IOC ලොක්කෙකුගෙන් මීළඟ ඔලිම්පික් උළෙලට සහතිකයක්

118
Tokyo 2020 Olympics

පැතිර යන කොරෝනා වසංගත තත්වය නිසාවෙන් ලබන වසර දක්වා කල් දැමූ 32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙල එළඹෙන වසරේ දී කොරෝනා අවදානම සහිතව වූවද පැවැත්වීමට කටයුතු කරන බව ඔලිම්පික් කමිටු උපසභාපති John Coates පසුගිය දා ප්‍රකාශ කරන ලදි.

AFP වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් Coates වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ, ලබන වසරේ තරගාවලියට නරඹන්නන් සහභාගි කරගැනීම පිළිබඳව තවමත් නිශ්චිත තීරණයක් ගෙන නොමැති අතර සීමිත පිරිසකට හෝ තරගාවලිය නැරඹීමට අවස්ථාව හිමි වනු ඇති බවත්, මෙම තරගාවලිය කොරෝනා වසංගත පරාජය කළ තරගාවලියක් වනු ඇති බවත් ය.

තවත් මලල ක්‍රීඩා පුවත්:

“එම තරගාවලිය කොරෝනා වසංගතය සහිත තත්වයක වූවත් පවත්වන්න සූදානම්, තරගාවලිය ලබන වසරේ ජූලි 23 වැනිදා ආරම්භ වනවා. බොහෝ විට මෙම තරගාවලිය කොරෝනා පරාජය කළ තරගාවලියක් වේවි.

තරගාවලිය කල් යෑමට පෙර ඔලිම්පික් කමිටු සභාපති Thomas Bach ප්‍රකාශ කළා මෙම තරගාවලියේ සූදානම විශිෂ්ට බව, එය සැබෑවක්, වැඩ කටයුතු බොහොමයක් අවසන්. ඔලිම්පික් ගම්මානය ද සිත් ඇදගන්නා සුළුයි, එය සෑම අතින්ම අංගසම්පූර්ණයි.

තවද අපි (අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව) සූදානම් මේ වසර තුළ දී ආදායම් නොලැබුණු අන්තර්ජාතික ක්‍රීඩා සංගම් සඳහා උපකාර කිරීමට, අපි එම සංගම් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 800ක මුදලක් වෙන් කර අවසන්” යැයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.

මෙම වසරේ ජූලි මස 24 වැනිදා පැවැත්වීමට නියමිත තිබූ 2020 ගිම්හාන ඔලිම්පික් උළෙල කොරෝනා වසංගතයේ ව්‍යාප්තියත් සමඟ ලබන වසර දක්වා කල් දැමීමට සංවිධායකයින් තීරණය කළ අතර මෙම වයිරසය සඳහා නිශ්චිත එන්නතක් සොයාගැනීමට අසමත් වුවහොත් ලබන වසරේ ද තරගාවලිය අවලංගු විය හැකි බවට ද විවිධ මත පලවී තිබුණි.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<