වර්ෂාවෙන් තරගවලට බාධා වෙද්දී පන්දු යවන්නෝ කඩුලු දඩයමක

143

පාසල් කෙළිමඬල කාර්යබහුල කරන 2018/19 සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ දෙදින තරගාවලියේ තරග රැසක් අද (5) ආරම්භ වෙද්දී, මහනුවර සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය හා කොළඹ මහානාම විද්‍යාල තරගය වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා ජය පරාජයෙන් තොරව අවසන් වුනා.

කන්ද උඩරට උණුසුම් කළ සාන්ත තෝමස් විද්‍යාලයට වැඩි වාසිය

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ දෙදින පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තවත් තරග කිහිපයක් අද (4) පැවැත්වූ අතර ඒ තරග අතරින් පළමු ඉනිමේ ජයග්‍රහණයක් තහවුරු කර ගැනීමට ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සමත් වුනා.

මහනුවර සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය හා කොළඹ මහානාම විද්‍යාලය

හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී සුහද තරගයක් ලෙස ඊයේ (4) මෙම තරගය ආරම්භ වූ අතර තරගයේ දෙවන දිනය වූ අද නියමිත පරිදි තරගය ආරම්භ කිරීමට දිගින් දිගටම ඇදහැළුණු වර්ෂාව අවස්ථාව ලබා දුන්නේ නැහැ.

දහවල් 1ට ක්‍රීඩා කිරීමට උචිත තැනකට ක්‍රීඩා පිටිය පත්වූ නිසා තරගය ආරම්භ වූ අතර මහානාම විද්‍යාලය කඩුලු 2ක් දැවී ලකුණු 43ක් ලබාගෙන සිටිය දී තරගයට නැවතත් වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා තරිඳු තෙඹුවන හා ලීලානන්ද කුමාරසිරි යන පිටියේ විනිසුරුවරුන් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට කටයුතු කළා.

මහානාම විද්‍යාලයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලකුණු 173ක් ලබා ගත්තා. එහි දී වමතින් පිතිකරණයේ නිරත වන මනෝහරන් පවිත්‍රන් වර්ණවත් පිතිකරණයක නිරත වෙමින් ලකුණු 92ක් ලබාගෙන ශතකය පෙනෙන මානයේ දී දැවී ගියා. ධනුක නිම්මාන කඩුලු 4යි.

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාල පළමු ඉනිම  – 173 (94): මනෝහරන් පවිත්‍රන් 92, මලීශ සිල්වා 24, ධනුක නිම්මාන 4/35.

මහානාම විද්‍යාල පළමු ඉනිම – 43/2 (19):  

පළමු පුහුණු තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අසරණ වේ

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවති විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ දී කඩුලු 6ක පහසු ජයක් ලබා ගැනීමට නවසීලන්ත ක්‍රීඩිකාවෝ අද (05) සමත්…

කෝට්ටේ ජනාධිපති විද්‍යාලය හා කොළඹ ලුම්බිණි විද්‍යාලය

B කාණ්ඩයේ තරගයක් වූ මෙම තරගය කොළඹ බී. ආර්. සී පිටියේ දී ක්‍රියාත්මක වූ අතර තරගයේ පළමු දිනය වූ අද (5) දිනයේ දී ක්‍රියාත්මක කිරීමට ලැබුණේ පන්දුවාර 35කුත් පන්දු 4ක් පමණි.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් ලුම්බිණි විද්‍යාලය ප්‍රතිවාදීන් වූ ජනාධිපති විද්‍යාලයීය පළමු ඉනිම ලකුණු 67කට සීමා කළා. එහි දී වමතින් පා දඟපන්දු යවන රවිෂ්ක විජේසිරි ලකුණු 8කට කඩුලු 5ක් දවා ගත්තා. සිතුම් දිසානායක කඩුලු 2යි.

එම ඉනිමට පිළිතුරු ලෙස පළමු ඉනිම ආරම්භ කළ ලුම්බිණි විද්‍යාලය කඩුලු 5ක් දැවී ලකුණු 42ක් ලබාගෙන සිටිය දී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා තරගයේ පළමු දිනය නිමා කිරීමට විනිසුරුවන් කටයුතු කළා.

ජනාධිපති විද්‍යාල පළමු ඉනිම – 67 (25.1): ඉරංග හෂාන් 16, රවිෂ්ක විජේසිරි 5/08, සිතුම් දිසානායක 2/18.

ලුම්බිණි විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 42/5 (10.3): දුශාන් ප්‍රනාන්දු 22, කසුන් මලින්ද 3/05.

කෝලිගේ වාර්තාවක් බිඳවැටේ

ඉන්දියානු ක්‍රිකට් නායක විරාත් කෝලි සතුවූ වාර්තාවක් බිඳ හෙලීමට පාකිස්තානු ජාතික බාබර් අසාම් සමත්ව තිබේ. ‘ජාත්‍යන්තර 20-20 තරග රටාවේදී අඩුම ඉනිම ගණනකින් ලකුණු 1000 සීමාව පසුකළ පිතිකරුවා’ නම් වාර්තාව එයයි.

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය හා ගාල්ල මහින්ද විද්‍යාලය

සුහද තරගයක් ලෙස පන්නිපිටිය ධර්මපාල විද්‍යාල පිටියේ පැවති මේ තරගයේ පළමු දිනය අවසන් වෙද්දී පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි මහින්ද විද්‍යාලය කඩුලු 2ක් දැවී ලකුණු 5ක් ලබාගෙන සිටියා.

මහින්ද විද්‍යාලයේ ආරාධනයෙන් පළමුව පිටියට ආ සංචාරක ධර්මපාල ක්‍රීඩකයෝ පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලකුණු 137ක් ලබා ගත් අතර එහි දී ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ දකුණතින් පිත්ත හසුරුවන සංචන ලංකා ලකුණු 44ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී සුපිරි පන්දු යැවීමක නිරත වූ කුෂාන් මධූෂ ලකුණු 51කට කඩුලු 6ක් දවා ගනිමින් ධර්මපාල පිතිකරුවන්ව පාලනය කළා.

ධර්මපාල විද්‍යාල පළමු ඉනිම – 137 (66.5): සංචන ලංකා 44, චමිඳු සමරසිංහ 23, කුෂාන් මධූෂ 6/51

මහින්ද විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 5/2 (8):

සාන්ත සෙබස්තියන් විද්‍යාලය හා කොළඹ රාජකීය විද්‍යාලය

දුනිත් ජයතුංගගේ හා ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ නුවනිඳු ප්‍රනාන්දුගේ පිතිකරණ විලාසයෙන් වර්ණවත් වූ මේ තරගය රාජකීය විදුහල් පිටියේ දී පැවැත්විය.

කාසියේ වාසිය දිනා ගත් රාජකීය විද්‍යාලය සාන්ත සෙබස්තියන් විද්‍යාලයට ඔවුන්ගේ පළමු ඉනිම ක්‍රියාත්මක කිරීමට අවසර ලබා දුන් අතර අයහපත් කාලගුණ තත්වය නිසා තරගයේ පළමු දිනය නවතා දමන විට සාන්ත සෙබස්තියන් විද්‍යාලය කඩුලු 4ක් දැවී ලකුණු 102ක් ලබාගෙන සිටියා. පන්දු යැවීමේ දී රාජකීය විද්‍යාලයේ වමතින් දඟපන්දු යවන මනුල පෙරේරා ලකුණු 27කට කඩුලු 2ක් සිය කඩුලු ගොන්නනට එකතු කරගත්තා.

සාන්ත සෙබස්තියන් විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 102/4 (32.1): දුනිත් ජයතුංග 42, නුවනිඳු ප්‍රනාන්දු 32, මනුල පෙරේරා 2/27

පළමු දිනයට ක්‍රියාත්මක වූ තරග හෙට (6) දෙවන දිනයටත් ක්‍රියාත්මක වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<