T20 ලෝක කුසලානයට ප්‍රවේශපත්‍ර නිකුත් කරයි

1161

ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වීමට නියමිත 2022 විස්සයි විස්ස ලෝක කුසලානයේ ප්‍රවේශ පත්‍ර නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මේ වසරේ ඔක්තෝබර් 16 වැනිදා සිට නොවැම්බර් 13 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත ක්‍රිකට් ලෝක කුසලානයේ ප්‍රවේශ පත්‍ර දැන් සිටම ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට මිල දී ගත හැකියි.

t20worldcup.com යන වෙබ් අඩවිය ඔස්සේ තරග සඳහා ප්‍රවේශ පත්‍ර මිල දී ගත හැකි අතර මෙවර තරගාවලියේ අවසන් මහා තරගය පැවැත්වෙන්නේ නොවැම්බර් 13 වැනිදා මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දීයි.

පළමු වටය හා සුපිරි 12 වටය සඳහා දරුවන් වෙනුවෙන් ප්‍රවේශ පත්‍රයක් ඇමරිකානු ඩොලර් 5ක මුදලකට මිල දී ගත හැකි අතර වැඩිහිටියන්ට ප්‍රවේශ පත්‍රයක් ඩොලර් 20ක සිට මිල දී ගත හැකි.

මේ විස්සයි විස්ස ලෝක කුසලානයක් ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන පළමු අවස්ථාව වන අතර Adelaide, Brisbane, Geelong, Hobart, Melbourne, Perth, හා Sydney යන නගරවල දී තරග පැවැත්වීමට නියම කර තිබෙනවා.

“ICC විස්සයි විස්ස ලෝක කුසලානය විශිෂ්ට සංදර්ශනයක් වනු නොඅනුමානයි. අපේ රටේ ප්‍රේක්ෂකයින් ඉදිරිපිට ලෝක කුසලානය ආරක්ෂා කර ගැනීමට සටන් වැදීමට ලැබීම ගෞරවයක්”, ඕස්ට්‍රේලියානු නායක Aaron Finch පවසා සිටියා.

හොඳම ක්‍රීඩකයින් ඉන්න හොඳම කණ්ඩායම් ගොඩක් ඕස්ට්‍රේලියාවට එනවා. ඕස්ට්‍රේලියානු ප්‍රේක්ෂකයින්ට ලෝකයේ හොඳම ක්‍රීඩකයින් දැක බලා ගන්නට මේක හොඳ අවස්ථාවක්.”

Times Of India ඇසුරින්

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<