍රියේ දී දිවයිනෙන් පිටව ගොස් ඩුබායි හි සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා එකතු වීමට අපේක්ෂාවෙන් සිටියි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<