වසර පහක නිහැඬියාවකට පසුව ශූරතාවය ධර්මාශෝකයට

1087

අම්බලන්ගොඩ ධර්මාශෝක සහ අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද දෙවිදුහල් අතර 51 වැනි වරටත් සංවිධානය කරන ලද සුනිල සංග්‍රාම මහා ක්‍රිකට් තරගය අද (02) කඩුලු 6කින් ජයග්‍රහණය කිරීමට ධර්මාශෝක විද්‍යාලය සමත් විය.

අවසන් වරට 2013 වර්ෂයේ දී මහා ක්‍රිකට් තරගයක් ජයග්‍රහණය කළ ධර්මාශෝක විද්‍යාලය මෙවර සිය සිහිනය සැබෑවක් කරගනිමින් වාර්තා කළ ජයග්‍රහණයත් සමඟින් ඔවුන්ගේ මහා ක්‍රිකට් තරග ඉතිහාසයේ 11 වැනි ජයග්‍රහණය ලබා ගැනීමට සමත් විය.

ටිරෝන් ප්‍රනාන්දු පිටියේ අද දෙවැනි දිනයට තරගය ආරම්භ කරන විට අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය ප්‍රතිවාදී ශ්‍රී දේවානන්ද විද්‍යාල පළමු ඉනිමට වඩා ලකුණු 15ක් ඉදිරියෙන් පසුවිය.

කවිඳු, නිමේෂ් ධර්මාශෝකයට ප්‍රථම දිනයේ වැඩි ගෞරවය දිනා දෙයි

අම්බලන්ගොඩ පුරවරයේ සුප්‍රසිද්ධ පාසල් ද්විත්වයක් වන ධර්මාශෝක විද්‍යාලය හා ශ්‍රී දේවානන්ද විද්‍යාලය අතර 51 …

දිනයේ පළමු කඩුල්ල ලෙස 6 පහර දෙකක් හා 4 පහර පහක් සමඟ ලකුණු 54ක් ලබාගෙන සිටි නායක නිමේෂ් මෙන්ඩිස් දැවී ගියේ සඳුන් ද සොයිසා එවූ පන්දුවකට සසිඳු අතට උඩ පන්දුවක් ලබා දෙමිනි.

එතැන් සිට ධර්මාශෝක විද්‍යාල පළමු ඉනිමේ අවසන් කඩුලු 5 ලකුණු 45ක් ඇතුළත දවා ගැනීමට දකුණතින් මඳ වේගපන්දු යවන සඳුන් ද සොයිසා ඇතුළු දේවානන්ද ක්‍රීඩකයින් සමත් විය.

කෙසේ නමුත් මැදපෙළ හා පසුපෙළ සවිමත් කරමින් ඉවසිලිමත්ව පිතිකරණයේ නිරත වූ වමතින් පිත්ත හසුරුවන ලොහාන් ද සොයිසා 4 පහර දෙකක් සමඟ ලකුණු 21කට දැවී ගියේය.

අවසානයේ ධර්මාශෝක පළමු ඉනිම ලකුණු 231කට සීමා වූයේ පන්දුවාර 62යි පන්දු 2ක් තුළයි. පන්දු යැවීමේ දී සඳුන් ද සොයිසා කඩුලු 4ක් දවා ගන්නා විට දසුන් හා කවිඳු අතරේ කඩුලු 3 බැගින් බෙදී ගියේය.

මේ මහා සංග්‍රාම නිමා වුනේ මෙහෙමයි; කියවන්න

ලකුණු 64ක පළමු ඉනිමේ අවාසියක් අතැතිව පිටියට පිවිසි ශ්‍රී දේවානන්ද විද්‍යාල ආරම්භක පිතිකරුවන් දෙදෙනා වන සමිත් මදුශාන් හා සසිඳු ද සිල්වා හට පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩ නැංවීමට හැකි වූයේ ලකුණු 14ක සබඳතාවයක් පමණි.

ශ්‍රී දේවානන්ද විද්‍යාල දෙවන ඉනිමේ දෙවන කඩුල්ල ද ලකුණු 25ක් වන විට දැවී ගියේය. අනතුරුව පිටියේ එක්වූ සොහාන් ද ලිවේරා හා නිමේෂ් ද සිල්වා පළමු ඉනිමේ දී ගොඩනැංවූවා සේම දෙවන ඉනිමේ දී ද ලකුණු 44ක සබඳතාවයක් තෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනංවන ලදි. 4 පහර 3ක් සමඟ ලකුණු 22ක් ලබා සිටි සොහාන් උශාන් ඉමන්තගේ පන්දුවක් හමුවේ කවිඳු නදීශාන් වෙතට උඩ පන්දුවක් ලබා දෙමින් දැවී යාමත් සමඟ ශ්‍රී දේවානන්ද විද්‍යාල දෙවන ඉනිමේ කඩා වැටීම ආරම්භ විය.

එහි ප්‍රතිඵලයක් ලෙස දේවානන්ද විද්‍යාල දෙවන ඉනිම ලකුණු 142කට සීමා විය. එම ඉනිමේ දී ද දේවානන්ද විද්‍යාල මැදපෙළ හා පසුපෙළ පිතිකරුවන් අවම ලකුණකට දැවී යාම කැපී පෙණින.

පන්දු යැවීමේ දී දක්ෂ ලෙස පන්දු යැවූ දකුණතින් දඟපන්දු යවන ලොහාන් ද සොයිසා ලකුණු 28ක් තුළ කඩුලු 4ක් දවා ගත්තේ දේවානන්ද ඉනිම සුනුවිසුනු කරමිනි.

කුසල් රට පෙරට තබා IPL අතහරී

ප්‍රවේගකාරී ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා ඉන්දීය ප්‍රිමියර් ලීග් කොන්ත්‍රාත්තුව …

ලකුණු 79ක පහසු ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාල ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ලකුණු 45ක් වෙද්දී ක්‍රීඩාගාරයට හරවා යැවීමට දේවානන්ද විද්‍යාල පන්දු යවන්නන් සමත් විය. කෙසේ නමුත් චමිඳු ඩිල්ශාන් හා එක්වූ සචින් සංගීත්ගේ පිතිකරණය නිසාවෙන් ධර්මාශෝක විද්‍යාලයට ලැබුණු ලකුණු 79 ඉලක්කය සාර්ථකව හඹා යාමට හැකි විය. නමුත් අවසන් ජයග්‍රාහී ලකුණ ලබා ගැනීමට පෙර ධර්මාශෝක විද්‍යාල ක්‍රීඩකයින් අතින් වූ යම් අත්වැරදීමක් නිසා ජයග්‍රහණය කලින්ම සැමරීමක් දක්නට ලැබුණ ද අවසානයේ තරග විනිසුරුවරුන් විසින් නැවතත් තරගය ක්‍රියාත්මක කළේය. තරගයේ සැබෑ ජයග්‍රහණය රඳා පැවති එම එක් ලකුණ ලබාගත් ධර්මාශෝක විද්‍යාලය තරගයේ නියම ජයග්‍රහණය සමරන්නට වාසනාවන්ත විය.

පන්දු යැවීමේ දී ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ සඳුන් ද සොයිසා ලකුණු 19කට කඩුලු 2ක් දවා ගන්නා ලදි.

ශ්‍රී දේවානන්ද විද්‍යාලය පළමු ඉනිම – 167 (44.2): සොහාන් ද ලිවේරා 56, නිමේෂ් ද සිල්වා 42, සසිඳු ද සිල්වා 19, අකිල මෙන්ඩිස් 3/23, ලොහාන් ද සිල්වා 2/00, නවීන් රසාංග 2/26, දිනුක ඩිල්ශාන් 2/41.

ධර්මාශෝක විද්‍යාල පළමු ඉනිම –  231 (62.2): කවිඳු නදීශාන් 56, නිමේෂ් මෙන්ඩිස් 54, උශාන් ඉමන්ත 41, ලොහාන් ද සිල්වා 21, සඳුන් ද සොයිසා 4/55, දසුන් ද සිල්වා 3/39, කවිඳු රාජපක්ෂ 3/67.

ශ්‍රී දේවානන්ද විද්‍යාල දෙවන ඉනිම – 142 (52.4): නිමේෂ් ද සිල්වා 37, සචිදු උද්දීපන 29, සොහාන් ද ලිවේරා 22, ලොහාන් ද සොයිසා 4/28, නිමේෂ් මෙන්ඩිස් 3/27.

ධර්මාශෝක විද්‍යාල දෙවන ඉනිම – 79/4 (15): උශාන් ඉමන්ත 22, සඳුන් ද සොයිසා 2/19.

සම්මාන ප්‍රදානෝත්සවය,

  • තරගයේ වීරයා – නිමේෂ් මෙන්ඩිස් (ධර්මාශෝක විද්‍යාලය)
  • දක්ෂතම පිතිකරු – කවිඳු නදීශාන් (ධර්මාශෝක විද්‍යාලය)
  • දක්ෂතම පන්දු යවන්නා – ලොහාන් ද සොයිසා (ධර්මාශෝක විද්‍යාලය)
  • දක්ෂතම පන්දු රකින්නා – සොහාන් ද ලිවේරා (ශ්‍රී දේවානන්ද විද්‍යාලය)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<